මේ රටක් අලු මතින් නැගී සිටි සතියක පුනරාවර්ජනයයි !!!

මේ ගෙවී යන්නේ අපේ රට දශක කිහිපයක් පසු පසට ඇද දමනු ලැබ තිබූ යුගයක් අවසන් කරනු ලැබූ දින කිහිපයක වසරක සැමරුමයි. එහෙත් අපට දැන්මම අමතක වී ඇති මේ අභිමානවත් දින කිහිපය එලෙස අමතක කරන්නට නොහැකි වන ලෙස සොබා දහම පාඩමක් උගන්වා ඇත. ඒ තම ඉතිහාසය අමතක කර ඇති මේ රටේ පාදඩ සිංහලයන් අටෝ රාශියක් හට කරනු ලබන සිහිකැඳවීමක් වැන්න. අතපය දිගහැර නිදා වැටෙන්නට පළමු අපට කළ යුතු කාර්යයන් රාශියක් ඇති බව අමතක නොකළ යුතු යි. ඇත්ත ය. අපට තවත් කළ යුතු බොහෝ දේ ඇත. ඒ අපේ රටේ අනාගත පරපුර වෙනුවෙනි.

මේ යුද්ධය ජයග්රා.හීව නිම කරන්නට දායකත්වය දැක්වූ හා මෙහෙයවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රෝමුඛ රජයටත් එය ජයග්රා.හීව නිම කළ ආරක්ෂක හමුදාවන්ටත් උපහාරයක් පිණිස මේ සටහන ලියා තබමි.

බහිරාමුවාට අනුව අප සමරන්නේ මරණ ය. එය ඇත්තකි. සාමන්යි බුද්ධියක් තිබෙන ඕනම ඔලමොට්ටලයෙකු හට තේරුම් යන කාරණය නම් ත්රමස්තවාදී ක්රිතයා අවසන් කළ හැක්කේ රාජ්යි බලය යොදවා කෙරෙන මෙහෙයුමකින් පමණක් බවයි. එහෙත් ඒ මරණය (ප්රාභාකරන්ගේ හා අනෙකුත් නායකයන්ගේ) අප සමරනු නොලබන බවත් අපට වඩාත් වැදගත් වන්නේ ජයග්රතහණය විඳ ගැනීමයි. එක් අයෙකුගේ මරණය ගැන මේ හැටි කඳුලු සලන බහිරාමුවාගේ කට්ටිය මේ මරණ විසින් බේරා ගන්නා ලද ජීවිත සංඛ්යායව ගැන කල්පනා නොකරන්නේ ඇයි.

ඒ තවමත් ඔවුනට පැවරූ රාජකාරිය නිසියාකාරව අහවර නැති ව ඇති හෙයිනි.

ඒනිසා අපගේ අවධානයත් තවමත් ‍බිඳී නොමැත.

අවදියෙන් සිටින්න. අභියෝග නිවැරදිව හඳුනා ගන්න. ක්රි යාත්මක වන්න.

මේ නිදා වැටීමට කාලය නොවේ.

‍සොබා දහම අපට කියා දෙන්නේ ද එයයි.

තවමත් අවසන් නැති ඊළම් නාටකය

අද (මැයි 20) දිවයින පුවත්පතින් උපුටා ගත්තකි …

ඊළාම් නාඩගම්

සුඩාන අරගලය සඳහා ඇමරිකාව විස්‌මයජනක ලෙස සහාය දැක්‌වූවා. ඇමරිකාව නැතුව අපට කටයුතු කළ හැකි යෑයි මා සිතන්නේ නැහැ. ඔවුන් අපිට වැඩියෙන් ම උදව් කළා. මට යළිත් වරක්‌ ඔවුන්ට ස්‌තුතිය පුද කරන්න අවශ්‍යයි. ලබන වසරෙ ස්‌වාධීන රාජ්‍යයක්‌ අපට බිහි වනු ඇතැයි මම විශ්වාසය තබනවා.

-සුඩාන ජනතා විමුක්‌ති පෙරමුණේ ඇමරිකානු නියෝජිත ඩෝමාච් වැල් රුච්

“U.S.A. had done magnificent help to sudanese. I dont think that we could have done this without the united states of America – They hepled us so much. I want to thank them once again. We are hopeful in January next Year. We will be an Independent state – Domach wal ruach – Sudan Peoples Liberation Front

රටවල් දෙකඩ කරන සැබෑ සතුරා කව්දැයි සනාථ කිරීමට සාක්‍ෂි මුළු ලොව හමුවේම ප්‍රදර්ශනය කරන්නේ බෙදුම්වාදය ක්‍රියාත්මක කරන සංවිධානය පසුගිය සඳුදා ඇමරිකාවේ පිලයෙල් වියානා හි ජාතික ව්‍යවස්‌ථා මධ්‍යස්‌ථානයේ පැවැති කොටි ත්‍රස්‌තයන්ගේ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති හොර ආණ්‌ඩුව ස්‌ථාපිත කිරිමේ උත්සවය ඇමතූ සුඩානය දෙකඩ කිරීමට උත්සාහ කරන ප්‍රධාන විමුක්‌ති සංවිධානය නමැති බෙඳුම්වාදී සංවිධානයේ ඇමරිකානු ඒජන්ත ඩෝමාච් වැල් රුච් ඇමරිකාවේ අබිරහස්‌ ක්‍රියාමාර්ගය හෙළි කළේය. තම සංවිධානයේ නායකයාට විශාල හමුදාවක්‌ ඇති නමුත් හමුදාමය වශයෙන් ජයගත නොහැකි යෑයි පැවසූ හෙතෙම සුඩාන අරගලයට ඇමරිකාව විශාල වශයෙන් උදව් කරන බව පිළිගත්තේය.

ඇමරිකාව නැතිව අපට අරගලය ගෙන යැමට නොහැකි බවටත්, ලබන වසරේදී සුඩානය තුළ වෙනම රටක්‌ බිහිවන බවටත් හෙතෙම අනාවැකි පළකළේය.

මේ නිසා ඇමරිකාවේ ෙද්‍ර`හී ක්‍රියා පිළිවෙතට තවදුරටත් සාක්‍ෂි කුමකටද?

කොටින්ට එරෙහිව යුද්ධය ජයගත නොහැකි බව ප්‍රසිද්ධියේ පැවසුවේ මෙරට සිටි ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ ය.

කොටි පරදින බව දැනගත් බ්ලේක්‌ හා ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව චාලි හෙවත් හර්කියුලස්‌ යානාවකින් ඇමරිකානු ශාන්තිකර මූලස්‌ථානයේ ගලවා ගැනීමේ යෙදෙන හමුදා කණ්‌ඩායමක්‌ එවා ප්‍රභාකරන් ඇතුළු කොටි නායකත්වයේ සියයක්‌ ත්‍රස්‌තයන් නැව් මගින් මුදා ගැනීමට උත්සාහ කළහ.

මේ හර්කියුලස්‌ යානාව කටුනායක ගුවන් තොටුපලට එන බව ශ්‍රී ලංකා රජයට දන්වනු ලැබුවේ එය හවායි සිට ගුවන්ගත වීමෙන් පසුවය.

එහෙත් රොබට්‌ බ්ලේක්‌ගේ කොටි බේරාගැනීමේ සැලසුම ව්‍යර්ථ විය. එහෙත් ඇමරිකාව පවසන්නේ කොටි සංවිධානය තහනම් කර ඇති බවය. කොටි සංවිධානය තහනම් නම් ප්‍රභාකරන්ලාව බේරා ගැනීමට බ්ලේක්‌ උත්සාහ කළේ ඇයි?

දැන් ඇමරිකාවේ දෙබිඩි රංගනය සනාථ වී ඇත. ඇමරිකානු කොටි ඒජන්ත රුද්රකුමාරන් පිලඩෙල්ෆියා නගරයේ ජාතික ව්‍යවස්‌ථා මධ්‍යස්‌ථානයේදී රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමින් හොර ආණ්‌ඩුවක සමාරම්භක උත්සවය පැවැත්වූයේ කොටි ත්‍රස්‌තවාදී ධජය ප්‍රදර්ශනය කරමිනි.

මේ සමාරම්භක උත්සවය ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් පෙනී සිටි ඇමරිකානු හිටපු නීතිපති රැම්සේ ක්‌ලාක්‌ සහ සුඩාන ප්‍රධාන බෙදුම්වාදී සංවිධානයේ ඇමරිකානු ඒජන්ත ඩෝමාච් වැල් රුච් සහභාගි වී පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීමට ක්‍රියා කරන ලෙසය.

මේ රැම්ස්‌ ක්‌ලාක්‌ කළ ප්‍රකාශය රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ගත් ක්‍රියාමාර්ගය නිර්භීත පියවරක්‌. ඔබලා හමුවේ ඇති අභියෝගය ඉතාමත් විශාලයි. මේ ක්‍රියාදාමය තුළින් නිදහස්‌ ඊළමක්‌ හිමිකර ගත හැකියි.

සුඩාන ජනතා විමුක්‌ති සංවිධානයේ ඇමරිකානු ඒජන්ත වෝමාච් වැල් මෙසේ පවසා ඇත. අරගලය පහසු නැත. පසුබෑම්ද ඇත. ඔබලා එය තරුණ පරපුර වෙත පවරන්න. ඔබලා එය දැන් නොකරන්නේ නම් මුළු පරපුරම අහිමි වනු නියතය.”

මේ ප්‍රකාශවලින් ඇමරිකානු කොටි ජාලය පවසන්නේ යළිත් වරක්‌ ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදී යුද්ධයක්‌ ආරම්භ කරන ලෙස ය.

මේ අන්දමට අල්කයිදා සහ තාලිබාන් කණ්‌ඩායම් වලට ඇමරිකාව තුළ රටින් පිටත අල්කයිදා, තාලිබාන් ආණ්‌ඩුවක්‌ ස්‌ථාපිත කිරීමට උත්සවයක්‌ පැවැත්වීමට ඇමරිකාව ඉඩ දෙන්නේද?

ඇමරිකානු කොටි ඒජන්ත රුද්රකුමාරන් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රජයට එරෙහිව පැවැත්වූ මේ ඊළාම් ආණ්‌ඩු උත්සවය ගැන ඇමරිකානු බලධාරීහු මෙතෙක්‌ කිසිම ප්‍රකාශයක්‌ කර නැත.

මෙරට සෑම ප්‍රශ්නයකටම මැදිහත් වන කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයද නිසලව සිටී. එහෙත් රුද්රකුමාරන්ගේ මේ ක්‍රියාදාමයට ඉඩදීම මුළුමනින්ම ෙද්‍ර`හී ක්‍රියාවකි.

ශ්‍රී ලංකාවේ සහජීවන ක්‍රියාමාර්ගයක්‌ ඇති කරන්නැයි ඉල්ලන ඇමරිකාව පසුපසින් කොටි ත්‍රස්‌තයන්ට ඊළාම් ආණ්‌ඩු රැස්‌වීම් පැවැත්වීමට ඉඩ දීමෙන් සනාථ වන්නේ ඇමරිකානු රහසිගත න්‍යාය පත්‍රයයි.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් කොටි ඒජන්තවරු පිලඩෙල්ෆියාහිs ඊළාම් ආණ්‌ඩු උත්සවය පවත්වන තුරු අපේ තානාපති නිලධාරීහු කුමක්‌ කළේද යන්නයි.

කොටි ඒජන්ත රුද්රකුමාරන් විසින් තම ඊළාම් ආණ්‌ඩු උත්සවය පවත්වන බව දින කීපයකට පෙර යුරෝපා කොටි වෙබ් අඩවිවලට හෙළිකර තිබිණි.

ඔහු ජර්මනියට හා ස්‌විට්‌සර්ලන්තයට ද රහසිගතව පැමිණ කොටි ඒජන්තවරුන් සමඟ සාකච්ඡා කර ආපසු පිටව ගිය බව අප හට වාර්තා විය. එහෙත් අවාසනාවන්ත තත්ත්වය නම් තානාපති නිලධාරීන් සහ අපේ තානාපති කාර්යාලවල ස්‌ථානගතව සිටින හමුදා නිලධාරීන්ට රුද්රකුමාරන්ලාගේ රහස්‌ තොරතුරු අනාවරණය නොවීමයි.

මේ බව සනාථ වන්නේ ඇමරිකාවේ පිලඩෙල්ෆියාහිs රටින් පිටත ඊළාම් ආණ්‌ඩු උත්සවයට සමගාමීව ජිනීවා හිද උත්සවයක්‌ පැවැත්වීමයි.

මෙලෙස රුද්රකුමාරන්ට රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති උත්සවය පැවැත්වීමට ඉඩ දීම අත ඊසොප්ගේ වුවත් හඬ ජෙකොබ්ගේ යන කියමනට සමාන ක්‍රියාදාමයකි.

මේ නිසා මේ පසුපස සිටින්නේ ඇමරිකාවයි. ඇමරිකානු කොටි ඒජන්ත රුද්රකුමාරන් හෝ කිසිවකු ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට එවන්නේ නැති බවත් ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා රජයට ඉඩ දෙන්නේ නැති බවත් පැවසුවේ ද රොබට්‌ බ්ලේක්‌ ය.

මේ ප්‍රකාශය තුළින් බ්ලේක්‌ රඟදක්‌වන බෙදුම්වාදී නාටකය පැහැදිලිය. සුඩානය දෙකඩ කිරිම සඳහා සුඩාන බෙදුම්වාදීන්ට විස්‌මයජනක සහායක්‌ දක්‌වන ඇමරිකාව කොටි පරාජය වීම නිසා දැඩි කෝපයෙන් සිටින බව තේරුම් ගත යුතුය.

ප්‍ර්‍රජාතන්ත්‍රවාදය ගැන හඬ නඟන ඇමරිකාව ත්‍රස්‌තවාදය සම්බන්ධයෙන් ද්විත්ව රංගනයක යෙදී ඇත්තේ වසර ගණනාවක සිටය.

රොබට්‌ බ්ලේක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යුද අපරාධ වාර්තාවක්‌ යොමු කළේය.

ඔහුගේ සැබෑ මිතුරන් මෙරට එන්.ජී.ඕ. ප්‍රධානීන් ය.

ඇමරිකාව මුලින්ම කොටි බේරා ගැනීම ආරම්භ කළ මෙහෙයුම ව්‍යර්ථ විය.

දැන් ආරම්භ කළේ එහි දෙවැනි මෙහෙයුමයි. සුඩාන බෙදුම්වාදී සංවිධානයේ ඇමරිකානු ඒජන්ත ඩෝමාච් වැල්ගේ ප්‍රකාශය ඊට නිදසුන්ය. ඇමරිකාව දැන් සුඩාන ප්‍රජාවට (ඩයස්‌පෝරාව) සහාය ලබා දෙති යෑයි හෙතෙම හෙළි කරනු ලැබීය.

මේ රජය සතුරන් හා මිතුරන් කවුදැයි දැන්වත් තේරුම් ගත යුතුය. ඇමරිකාවේ දේශීය එන්.ජී.ඕ. ඒජන්තවරු රැසක්‌ මෙරට සිටී. ඔවුන් බලා සිටින්නේ අවස්‌ථාව එනතුරුය.

ඒ සඳහා රජය ඉඩදිය යුතුද? රුද්රකුමාරන් පිලඩෙල්ෆියාහි ඊළාම් ආණ්‌ඩු උත්සවය පවත්වන තුරු ඊට එරෙහිව විරෝධතාවක්‌ ඉදිරිපත් නොවූයේ ඇයි?

හමාස්‌ සංවිධානය බ්‍රිතාන්‍යයේ රැස්‌වීමක්‌ පැවැත්වීමට යන බවට වාර්තා වූ විගස බ්‍රිතාන්‍යයේ ඊශ්‍රායල් තානාපති නිලධාරිහු ඊට එරෙහිව බ්‍රිතාන්‍ය බලධාරීන්ට දැඩි විරෝධය පෑම නිසා එම රැස්‌වීම නතර විය.

එහෙත් රුද්‍රකුමාරන්ගේ රැස්‌වීම නතර කිරීමට අපේ තානාපති නිලධාරීන්ට නොහැකි වූයේ ඇයි?

මෙය පුදුමයක්‌ නොවේ. ඇතැම් තානාපති නිලධාරිනියන් ඇමැතිවරයකු වෙනුවෙන් දේශපාලන කටයුතු කිරීමට ද මෙරටට පැමිණි බව වාර්තා විය.

රටින් පිටත සිටින ඊලාම්වාදීහු නාඩගම් නටන්නේ මේ නිසාය.

එක්නැලිගොඩ අතුරුදන් කළා ද අතුරුදන් වුණා ද ?

මේ එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධ දිවයිනේ පළවූ දෙවැනි ලිපියයි.

වම් ඉවුර

එක්‌නැලිගොඩගේ අතුරුදන් වීම

“යූජී ගේම්” එකක්‌ද?

මෙම ලිපියේ පළමු කොටස ඊයේ (10 දා) පළවිය.

ප්‍රගීත් එක්‌නැලිගොඩ ජනාධිපතිවරණයට පැය 48 කට පමණ කලින් අතුරුදන් විය. මට මේ පුවත ආරංචි වූයේ සිරස ප්‍රවෘත්ති විකාශනයෙනි. ඔහු අතුරුදන් වූ මුල් අවස්‌ථාවේ සිටම ඔහුගේ බිරිඳ සන්ධ්‍යා මෙයට වගකිව යුත්තේ ආණ්‌ඩුව බව පවසා සිටියේය. පසුව ඇය මට දුරකථනයෙන් කතා කරමින් කියා සිටියේ ප්‍රගීත් ඔහුගේ පැරණි මිතුරකු වූ ගුණදාස ජයලත් නමැති නියෝජ්‍ය ඇමැති සාලින් ද දිසානායක මහතාගේ සම්බන්ධිකරණ ලේකම් හමුවීමට ගිය අවස්‌ථාවේදී මේ ජයලත් විසින් ප්‍රගීත්ගේ නම ආණ්‌ඩුවේ මරණ ලැයිස්‌තුවේ තිබෙන බව පවසා සිටි බවත් එදා සිට ප්‍රගීත් සිටියේ බයෙන් බවත්ය. මේ ගුණදාස ජයලත් යනු පැරණි වමේ ක්‍රියාකාරිකයෙකි. මා ඔහුව හැඳිනුවේ කරඹේ ගුණානන්ද නමැති වාමාංශික භික්‍ෂුවක්‌ හැටියටය. නමුත් අවුරුදු 20 ක්‌ පමණ ඔහු සමග සම්බන්ධයක්‌ නැති වූ නිසා ඔහුගේ ගිහි නමවත් මම දැන සිටියේ නැත. මේ නිසා ප්‍රගීත්ගේ තවත් මිතුරකු වන ඩග්ලස්‌ දේවානන්ද ඇමැතිවරයාගේ ප්‍රවෘත්ති ලේකම් වන නෙල්සන් එදිරිසිංහට දුරකථනයෙන් කතා කොට ජයලත් ප්‍රගීත් ආණ්‌ඩුවේ මරණ ලැයිස්‌තුවේ සිටින වගක්‌ සන්ධ්‍යාට කියා තිබෙනවා දැයි ඇසුවෙමි. නෙල්සන් සිනාසී මට කීවේ “මුං හමුවුනාම බොනවනේ. එකෙක්‌වත් අනෙකා කියපු දේ දන්නෙ නැතිව ඇති.” යන්නයි. ඉන් පසු දවසක සන්ධ්‍යා එක්‌නැලිගොඩ අපේ පුවත්පත් කාර්යාලයට පැමිණ ප්‍රගීත් ආණ්‌ඩුවේ මරණ ලැයිස්‌තුවේ සිටි කතාව මට නැවතත් කී විට මා ඇයට කීවේ බීලා හිටපු නිසා ඕවා ඒ තරම් ගණන්ගත නොයුතු බවයි. එතකින් එම ප්‍රශ්නය මගේ සිතින් බැහැර කෙරිණි

නමුත් ඉකුත් සතියට කලින් සතියේ සුනන්ද දේශප්‍රිය මගේ නමද සඳහන් කර තිබීම නිසා මට වැටහුනේ ප්‍රගීත් සැබවින්ම උස්‌සාගෙන ගොස්‌ ඇතැයි තහවුරු කිරීම සඳහා විවිධ අයගේ නම් මෙතන වුවමනාවෙන්ම පාවිච්චි කරන බවයි. ඒ නිසා මේ ගැන තව දුරටත් විපරම් කර බැලිය යුතු යෑයි මම සිතුවෙමි. මා ජයලත්ට කතා කොට ඔහු ප්‍රගීත් ආණ්‌ඩුවේ මරණ ලැයිස්‌තුවේ සිටින වගක්‌ සන්ධ්‍යාට කීවේ දැයි ඇසුවෙමි. ඇයට ඔහු එවැනි කිසිදෙයක්‌ නොකී බව ඔහු මට කීවේය. මම මෙතනදි ජයලත්ව විශ්වාස කිරීමට වඩාත් නැඹුරු වෙමි. ඔහු නියෝජ්‍ය ඇමැතිවරයකුගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක්‌ පමණි. ආණ්‌ඩුවේ මරණ ලැයිස්‌තුවේ සිටින්නේ කවුදැයි දැන ගැනීමට ඔහුට තබා ඔහුගේ හාම්පුතා වන නියෝජ්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතාටවත් දැනගැනීමට විදියක්‌ නැත. ආණ්‌ඩුව ඝාතන ලැයිස්‌තුවක්‌ සැකසුවොත් එය නියෝජ්‍ය ඇමැතිවරුන්ට හා ඔවුන්ගේ කාර්ය මණ්‌ඩලවලට බෙදා හරින්නේ නැත. මගේ සැකයට වඩාත් හේතු වන්නේ අදාළ පුද්ගලයන් දමන “බබා පාට්‌ය.” ප්‍රගීත් යනු බුද්ධිමත් පුද්ගලයෙක්‌ බව මම දනිමි. ගුණදාස ජයලත් වැනි පොඩි මිනිසකුට ආණ්‌ඩුවේ රහසිගත තීන්දු දැනගැනීමට ක්‍රමයක්‌ නැති බව ඔහුට පමණක්‌ නොව ඔහුගේ බිරිඳටත් වැටහිය යුතුය. නමුත් සන්ධ්‍යා මා හමුවට පැමිණ කියන්නේ ජයලත් කී කතාවෙන් පසු ප්‍රගීත් බයෙන් සිටි බවයි. මෙවැනි කතාවක්‌ මා විශ්වාස කරාවි යෑයි සිතීමෙන් මගේ බුද්ධියට ද ඇය නිග්‍රහ කොට ඇත. එපමණක්‌ නොව ඇය මේ ජයලත් විසින්ම ප්‍රගීත් මුල් වතාවේ උස්‌සාගෙන ගිය පසු ඔහුව බේරුවේ මම බව ජයලත් ඇයට කීවේ යෑයි මට කියයි. නමුත් එවැනි දෙයක්‌ මට කීමට පෙර ඇය ඇයගෙන්ම අසාගත යුතුව තිබූ ප්‍රශ්නය වූයේ ප්‍රගීත්ම ඇයට එවැනි කතාවක්‌ නොකීවේ මන්ද යන්නයි. එවැනි පුවතක්‌ ඇයට තුන්වන පාර්ශ්වයකින් දැනගන්නට ලැබුණේ මන්දැයි ඇයට නිකන්වත් කල්පනා වන බවක්‌ පෙනෙන්නට නැත. මේ අනවශ්‍ය “බබා පාට්‌” නිසා මොවුන් මේ කරන්නේ ප්‍රගීත් සැබවින්ම උස්‌සා තිබෙනවා යෑයි තහවුරු කිරීමට විවිධ පුද්ගලයන්ගේ නම් පාවිච්චි කිරීමක්‌ බව පැහැදිලි වෙයි.

ප්‍රගීත්ගේ අතුරුදන් වීම සම්බන්ධව මගේ පුද්ගලික මතය කුමක්‌ දැයි සන්ධ්‍යා මට දුරකථනයෙන් කතා කරන විට මම ඇයට කියා සිටියේ නැත. නමුත් ඇය ඊට කලකට පසු අපගේ කාර්යාලයට පැමිණි අවස්‌ථාවේදී මම ඇයට මගේ පුද්ගලික අදහස කීවෙමි. මේ ප්‍රශ්නයේදී මගේ නම ද පාවිච්චි කිරීමට උත්සාහයක්‌ ගෙන තිබෙන නිසා මම ඇයට පෞද්ගලිකව කී දේ ප්‍රසිද්ධියේ කීමට සිදුවී ඇත. ප්‍රගීත් පළමු වැනි අවස්‌ථාවේ පමණක්‌ නොව දෙවැනි අවස්‌ථාවේදීවත් කවුරුන් විසින් හෝ පැහැරගෙන ගොස්‌ ඇතැයි එක මොහොතකටවත් විශ්වාස කරන්නේ නැති බව මුලින්ම කිව යුතුය. මගේ පෞද්ගලික විශ්වාසය වන්නේ ඔහු 2009 අගෝස්‌තු මාසයේදී මුල් වතාවට ඉස්‌සුවා යෑයි කතාවක්‌ ප්‍රචාරය කළේ ඒ මත දමා විදේශ රටක දේශපාලන රැකවරණ ගැනීමට බවයි. ප්‍රගීත් අතරින් පතර මුදල් හම්බකිරීමක්‌ කළ ද ඔහු අවසන් කාලයේ සිටියේ අගහිඟකම් මැද්දේය. අවසන් වතාවට හමුවූ අවස්‌ථාවේදී ඔහු ජයලත්ගෙන් රුපියල් 300 ක්‌ ඉල්ලාගෙන තිබුණේය. එපමණක්‌ නොව නෙල්සන් එදිරිසිංහට කතාකොට ඔහුගේ දුරකථනයට “රී ලෝඩ්” දමන මෙන් විටින් විට ඉල්ලා ඇත. දරු පවුල්කාරයෙක්‌ට “රී ලෝඩ්” එකක්‌ දමා ගැනීමට මුදල් නොමැති නම් ඔහුට පවුලක්‌ ගෙන යැමට නොහැකි බව කිව යුතු නැත. මේ නිසා මුල් වතාවේදී ඔහු “උස්‌සාගෙන යැමක්‌” පිළිබඳ කතාවක්‌ ප්‍රචාරය කළේ එමගින් විදේශ රටක දේශපාලන රැකවරණ ලබා ගැනීමේ අටියෙන් බව මගේ විශ්වාසයයි. විදේශ රටක දේශපාලන රැකවරණ්‍ය ලැබුණු විට ජීවත් වීමට දීමනාවකුත් නොමිලේ නිවසකුත්, නොමිලේ සෞඛ්‍ය පහසුකම් හා අධ්‍යාපනය ද ලැබේ. එමගින් තමන්ට ඇති සියලු ප්‍රශ්න විසඳෙයි. නමුත් තමන් උස්‌සගෙන ගිය කතාව කිසිවකුත් විශ්වාස නොකළ නිසා ප්‍රගීත්ගේ පළමු තැත ව්‍යර්ථ වූ බව මගේ විශ්වාසයයි.

ඔහුව උස්‌සාගෙන ගියා යෑයි කියන දෙවැනි අවස්‌ථාව වන විට ප්‍රගීත්ට මේ සඳහා ඊට වඩා හොඳ සූදානමක්‌ තිබිණි. ජෙනරාල් ෆොන්සේකා මහතාගේ ඡන්ද ව්‍යාපාරයේ නියෑළී සිටින නිසා ඔහු ඉස්‌සර සිටම හඳුනන වාමාංශික ක්‍රියාකාරීන් පිරිසක්‌ද මෙයට සහයෝගය දැක්‌වීමට සිටි බව මගේ විශ්වාසයයි. සන්ධ්‍යා අප කාර්යාලයට පැමිණ මා හමුවූ අවස්‌ථාවේදී ද මා ඇයට කියා සිටියේ ප්‍රගීත් අවසන් කාලයේ ඇසුරු කළ අය “ගේම්කාරයන්” බවත් මේ අතුරුදන් වීම ජනාධිපතිවරණයටම සම්බන්ධ “ගේමක්‌” බවත් එනම් ඡන්ද විමසීමට පැය 48 කට කලින් “මාධ්‍යවේදියකු” අතුරුදන් වූ විට ආණ්‌ඩුව ඡන්දයට යන්නේ මාධ්‍යවේදීන් පැහැර ගත්තා යෑයි කියන පුවත් සිරස්‌තලවලට යටත්වය. ෆොන්සේකා මහතාගේ ඡන්ද ව්‍යාපාරයේ සිටි අය ජයග්‍රහණ බලාපොරොත්තුවෙන් සිටි නිසා ඡන්දයෙන් ජනරාල් දින්න පසු ප්‍රගීත්ට එළියට ඒමට හැකි වේ යෑයි සිතන්නට ඇත. ප්‍රගීත්ට තිබූ වුවමනාව වූයේ මුල් වතාවේදී වැරදුණු දේශපාලන රැකවරණ තැත දෙවන වතාවේදීවත් සාර්ථක කරගැනීමය. නමුත් ජෙනරාල් ඡන්දයෙන් පැරදුණි. දැන් ප්‍රගීත්ට එළියට ඒමට නොහැක. මම සන්ධ්‍යාට පවසා සිටියේ ප්‍රගීත්ට එළියට එන්න කිව යුතු බවත් මම මැදිහත් වී ඔහුට ලෙඩක්‌ නොවැටෙන ආකාරයට ප්‍රශ්නය “ශේප්” කරලා දමන්නම් යන්නයි. මා ඇයට කීවේ ඔහු ඔය ඇසුරු කරන “ගේම්කාරයින්ගේ” උගුල්වලට හසුවීමෙන් ප්‍රගීත්ට ප්‍රගතියක්‌ සිදු නොවන බවයි.

ඡන්දයක්‌ ඔන්න මෙන්න කියා තිබියදී දේශපාලන විරුද්ධවාදීන් අපකීර්තියට පත් කිරීමට පොඩි පොඩි “ගේම්” සෙට්‌ කිරීමට ප්‍රගීත්ට හැකියාවක්‌ ඇත. 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු හා මා එක්‌ව මෙවැනිම පොඩි “ගේමක්‌” දුන්නේය. 2001 දී එ.ජා.ප. යට දේශපාලන විරුද්ධවාදීන් දෙපිරිසක්‌ සිටියේය. එක පැත්තකින් ජ.වි.පෙ. ය තවත් පැත්තකින් පොදු පෙරමුණය. ජ.වි.පෙ. විපක්‍ෂයේ ඡන්ද ගන්නා නිසා ඔවුන් එ.ජා.ප. යට හිසරදයක්‌ විය. ප්‍රගීත් ඒ අවස්‌ථාවේ මට කියා සිටියේ 1980 ගණන්වලදී ජ.වි.පෙ. දෙවැනි කැරැල්ල අවස්‌ථාවේදී දළදා මාලිගාවට පහර දීමට ගිය එක්‌ තරුණයෙක්‌ ඔහු හඳුනන බවයි. මේ තරුණයා එම කැරැල්ලේදී කරන ලද නොයෙක්‌ අපරාධවලට පොලිසියෙන් සොයමින් සිටි නිසා දශකයකට වඩා වැඩි කාලයක්‌ ගමට යැමට නොහැකිව සිටින බවත් ජ.වි.පෙ. තුළ තව දුරටත් දේශපාලනය නොකරන මෙවැනි අය වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක්‌ නොතිබෙන නිසා ඔහු ජ.වි.පෙ. සමග කේන්තියෙන් පසුවන බවයි. ඔහු ජනමාධ්‍යට ඉදිරිපත් කොට දළදා මාලිගාවට කොටි පහර දීමට කලින් ජ.වි.පෙ. එයට පහර දුන් බව මිනිසුන්ට මතක්‌ කර දිය යුතු බවයි. මෙය හොඳ අදහසක්‌ යෑයි සිතුනෙන් මම ප්‍රගීත් සමග ගොස්‌ මේ තරුණයාව මුණගැසුනෙමි. පසුව මේ දෙදෙනාම රැගෙන ගොස්‌ ලසන්ත වික්‍රමතං=ගට හඳුන්වා දුන්නේය. ලසන්තගේ පළමු බිරිඳ වූ රේන් වික්‍රමතුංග මේ තරුණයාගෙන් එවෙලේම ප්‍රකාශයක්‌ ලබා ගත්තේය. ඉන් පසුව චමුදිත සමරවික්‍රම විසින් මොහු “ටී. එන්. එල්.” රූපවාහිනිය ඉදිරියට ගෙන යන ලදී. ඔහු කළ හෙළිකිරීම්වලින් පසු මේ තරුණයාට කලක්‌ යනතුරු සැඟවී සිටීමට සිදුවන බවත් එයට යම් මුදලක්‌ අවශ්‍ය වන බවත් ප්‍රගීත් කිවේය. මම මෙය ලසන්තට කීවේය. ඔහු මලික්‌ සමරවික්‍රමට කතාකොට මෙම තරුණයාට රුපියල් ලක්‍ෂ 2 ක මුදලක්‌ ලබා දුන්නේය. දැන් ප්‍රගීත් අතුරුදන්වීමෙන් කර ඇත්තේ ද මීට සමාන “ගේමකි.”

යමෙකුට මෙතෙක්‌ කල් සැඟවී සිටිය හැකි දැයි කවුරුන් හෝ අසනු ඇත. ප්‍රගීත් යනු පරණ වාමාංශික ක්‍රියාකාරිකයෙකි. ඔහු 1980 ගණන් වලදී දයාන් ජයතිලකගේ කණ්‌ඩායමේ අය ඇතුළුව විවිධ වාමාංශිකයන්ට ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවෙන් සැඟවී සිටීමට උදවු කළ අයෙකි. මෙය “යූජී” (අන්ඩ ග්‍රවුන්ඩ්) යැමක්‌ හැටියට හඳුන්වන ලදී. එකල යමෙක්‌ “යූජී” ගිය පසු මාස ගණන් අවුරුදු ගණන් යන තුරු එළියට එන්නේ නැත. රෝහණ විඡේවීර ඇතුළු ජ. වි. පෙ. නායකයන් අවුරුදු 6 කට වැඩිය “යූජි” සිටි බව අපි අමතක කළ යුතු නැත. ප්‍රගීත් ගේ වාමාංශික පසුබිම නිසා දීර්ඝ කාලයක්‌ සැඟවී සිටීම ඔහුට එතරම් ප්‍රශ්නයක්‌ නොවේ. එපමණක්‌ නොව රටේ පාලු ප්‍රදේශවල හා මූකලානවල ප්‍රගීත්ට ඕනෑ තරම් සම්බන්ධකම් තිබිණි. ඒ ආචාර්ය නිවුටන් ගුණසිංහ සමග සමාජ විද්‍යාත්මක වැඩවලට සහභාගිවූ කාලයේ සිට විය හැක.

ප්‍රගීත් ආණ්‌ඩුව විසින් පැහැරගෙන ගොස්‌ ඇතැයි යන විශ්වාසය තහවුරු කිරීමට සංවිධානාත්මක ප්‍රයත්නයක්‌ දියත් වෙමින් පවතී. මීට සති කීපයකට කලින් වික්‌ටර් අයිවන් “රාවය” ට ලියමින් කියා සිටියේ ප්‍රගීත් දන්නා හඳුනන අයගෙන් ලැබුණු තොරතුරු අනුව ආණ්‌ඩුවේ එක්‌ ඇමැතිවරයකුගේ ලිංගික ජීවිතය ගැන මඩ ලිපියක්‌ ප්‍රගීත් විසින් එක්‌තරා “වෙබ් අඩවියක”ට ලියා තිබුණු බවයි. මෙය දැක මම මවිත වුණෙමි. නමුත් එකල මගේ ප්‍රතිපත්තිය වූයේ ප්‍රගීත් මගෙන් උදවු ඉල්ලා පණිවුඩයක්‌ එවනතුරු නිහඬව සිටීම නිසා මා වික්‌ටර් අයිවන් ගෙන් කිසිවක්‌ ඇසුවේ නැත. නමුත් ඊට පසුව සුනන්ද දේශප්‍රිය විසින් ප්‍ර්‍රගීත් පැහැරගත් මුල් අවස්‌ථාවේදී ඔහුව බේරාගත් පුද්ගලයා හැටියට මගේ නම සඳහන් කර තිබූ පසු මේ ගැන සොයා බැලිය යුතු යෑයි මම සිතුවෙමි. ඒ අනුව මම වික්‌ටර් අයිවන් මහතාට කතා කොට කියා සිටියේ මා දන්නා ප්‍රගීත් කිසිදාක ලිංගික කාරණාවක්‌ ගැන කතා නොකරන බවත් කුණුහරුපයක්‌ වත් නොකියන මිනිසෙක්‌ බවත්ය. ඔහුට ඇමැතිවරයකුගේ ලිංගික ජීවිතය ගැන මඩ පත්‍රිකාවක්‌ ලිවීමට හැකියාවක්‌ නැතිය යන්න මගේ විශ්වාසය විය. ඔහු එවැනි දෙයක්‌ ලිවීමට උත්සාහ දැරුවත් එය ලිංගිකත්වය හා මාක්‌ස්‌ වාදය ගැන බුද්ධිමය අප්‍රබංසයක්‌ මිස වෙන කිසිවක්‌ නම් නොවන බව මගේ විශ්වාසයයි. එපමණක්‌ නොව අදාල වෙබ් අඩවියට මඩ පත්‍රිකාවක්‌ ලියා ගැනීමට අවශ්‍යතාවක්‌ තිබුණේ නම් ඔවුන් සමග එම කලාවේ කෙල පැමිණි උදවිය සිටින නිසා ප්‍රගීත් වැනි අයකු ලවා එවැන්නක්‌ ලියවා ගැනීමට කිසිදු අවශ්‍යතාවක්‌ නොතිබූ බව මගේ විශ්වාසයයි. ප්‍ර්‍රගීත් ආණ්‌ඩුවෙන් සැඟවීමට වාමාංශිකයන්ට උදවූ කිරීම හා ඡන්ද කාලයකදී විරුද්ධවාදියෙක්‌ අපකීර්තියට පත් කිරීමට පොඩි පොඩි “ගේම්” දීමට හැකියාව තිබුණත් කාගේ හෝ ලිංගික ජීවිතයක්‌ ගැන මඩ පත්‍රිකාවක්‌ ලිවීමට ඔහුට හැකියාවක්‌ නැතිය යන්න මගේ අදහසයි.

“රාවය” පුවත්පත කියවන අය දන්නා පරිදි වික්‌ටර් අයිවන් මහතා පසුගිය මාස ගණන ඇතුළත තහවුරු කළ නොහැකි මඩ කතා ප්‍රවෘත්ති හැටියට පළ කිරීමේ පුරුද්දට එරෙහිව යුද ප්‍රකාශ කොට තිබිණි. එවැනි අයකුට ප්‍රගීත් එක්‌නැලිගොඩ යනු වෙබ් අඩවිවලට මඩ ලිපි ලිවූ අයෙක්‌ යෑයි කීවිට අයිවන් එය ප්‍රසිද්ධියට පත්කරන බව ඔවුන් දනී. ඔවුන්ට අවශ්‍ය වූයේද එවැනිම ප්‍රචාරයකි. ඒ මන්දයත් ආණ්‌ඩුවෙන් ප්‍රගීත්ව අතුරුදන් කරවීමට හේතුවක්‌ තිබුණා යෑයි ජනතාවට පෙන්වීමට කිසිදු පිළිගත හැකි යමක්‌ නැති නිසා එවැනි හේතුවක්‌ නිර්මාණය කිරීමට ප්‍රගීත්ගේ මඩ ලිපි පිළිබඳ ප්‍ර්‍රවෘත්තියක්‌ පුවත්පතක පළකර ගැනීමෙන් ජනතාව තුළ එම මඩ ලිපි නිසා ප්‍රගීත් අතුරුදන්වී ඇතැයි සැකයක්‌ නිර්මාණය කිරීමට ගත් උත්සාහයකි මෙය. මෙහිදී උත්සාහය වන්නේ මඩ ලිපියකින් හෝ ඇඟිල්ල ආණ්‌ඩුව දෙසට දිගුකරලීමටය. ප්‍රගීත් මඩ ලිපියක්‌ ලියූ බව වික්‌ටර් අයිවන්ට කියූ එක්‌ පුද්ගලයකුට මම කතා කෙළෙමි. මෙම පුද්ගලයා වික්‌ටර් අයිවන් ප්‍රගීත්ව හඳුනන්නේ නැති බව දන්නා අතර මම ප්‍රගීත්ව ඉතා හොඳින් දන්නා බව දනී. එම නිසා ඔහු වික්‌ටර් අයිවන්ට කී කතාව මට කීවේ නැත. ඔහු මා සමග කියා සිටියේ ප්‍රගීත් මඩ ලිපියක්‌ ලිවුවා යෑයි කියන කතාව ඔහුද පිළිගන්නේ නැති බවයි. මෙතන ජුගුප්සාජනකම සිද්ධිය වන්නේ ප්‍ර්‍රගීත් මඩ ලිපියක්‌ ලිවූ බව වික්‌ටර් අයිවන්ට කී පුද්ගලයාම නෙල්සන් එදිරිසිංහට කතා කොට වික්‌ටර් අයිවන් ප්‍ර්‍රගීත් ගැන කියා තිබූ දේ නිසා ඔහු මින් මතුවට කවදාවත් වික්‌ටර් අයිවන්ට කතා නොකරන බව කියා ඇත. මේ නාඩගම කුමක්‌ද? ප්‍රගීත් මඩ ලිපියක්‌ ලියූ බව වික්‌ටර් අයිවන්ට පවසා සිටි පුද්ගලයා ප්‍රගීත්ගේද හොඳ මිතුරෙකි. ඔහු සමග සරත් ෆොන්සේකාගේ ඡන්ද ව්‍යාපාරයේ එකට සිටි අයෙකි. එවැනි අයකුගෙන් තොරතුරක්‌ ලැබෙන විට වික්‌ටර් අයිවන්ට එය අවිශ්වාස කිරීමට කිසිදු හේතුවක්‌ නැත. ප්‍රගීත්ගේම මිතුරකු හා දේශපාලන සගයකු විසින් ඔහු ඇමැතිවරයකු ගැන මඩ ලිපියක්‌ ලීවේයෑයි පුවත්පත්වලට තොරතුරු දෙන්නේ මා ඉහත සඳහන්කර “ගේම” නිසා මිස වෙන කුමකටද? මා මෙය දකින්නේ ප්‍රගීත්ව ඉස්‌සීමට ආණ්‌ඩුවට කුමක්‌ හෝ හේතුවක්‌ තිබුණා යෑයි සැකයක්‌වත් නිර්මාණය කිරීමට ගත් උත්සාහයක්‌ හැටියටය. ප්‍රගීත්ගේ අතුරුදන්වීම ජෙනරාල් ෆොන්සේකාගේ ඡන්ද ව්‍යාපාරයේ එක ගේමක්‌ බව මම තරයේ විශ්වාස කරමි. ඔවුන් මුලින් සිතුවේ ෆොන්සේකාගේ ජයග්‍රහණයත් සමග මෙය දවසින් දෙකෙන් ඉවර වෙයි යන්නයි. නමුත් ෆොන්සේකාගේ පරාජය නිසා මෙය අනපේක්‍ෂිත ලෙස දිග්ගැස්‌සී ඇත.

මෙම ප්‍රොaඩාවට සන්ධ්‍යා එක්‌නැලිගොඩ පමණක්‌ නොව ජෙනරාල් ෆොන්සේකාගේ ඡන්ද ව්‍යාපාරයේ සිටි අයත් හවුල් බව මගේ විශ්වාසයයි. ප්‍රගීත් එළියට ආ යුතු බවත් මම එයට මැදිහත්වීමට සූදානම් බව සන්ධ්‍යා එක්‌නැලිගොඩට කියා සිටියත් එය එසේ සිදුනොවීමට ඉඩ ඇති බව මම දනිමි. ඒ මන්දයත් මෙය දැන් වෙන මාවතකට අවතීර්ණවී ඇති නිසාය. දැන් ප්‍රගීත් “මුදාහරින්නැයි” කියමින් වෙනම ව්‍යාපාරයක්‌ පටන් ගෙන ඇත. මාතර නිතර උද්ඝෝෂණ පවත්වනු ලැබේ. පොත් පළවේ. ප්‍රදර්ශනයක්‌ද පැවැත්වීමට නියමිතය. ඊට අමතරව පුවත්පත් සාකච්ඡා පමණක්‌ නොව ජාත්‍යන්තර ජනමාධ්‍යවේදී සංවිධානවලින් ආණ්‌ඩුවට එරෙහි ප්‍රකාශනද නිකුත් වෙයි. දැන් මෙය සම්පූර්ණයෙන්ම විදේශ මුදල්වලින් දුවන වෙනම ව්‍යාපෘතියක්‌ බවට පත්වී තිබේ. මේ නිසා ප්‍රගීත්ගේ පවුලට ඔහු එළියේ සිටිනවාට වඩා අතුරුදන්ව සිටීම වාසිදායක වනවා විය හැක. එය මගේ අදහසයි. ප්‍රගීත් පසුගිය වකවානුව පුරාම ඔහුගේ මිතුරන් සමග සැඟවීමේ වුවමනාව අවධාරණය කරමින් සිට ඇත. ඔහු නෙල්සන් එදිරිසිංහ හමුවූ අවසන් අවස්‌ථාවේදී ඔහුට තර්ජන තිබෙන බවත් පුන පුනා කියා ඇත. ගුණදාස ජයලත් හමුවූ අවසාන අවස්‌ථාවේදීද ඔහු කියා ඇත්තේ තමුන්ට තර්ජනයක්‌ තිබෙන බවත් සැඟවිය යුතු බවත්ය. ඔහු අතුරුදහන් වූ පසු ප්‍රගීත්ගේ මිතුරන් එකිනෙකා කතා කරමින් අදහස්‌ හුවමාරු කර ගනී. ඔහු දෙවැනි වරට අතුරුදන්වීමට මසකට පමණ කලින් තමන් හමුවී සැඟවීමට තැනක්‌ අවශ්‍ය බවට කී වගට කල්‍යාණ කරුණාරත්න නමැති පැරණි වාමාංශික ක්‍රියාකාරිකයකු ප්‍රගීත් ගැන කතා කරන විට නෙල්සන් එදිරිසිංහට කියා ඇත. මේ සියලු කරුණු කාරණා නිසා ප්‍රගීත් සැඟවී සිටිනවාය යන්න මගේ විශ්වාසයයි. මේ විගඩම ඉදිරියට ගෙනයැමට මගේ නම පාවිච්චි කිරීමට ගත් උත්සාහය ගැන මම නොසතුටින් සිටියත් පැරණි මිත්‍රකම නිසා ඔහුට එළියට ඒමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් මැදිහත්වීමට මම තවමත් ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවද කිව යුතුය.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

එක්නැලිගොඩ අතුරුදන් කළා ද අතුරුදන් වුණා ද ?

එක්නැලිගොඩ අතුරුදන් කළා ද අතුරුදන් වුණා ද ?

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම නූල් සූත්තරයක් විය හැකි බවට මගේ සිතේ අදහසක් ඇතිව තිබුණේ ඒ කාලයේ සිටම ය. නමුත් ඒ ආශ්‍රිත කරුණු විමර්ශනය කරන්නට කාලයක් නොමැති වීම නිසා ම ඔහුගේ අතුරුදන් වීම ගැන ලියන්නට ප්ර්මාද විය. නමුත් ඒ පිළිබඳ වඩාත් පිළිගත හැකි විමර්ශනයක් ඇස ගැටුණි. ඒ ඊයේ හා අද (10 -11 ) දිවයින පුවත්පතෙනි.

තමන්ට අවශ්යම මතවාදය මිනිසුන්ගේ හිස මත ධාරණය කිරීමට කටයුතු කරන මාධ්යැ මාෆියාවේ සැබෑ නිරුවත හෙළිවන තවත් එක් අවස්ථාවක් බව මේ පිළිබඳ කල්පනා කිරීමේදී හැඟී යයි.

ප්‍රගීත් එක්‌නැලිගොඩට ඇත්තටම මොකද වුනේ?

පසුගිය මාස කීපය තුළ ප්‍රගීත් එක්‌නැලිගොඩ නමැති මාධ්‍යවේදියකුගේ අතුරුදන් වීමක්‌ ගැන මහත් ආන්දෝලනයක්‌ පැවතුණි. මේ වනතෙක්‌ මම මේ කාරණය ගැන එක වචනයක්‌ වත් ප්‍රසිද්ධියේ පවසා නැත. මේ සම්බන්ධයෙන් මා නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළේ එක්‌තරා කාරණයක්‌ සිතේ තබා ගෙනයි. නමුත් ඉකුත් සතියට කලින් සතියේ රාවය පුවත්පතේ සුනන්ද දේශප්‍රිය ලියන තීරු ලිපියේ ප්‍රගීත් එක්‌නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා උපුටා දක්‌වමින් ඔහු කියා ඇත්තේ 2009 අගෝස්‌තු වලදී පමණ ප්‍රගීත්ව මුල් වතාවට පැහැරගෙන ගිය අවස්‌ථාවේදී ඔහු බේරා ගත්තේ මම බවය. සුනන්ද මාගේ නම එහි සඳහන් කර නොතිබුණ ද “ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදියකු” ඔහුව බේරාගත් බව කියමින් කර තිබූ සඳහන මා ගැනය. මීට සති කීපයකට පෙර සන්ධ්‍යා එක්‌නැලිගොඩ මට දුරකථනයෙන් කතා කරමින් පැවැසුවේ ගුණදාස ජයලත් නමැති ප්‍රගීත්ගේ සමීප මිතුරකු ප්‍රගීත් මුල් වතාවේ පැහැර ගනු ලැබූ විට ඔහුව බේරා ගත්තේ මම යෑයි ඇයට පැවැසූ බවයි. මෙකී ගුණදාස ජයලත් වමේ පැරැණි ක්‍රියාකාරිකයෙකි. ඔහු දැන් සේවය කරන්නේ සාලින්ද දිසානායක නියෝජ්‍ය ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු හැටියටය.

මෙතනදී පුදුමයකට තිබුණේ ප්‍රගීත් සහ සන්ධ්‍යා යන දෙදෙනාම මම ඉතා හොඳින් හැඳිනීමයි. මම මෙතෙක්‌ මේ ප්‍රශ්නය ගැන මගේ පෞද්ගලික අදහස්‌ කිසිවක්‌ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නැතුව නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළේ අවශ්‍ය වූ තැන පැරැණි මිතුරකුට උදව් කිරීමට මැදිහත්කරුවකු වශයෙන් ඉදිරිපත් වීමට ඉඩකඩ තබා ගැනීම සඳහාය. පසුගිය අගෝස්‌තු මාසයේ ඔහු පැහැරගෙන ගිය පසු ඔහු බේරා ගත්තේ මම නම් ඒ පුවත සන්ධ්‍යාට ආරංචි වීමට තිබුණේ තුන් වැනි පාර්ශ්වයකින් නොව ප්‍රගීත්ගෙන්මය. එපමණක්‌ නොව ඔවුන් මට ගෙදර කෑම වේලක්‌ද දී තමන්ගේ පුතුන් දෙදෙනාට තාත්තාගේ ජීවිතය බේරා දුන් අංකල් යෑයි හඳුන්වා දීමට ද යුතුමක්‌ තිබිණි. නමුත් එවැන්නක්‌ සිදුවූයේ නැත.

ඔහු උස්‌සාගෙන ගිය මුල් අවස්‌ථාවේ ඔහු බේරුවේ මම යෑයි ප්‍රගීත් විසින් සන්ධ්‍යාට නොකීම සන්ධ්‍යා අමුතු දෙයක්‌ ලෙස පිළිගන්නා බවට පෙනෙන්නට නැත. ප්‍රගීත් එක්‌නැලිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මේ කරගෙන යන ව්‍යාපාරයේ ස්‌වභාවය පිළිබඳ යමක්‌ එයින්ම ගම්‍ය වනු ඇත. මම ප්‍රගීත් අවුරුදු 20 කට වඩා වැඩි කාලයක්‌ හඳුනමි. 1997 දී මගේ “කොළ පාට සමාජය” නමැති පොතේ පිට කවරය නිර්මාණය කළේ ප්‍රගීත්ය. එය යතුරු ලියනය කරන ලද්දේ ද ඔහු හඳුනන ව්‍යාපාරික ස්‌ථානයකය. ඔහුගේ අතුරුදන් වීම පිළිබඳ මගේ පෞද්ගලික අදහස්‌ කිසිවක්‌ ප්‍රසිද්ධියේ නොකියා සිටියේත් එය ඔහුගේ වාසියට ඉවහල් නොවන නිසාය. නමුත් ප්‍රගීත් පැහැරගත් මුල් අවස්‌ථාවේදී ඔහුට උදව් කළ පුද්ගලයා හැටියට දැන් මට ද මේ ජවනිකාවේ තැනක්‌ ලැබී තිබෙන නිසා මේ ගැන තව දුරටත් නිහඬව සිටිය යුතු නැතැයි මම සිතමි.

මුලින්ම විස¹ගත යුත්තේ ප්‍රගීත් එක්‌නැලිගොඩ යනු කවුද යන්නයි. ඔහු මාධ්‍යවේදියකු යෑයි කීව ද මුළු උපාලි පුවත්පත් සමාගමේම ඔහු කවුදැයි දන්නා එකම පුද්ගලයා මමය. ලංකාදීප, ඩේලි මිරර් හා සන්ඩේ ටයිම්ස්‌ පළකරන විජය පුවත්පත් සමාගමේ ද ඔහු හඳුනන එකම පුද්ගලයා වන්නේ සී. ඡේ. අමරතුංගය. දුෂ්‍යන්ත සමරසිංහ සමහරවිට ඔහු හඳුනනවා විය හැක. සිරස, ස්‌වර්ණවාහිනි හෝ දෙරණ ආයතන වල ඔහු ගැන අසා ඇති කිසිවෙක්‌ සිටී දැයි මට සැක සහිතය. මෙයට හේතුව ඔහු මාධ්‍යවේදියකු හෝ පුවත්පත් කලාවේදියකු නොවීමයි. මේ රටේ සිටින සාමාන්‍ය ජනතාව පමණක්‌ නොව මාධ්‍යවේදීන් ද මුල් වරට ප්‍රගීත් එක්‌නැලිගොඩ කෙනෙක්‌ ගැන ඇසුවේ ඔහු අතුරුදන් වූ පසුවය. ලංකාදීපයේ සී. ඡේ. අමරතුංග සහ මම ඔහු හඳුනන්නේ මාධ්‍යවේදියකු හැටියට නොව වාමාංශික දේශපාලන ක්‍රියාකාරියකු හැටියටය. ප්‍රගීත් යනු මාධ්‍යවේදියකු නොව “ග්‍රැෆික්‌ ආටිස්‌ට්‌” කෙනෙකි. ඔහු මුද්‍රණ කර්මාන්තයට සහ වෙළෙඳ ප්‍රචාරණයට සම්බන්ධ සුළු ව්‍යාපාර කරගෙන ගිය අයෙකි. ප්‍රගීත්ට බුද්ධිමය නැඹුරුවක්‌ ද තිබිණි.

මා ඔහු මුලින් හඳුනා ගත්තේ 1980 ගණන් වල දේශපාලන ක්‍රියාකාරිකයකු හැටියටය. ඔහු ආචාර්ය නිවිටන් ගුණසිංහ මහතා සමග සමාජ විද්‍යාත්මක පර්යේෂණ වලට ද සහභාගි වී තිබිණි. දේශපාලනය ගැන ඔහුට නොයෙක්‌ මතිමතාන්තර තිබිණි. කලාතුරකින් ඔහුගේ ලිපි ද තැන් තැන් වල පළවී තිබිණි. ඉඳහිට පුවත්පතක ලිපියක්‌ පළකරන අයෙක්‌ පුවත්පත් කලාවේදියකු වන්නේ නම් කර්තෘට ලියුම් ලියන අය ද මාධ්‍යවේදීහු වෙති. සති පතා තීරු ලිපි ලියන අය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු විය යුත්තාහ.

ඔහුට අවශ්‍යතාවක්‌ තිබුණත්, ප්‍රගීත්ට කිසිදාක පුවත්පත් කලාවේදියකු හෝ මාධ්‍යවේදියකු විය නොහැක්‌කේ ඔහු ලියන කිසිවක්‌ මිනිසුන්ට නොතේරුණු නිසාය. ඔහුට තිබුණේ වාමාංශික බුද්ධිමතකුගේ ලේඛන ශෛලියකි. ඔහු කතා කරන විට සාමාන්‍ය විදියට කතා කළත් ලියන්න ගියවිට ලියන්නේ අපබ්‍රංසය. ඔහු ලියන දෙය අපටවත් තේරෙන්නේ නැත. ඔහු පුවත්පත් කලාවේදියකුය යන අදහස ප්‍රචලිත වන්නේ ඔහු ලංකා ඊ නිවුස්‌ නමැති වෙබ් අඩවිය සමග සම්බන්ධයක්‌ තිබේය යන පදනම මතය. නමුත් ලංකා ඊ නිවුස්‌ කර්තෘ බෙනට්‌ රූපසිංහ මහතාගෙන් මම අසා දැනගත් පරිදි ඔහු ඉඳහිට ලිපියක්‌ සැපයුවද දිගටම ලිපි සැපයූ අයෙක්‌ නොවන බවයි. ප්‍රගීත් ලියන දේශපාලන විචාර ලංකා ඊ නිවුස්‌ වෙබ් අඩවිය විසින් පළකරනු ලැබුවේ නම් ඒ වෙබ් අඩවිය වසා දැමීමට සිදුවනු ඇත. ඒ ඔහු කියන දේ කිසිවකුටත් නොතේරෙන නිසාය.

මේ රටේ සිටින ජනමාධ්‍යවේදීන් බොහෝ දෙනෙක්‌ ප්‍රගීත් එක්‌නැලිගොඩ ගැන අසා නැත්තේ මන්ද යන ප්‍රශ්නයට මෙයින් පිළිතුරු ලැබෙනු ඇතැයි මම සිතමි. ඊළඟට අපි බැලිය යුත්තේ ප්‍රගීත්ගේ අතුරුදන් වීම පිළිබඳ ප්‍රශ්නයයි. ප්‍රගීත් පැහැරගත්තා යෑයි කියන පළමු අවස්‌ථාව මෙය නොවේ. 2009 අගෝස්‌තු මාසයේදී ද තමන් පැහැරගෙන නිදහස්‌ කළ බවද ප්‍රගීත් විසින්ම තම මිතුරන්ට කියන ලදී. නෙල්aසන් එදිරිසිංහ යනු පැරැණි වාමාංශික ක්‍රියාකාරියකු මෙන්ම ප්‍රගීත්ගේ සමීප හිතවතෙකි. නෙල්සන් දැන් සේවය කරන්නේ ඩග්ලස්‌ දේවානන්ද ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් හැටියටය. ගිය වසරේ අගෝස්‌තු වලින් පසු ප්‍රගීත් නෙල්සන් හමුවීමට ගොස්‌ තමන් යම් පිරිසක්‌ විසින් පැහැරගත් ආකාරය විස්‌තර කර තිබිණි. ඔහු දඹුල්ලේ සිට කොළඹ ඔහුගේ නිවසට එමින් සිටින විට පිටකොටුව බස්‌ නැවතුම්පළෙන් ඔහු ගෙදර යැම සඳහා හොමගම පැත්තට යන බස්‌ රථයක නැඟී ඇත. ඒ අවස්‌ථාවේදී යම් සැක සහිත පුද්ගලයකු තමන් පසුපසින් එන බව ඔහුට දැනී ඇත. ඔහුගේ නිවසට යන පාර අසල බස්‌ නැවතුම්පළෙන් ඔහු බැසගත් විට ඔහු සමග මේ සැක සහිත පුද්ගලයා ද බැස ඇත.

ප්‍රගීත්ගේ නිවසට යන පාරේ සුදු වෑන් රථයක්‌ නවතා තිබිණි. එහි සිටි පුද්ගලයන් ඔහු වෑන් රථයට දමා අත්වලට මාංචු දමා ඇස්‌ බැඳ යම් තැනකට රැගෙන ගොස්‌ තිබේ. ඇස්‌ බැඳ තිබූ නිසා රැගෙන ගියේ කොහේටදැයි ප්‍රගීත් දන්නේ නැත. රැගෙන ගිය නිවසේ පොලොවට සවි කරන ලද කොක්‌කක ඔහු මාංචු දමා බැඳ තිබිණි. මුළු රාත්‍රියේම ඔහු මේ ආකාරයට පොලොවේ වැතිර සිට ඇත. ඒ අතරතුර නොයෙක්‌ සද්දබද්ධ සහිත හඬ පටියක්‌ ද වාදනය කෙරෙමින් තිබිණි. (ඒ ඔහු නිදාගැනීමෙන් වැලැක්‌වීමට විය හැක.) පසුදා උදෑසන ඔහුගේ ඇස්‌ බැඳුම ගලවා ඔහුට මූණ සෝදන්න යෑයි කියා ඔහු උස්‌සගෙන ආවේ වැරදීමකින් බවත් කියමින් ඔහු වෑන් රථයේ දමාගෙන ගොස්‌ මාලබේ අතුරුගිරිය පැත්තේ ගල් වලක්‌ අසලදී නිදහස්‌ කොට ගොස්‌ ඇත. ඔහුගෙන් කිසිම ප්‍රශ්න කිරීමක්‌ ද කර තිබූ බවක්‌ ප්‍රගීත් නෙල්සන්ට කීවේ නැත.

නෙල්සන් එදිරිසිංහ මේ එක්‌ වචනයක්‌වත් විශ්වාස කොට නැත. මේ කතාව ඇසූ වෙන කිසිවෙක්‌ද එය විශ්වාස නොකරන්නට ඇත. ඒ මන්ද යත් දඹුල්ලේදී ප්‍රගීත් ගැන සෝදිසියෙන් සිට ඔහු පසුපස ඒමට පිටකොටුව බස්‌ නැවතුම්පළේ මිනිසෙක්‌ යොදවා ඔහුගේ නිවසට යන පාරේ සුදු වෑන් රථයක්‌ නවතා තිබීම යන කාරණා වලින් වැටහෙන්නේ ඔහු දින ගණනක්‌ හෝ සති ගණනක්‌ තිස්‌සේ පැහැරගත් කණ්‌ඩායම නිරීක්‍ෂණය කොට ඇති බවයි. මේ ආකාරයට කාලයක්‌ මුළුල්ලේ නිරීක්‍ෂණය කරන අයකු සම්බන්ධයෙන් කිසිදු වැරැදීමක්‌ සිදුවිය නොහැක. ඒ ආකායරට පසුපසින් පන්නන්නේ ඉතාම අත්‍යවශ්‍ය පුද්ගලයන් පමණි. පසුගිය වකවානුවේ අවශ්‍ය වී සිටින පුද්ගලයන් ගැන තොරතුරු ලබාගැනීමට ඇතැම් අය උස්‌සගෙන ගොස්‌ තිබුණත් ඒ තොරතුරු ලබා ගත්පසු ඔවුන් නිදහස්‌ කොට තිබුණු බවට වාර්තා ඇත. මෙවැනි පැහැරගැනීම් වුවමනාවෙන්ම කරන ඒවා මිස වැරැදීමෙන් කරන ඒවා නොවේ. පසුගිය අවුරුදු ගණනාව තුළම වැරැදීමකින් උස්‌සගෙන ගියාය කියන එකම පුද්ගලයා ප්‍රගීත්ය. මෙය සිදුවිය හැක්‌කක්‌ නොවේ. එපමණක්‌ නොව පසුගිය වකවානුව පුරාම උස්‌සගෙන ගියා යෑයි කියන සියලුම පුද්ගලයන් පාහේ දෙමළ ජාතිකයෝය. ප්‍රගීත් සිංහලය. සිංහලයෙක්‌ උස්‌සන් යන විරල අවස්‌ථාවක වැරැදීමක්‌ සිදුවේ යෑයි සිතිය හැකිද?

ප්‍රගීත්ගේ සමීපතම මිතුරන් වුවත් ඔහු ඉස්‌සුවා යෑයි කියන කථාව විශ්වාස කළේ නැත. උස්‌සන විට දැකපු කෙනෙක්‌ නැත. නිදහස්‌ කරන විට දැකපු කෙනෙක්‌ද නැත. තමන් ඉස්‌සූ බව දන්නේ ප්‍රගීත් පමණි. පසුව ප්‍රගීත් ඔහුගේ පැරැණි මිතුරකු වන සාලින්ද දිසානායක නියෝජ්‍ය ඇමැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්, ගුණදාස ජයලත් හමුවීමට ගොස්‌ ඇත. ප්‍රගීත් ජයලත්ටද මේ පැහැරගැනීමේ සිද්ධිය විස්‌තර කොට තිබිණි. මෙහිදී ජයලත් ඔහුගෙන් අසා තිබුණේ ඔහු වැනි අයෙක්‌ උස්‌සන්න ආණ්‌ඩුවට ඇති වුවමනාව කුමක්‌ද යන්නයි. ප්‍රගීත් පවසා තිබුණේ යුද්ධයේ අවසන් දිනවල කොටි සංවිධානය මෙන්ම හමුදාවද රසායනික අවි භාවිත කර තිබූ බව ඔහු එක්‌තරා තැනක පවසා ඇති බවත්, ආණ්‌ඩුව ඒ ගැන උරණ වී සිටියා විය හැකි බවත්ය. එවැනි දේකට ඔහු උස්‌සන් ගියා නම් ඔහු බේරුණේ කොහොම දැයි ජයලත් ප්‍රගීත්ගෙන් අසා ඇත.

මෙයට ප්‍රගීත්ගේ පිළිතුර වී ඇත්තේ යම් බලපෑමක්‌ කළ හැකි චන්ද්‍රප්‍රේම වැනි ඔහුගේ මිතුරෙක්‌ ඔහුව මුදාහරින මෙන් ආණ්‌ඩුවට බලපෑම් කළා විය හැකි බවයි. ඔහු මෙය සඳහන් කොට තිබුණේ නිශ්චිත දෙයක්‌ හැටියට නොව සැකයක්‌ හැටියටය. ජයලත් ප්‍රගීත්ගේ බිරිඳ වන සන්ධ්‍යාට ඔහුට ප්‍රගීත්ව හමුවූ ඒ අවස්‌ථාවේදී සාකච්ඡා කළ දේ කියා ඇත. ප්‍රගීත් පැහැරගත් මුල් අවස්‌ථාවේදී මා ඔහුව බේරාගත් බව ජයලත් ඇයට පැවසූ බව කියමින් සන්ධ්‍යා මට දුරකථන ඇමතුමක්‌ දුන්නේ ඉන්පසුව විය හැක. මෙහිදී තොරතුරු වටේට වටේට යන බවක්‌ පෙනේ. එනම් පැහැරගත් මුල් අවස්‌ථාවේදී බේරා ගත්තේ චන්ද්‍රප්‍රේම විය හැකි යෑයි ප්‍රගීත් ජයලත්ට කියයි. ජයලත් ප්‍රගීත් කී දෙය සන්ධ්‍යාට කියයි. ඉන්පසු සන්ධ්‍යාත් ඒ ගැන මගෙන් අසයි. නමුත් මේ සියලු තොරතුරුවල මුල ප්‍රගීත්ය.

මෙහි සත්‍ය කාරණය වන්නේ 2009 අගෝස්‌aතු මාසයේදී ප්‍රගීත්ගේ මේ ඉස්‌සීමේ පුවත මට අසන්නට ලැබුණේ ඊට කාලයකට පසු නෙල්සන් එදිරිසිංහගෙනි. ප්‍රගීත් ඉස්‌සුවා යෑයි කියන මුල් අවස්‌ථාවේදී ඒ ගැන මම දැන සිටියේ නම් සහ එය ආණ්‌ඩුවෙන් කරන ලද්දක්‌ යෑයි මම දැනගෙන සිටියේ නම් මම කරන්නේ කොටුව දුම්රියපළ ඉදිරිපිට මැස්‌සක්‌ ගසාගෙන උපවාසයක්‌ ආරම්භ කිරීමයි. ඒ ප්‍රගීත්ව නිදහස්‌ කර ගැනීමට නොව මෙතරම් බලගතු හා ජනප්‍රිය ආණ්‌ඩුවක්‌ ප්‍රගීත් එක්‌නැලිගොඩ වැනි කිසිවකු නොදන්නා කිසිවකුටත් හානියක්‌ කළ නොහැකි අහිංසක නිකමෙකු උස්‌සාගෙන යැමට තරම් පහත් තතත්වයකට වැටීම ගැන විරෝධය පෑමටය. ප්‍රගීත් රාජපක්‌ෂ ආණ්‌ඩුවට විරුද්ධ වූ අයෙක්‌ බව සත්‍යයක්‌ වුවත් ඔහුගෙන් ආණ්‌ඩුවට වන හානියක්‌ නොවීය. ඔහු කවදත් පවතින ආණ්‌ඩුවට විරුද්ධව සිටි අයෙකි. ඔහු රට පාලනය කරන හැමෝටම විරුද්ධය.

1994 ට පෙර යූ.ඇන්.පී. යටත් ඉන්පසු චන්ද්‍රිකාටත් ඉන්පසු මහින්දටත් ඔහු විරුද්ධ විය. නමුත් ඔහු මොනම ආණ්‌ඩුවකටවත් හානියක්‌ කළ හැකි පුද්ගලයෙක්‌ නොවීය. ඔහු ආණ්‌ඩුවට විරුද්ධ ලිපි දිනපතා පළකළත් ඒවා කිසිවකුටත් කියවිය නොහැක. 1980 ගණන්වල අය තරුණ කාලයේ රටේ විප්ලවයක්‌ ගැන කතා කළ කම්කරු මාවත නමැති මාක්‌ස්‌වාදී සංවිධානයක්‌ විය. මොවුන් සන්නද්ධ අරගල ගැන එළිපිටම කථා කළද වාම විරෝධී ආණ්‌ඩුවක්‌ වූ ඡේ. ආර්. ජයවර්ධන පවා ඔවුන්ව තුට්‌ටුවකටවත් ගණන් ගත්තේ නැත. ප්‍රගීත්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වයද ඒ ජාතියේම දේශපාලන ක්‍රියාකාරීත්වයක්‌ විය. ප්‍රගීත් කිසිදාක මොනම ක්‍රියාකාරකමකවත් ප්‍රධාන චරිතයක්‌ රඟපෑ අයෙක්‌ නොවේ.

2009 අගෝස්‌තු මාසයේදී ඔහු පැහැරගෙන ගිය කථාව ඔහුගේ සමීපතම මිතුරන් වත් කිසිවෙක්‌ විශ්වාස කළේ නැත. මම විශ්වාස කරන්නේද නැත. සුනන්ද දේශප්‍රිය, රාවයේ ලියා තිබුණේ සන්ධ්‍යා ඔහුට කියපු දෙයයි. ඒ ලිපියට අනුව ගුණදාස ජයලත් හා නෙල්සන් එදිරිසිංහ යන දෙදෙනාම ප්‍රගීත් පැහැරගත් මුල් අවස්‌ථාවේදී ඔහු ව බේරුවේ මම යෑයි සන්ධ්‍යාට කියා ඇතැයි සඳහන් වෙයි. මම මේ ගැන නෙල්සන් එදිරිසිංහගෙන් ඇසූ විට ඔහු එවැනි කිසිවක්‌ සන්ධ්‍යාට නොකී බව පවසා සිටියේය. මම ගුණදාස ජයලත්ගෙන් අසන විටද ඔහු මට කියා සිටියේ ඔහු සන්ධ්‍යාට එවැනි කිසිවක්‌ නොකී බවත් ඔහු ඇයට කීවේ ප්‍රගීත් ඔහුට කී කථාව පමණක්‌ බවත්ය.

මේ දෙදෙනාම පසෙක තබමු. සන්ධ්‍යා යනු මාද අඳුනන නිසා මා ඇයට කීවේ ඔහු පැහැරගත්තා යෑයි කියන මුල් අවස්‌ථාවේදී මා එම පුවත නොදන්නා බවත්, මට ප්‍රගීත්ව අවසන් වරට මුණගැසුණේ මීට අවුරුදු නමයකට පමණ පෙර බවත්ය. ඒ මා විදේශගතව සිට නැවත රටට පැමිණුන පසු ප්‍රගීත් මට වරක්‌ දෙවරක්‌ දුරකථනයෙන් කථා කළද 2006 අවසානයෙන් පසු ඔහු මා සමග දුරකථනයෙන් වත් කථා කර නැති බවත්ය. මේ නිසා පසුගිය අවුරුදු තුනහමාරක පමණ කාලයක්‌ තුළ ප්‍රගීතුත් මමත් අතර කිසිදු සම්බන්ධතාවක්‌ නොපැවතිණි.

මේ සියලු විස්‌තර මවිසින්ම සන්ධ්‍යාට කියා තිබියදීත් ඇය සුනන්ද දේශප්‍රියට දී ඇති විස්‌තරය වන්නේ ප්‍රගීත් පැහැරගත් මුල් අවස්‌ථාවේදී ඔහු බේරා ගත්තේ මා බවයි. මෙහිදී මට පෙනෙන්නේ මගේ නම භාවිත කර නැත්තක්‌ ඇත්තක්‌ බවට හැරවීමට උවමනාවෙන්ම ගත් උත්සාහයකි. මා ඔහු බේරා ගත්තා නම් කවුරුන් විසින් හෝ ප්‍රගීත්ව උස්‌සා තිබිය යුතුය. ඉස්‌සීමක්‌ නොමැතිව බේරා ගැනීමක්‌ සිදුවිය නොහැකි නිසාය. මා මෙතෙක්‌ කල් මේ ගැන නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළේ ප්‍රගීත් ගැන සිතාය. නමුත් මේ ප්‍රොaඩාව ඉදිරියට ගෙන යැමට මගේ නම උපයෝගී කර ගැනීම ගැන මගේ කිසිම පැහැදීමක්‌ නැත. මේ නිසා සන්ධ්‍යා එක්‌නැලිගොඩ උපාලි පුවත්පත් සමාගමට ඇවිත් මා හමුවූ අවස්‌ථාවේදී මා ඇයට පෞද්ගලිකව මේ කාරණය පිළිබඳව මගේ ඇති මතය කියා සිටියේය. ඇයට පෞද්ගලිකව කී දේ මට දැන් ප්‍රසිද්ධියේත් කීමට සිදුවනු ඇත.

ඉතිරි කොටස හෙට

සී. ඒ. චන්ද්‍රප්‍රේම

Follow

Get every new post delivered to your Inbox.