අද (මැයි 20) දිවයින පුවත්පතින් උපුටා ගත්තකි …
ඊළාම් නාඩගම්
සුඩාන අරගලය සඳහා ඇමරිකාව විස්‌මයජනක ලෙස සහාය දැක්‌වූවා. ඇමරිකාව නැතුව අපට කටයුතු කළ හැකි යෑයි මා සිතන්නේ නැහැ. ඔවුන් අපිට වැඩියෙන් ම උදව් කළා. මට යළිත් වරක් ඔවුන්ට ස්‌තුතිය පුද කරන්න අවශ්‍යයි. ලබන වසරෙ ස්‌වාධීන රාජ්‍යයක් අපට බිහි වනු ඇතැයි මම විශ්වාසය තබනවා.
-සුඩාන ජනතා විමුක්‌ති පෙරමුණේ ඇමරිකානු නියෝජිත ඩෝමාච් වැල් රුච්
“U.S.A. had done magnificent help to sudanese. I dont think that we could have done this without the united states of America – They hepled us so much. I want to thank them once again. We are hopeful in January next Year. We will be an Independent state – Domach wal ruach – Sudan Peoples Liberation Front
රටවල් දෙකඩ කරන සැබෑ සතුරා කව්දැයි සනාථ කිරීමට සාක්‍ෂි මුළු ලොව හමුවේම ප්‍රදර්ශනය කරන්නේ බෙදුම්වාදය ක්‍රියාත්මක කරන සංවිධානය පසුගිය සඳුදා ඇමරිකාවේ පිලයෙල් වියානා හි ජාතික ව්‍යවස්‌ථා මධ්‍යස්‌ථානයේ පැවැති කොටි ත්‍රස්‌තයන්ගේ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති හොර ආණ්‌ඩුව ස්‌ථාපිත කිරිමේ උත්සවය ඇමතූ සුඩානය දෙකඩ කිරීමට උත්සාහ කරන ප්‍රධාන විමුක්‌ති සංවිධානය නමැති බෙඳුම්වාදී සංවිධානයේ ඇමරිකානු ඒජන්ත ඩෝමාච් වැල් රුච් ඇමරිකාවේ අබිරහස් ක්‍රියාමාර්ගය හෙළි කළේය. තම සංවිධානයේ නායකයාට විශාල හමුදාවක් ඇති නමුත් හමුදාමය වශයෙන් ජයගත නොහැකි යෑයි පැවසූ හෙතෙම සුඩාන අරගලයට ඇමරිකාව විශාල වශයෙන් උදව් කරන බව පිළිගත්තේය.
ඇමරිකාව නැතිව අපට අරගලය ගෙන යැමට නොහැකි බවටත්, ලබන වසරේදී සුඩානය තුළ වෙනම රටක් බිහිවන බවටත් හෙතෙම අනාවැකි පළකළේය.
මේ නිසා ඇමරිකාවේ ෙද්‍ර`හී ක්‍රියා පිළිවෙතට තවදුරටත් සාක්‍ෂි කුමකටද?
කොටින්ට එරෙහිව යුද්ධය ජයගත නොහැකි බව ප්‍රසිද්ධියේ පැවසුවේ මෙරට සිටි ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් ය.
කොටි පරදින බව දැනගත් බ්ලේක් හා ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව චාලි හෙවත් හර්කියුලස් යානාවකින් ඇමරිකානු ශාන්තිකර මූලස්‌ථානයේ ගලවා ගැනීමේ යෙදෙන හමුදා කණ්‌ඩායමක් එවා ප්‍රභාකරන් ඇතුළු කොටි නායකත්වයේ සියයක් ත්‍රස්‌තයන් නැව් මගින් මුදා ගැනීමට උත්සාහ කළහ.
මේ හර්කියුලස් යානාව කටුනායක ගුවන් තොටුපලට එන බව ශ්‍රී ලංකා රජයට දන්වනු ලැබුවේ එය හවායි සිට ගුවන්ගත වීමෙන් පසුවය.
එහෙත් රොබට් බ්ලේක්‌ගේ කොටි බේරාගැනීමේ සැලසුම ව්‍යර්ථ විය. එහෙත් ඇමරිකාව පවසන්නේ කොටි සංවිධානය තහනම් කර ඇති බවය. කොටි සංවිධානය තහනම් නම් ප්‍රභාකරන්ලාව බේරා ගැනීමට බ්ලේක් උත්සාහ කළේ ඇයි?
දැන් ඇමරිකාවේ දෙබිඩි රංගනය සනාථ වී ඇත. ඇමරිකානු කොටි ඒජන්ත රුද්රකුමාරන් පිලඩෙල්ෆියා නගරයේ ජාතික ව්‍යවස්‌ථා මධ්‍යස්‌ථානයේදී රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමින් හොර ආණ්‌ඩුවක සමාරම්භක උත්සවය පැවැත්වූයේ කොටි ත්‍රස්‌තවාදී ධජය ප්‍රදර්ශනය කරමිනි.
මේ සමාරම්භක උත්සවය ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් පෙනී සිටි ඇමරිකානු හිටපු නීතිපති රැම්සේ ක්‌ලාක් සහ සුඩාන ප්‍රධාන බෙදුම්වාදී සංවිධානයේ ඇමරිකානු ඒජන්ත ඩෝමාච් වැල් රුච් සහභාගි වී පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමට ක්‍රියා කරන ලෙසය.
මේ රැම්ස් ක්‌ලාක් කළ ප්‍රකාශය රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවක් පිහිටුවීමට ගත් ක්‍රියාමාර්ගය නිර්භීත පියවරක්. ඔබලා හමුවේ ඇති අභියෝගය ඉතාමත් විශාලයි. මේ ක්‍රියාදාමය තුළින් නිදහස් ඊළමක් හිමිකර ගත හැකියි.
සුඩාන ජනතා විමුක්‌ති සංවිධානයේ ඇමරිකානු ඒජන්ත වෝමාච් වැල් මෙසේ පවසා ඇත. අරගලය පහසු නැත. පසුබෑම්ද ඇත. ඔබලා එය තරුණ පරපුර වෙත පවරන්න. ඔබලා එය දැන් නොකරන්නේ නම් මුළු පරපුරම අහිමි වනු නියතය.”
මේ ප්‍රකාශවලින් ඇමරිකානු කොටි ජාලය පවසන්නේ යළිත් වරක් ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදී යුද්ධයක් ආරම්භ කරන ලෙස ය.
මේ අන්දමට අල්කයිදා සහ තාලිබාන් කණ්‌ඩායම් වලට ඇමරිකාව තුළ රටින් පිටත අල්කයිදා, තාලිබාන් ආණ්‌ඩුවක් ස්‌ථාපිත කිරීමට උත්සවයක් පැවැත්වීමට ඇමරිකාව ඉඩ දෙන්නේද?
ඇමරිකානු කොටි ඒජන්ත රුද්රකුමාරන් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රජයට එරෙහිව පැවැත්වූ මේ ඊළාම් ආණ්‌ඩු උත්සවය ගැන ඇමරිකානු බලධාරීහු මෙතෙක් කිසිම ප්‍රකාශයක් කර නැත.
මෙරට සෑම ප්‍රශ්නයකටම මැදිහත් වන කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයද නිසලව සිටී. එහෙත් රුද්රකුමාරන්ගේ මේ ක්‍රියාදාමයට ඉඩදීම මුළුමනින්ම ෙද්‍ර`හී ක්‍රියාවකි.
ශ්‍රී ලංකාවේ සහජීවන ක්‍රියාමාර්ගයක් ඇති කරන්නැයි ඉල්ලන ඇමරිකාව පසුපසින් කොටි ත්‍රස්‌තයන්ට ඊළාම් ආණ්‌ඩු රැස්‌වීම් පැවැත්වීමට ඉඩ දීමෙන් සනාථ වන්නේ ඇමරිකානු රහසිගත න්‍යාය පත්‍රයයි.
මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් කොටි ඒජන්තවරු පිලඩෙල්ෆියාහිs ඊළාම් ආණ්‌ඩු උත්සවය පවත්වන තුරු අපේ තානාපති නිලධාරීහු කුමක් කළේද යන්නයි.
කොටි ඒජන්ත රුද්රකුමාරන් විසින් තම ඊළාම් ආණ්‌ඩු උත්සවය පවත්වන බව දින කීපයකට පෙර යුරෝපා කොටි වෙබ් අඩවිවලට හෙළිකර තිබිණි.
ඔහු ජර්මනියට හා ස්‌විට්‌සර්ලන්තයට ද රහසිගතව පැමිණ කොටි ඒජන්තවරුන් සමඟ සාකච්ඡා කර ආපසු පිටව ගිය බව අප හට වාර්තා විය. එහෙත් අවාසනාවන්ත තත්ත්වය නම් තානාපති නිලධාරීන් සහ අපේ තානාපති කාර්යාලවල ස්‌ථානගතව සිටින හමුදා නිලධාරීන්ට රුද්රකුමාරන්ලාගේ රහස් තොරතුරු අනාවරණය නොවීමයි.
මේ බව සනාථ වන්නේ ඇමරිකාවේ පිලඩෙල්ෆියාහිs රටින් පිටත ඊළාම් ආණ්‌ඩු උත්සවයට සමගාමීව ජිනීවා හිද උත්සවයක් පැවැත්වීමයි.
මෙලෙස රුද්රකුමාරන්ට රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති උත්සවය පැවැත්වීමට ඉඩ දීම අත ඊසොප්ගේ වුවත් හඬ ජෙකොබ්ගේ යන කියමනට සමාන ක්‍රියාදාමයකි.
මේ නිසා මේ පසුපස සිටින්නේ ඇමරිකාවයි. ඇමරිකානු කොටි ඒජන්ත රුද්රකුමාරන් හෝ කිසිවකු ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට එවන්නේ නැති බවත් ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා රජයට ඉඩ දෙන්නේ නැති බවත් පැවසුවේ ද රොබට් බ්ලේක් ය.
මේ ප්‍රකාශය තුළින් බ්ලේක් රඟදක්‌වන බෙදුම්වාදී නාටකය පැහැදිලිය. සුඩානය දෙකඩ කිරිම සඳහා සුඩාන බෙදුම්වාදීන්ට විස්‌මයජනක සහායක් දක්‌වන ඇමරිකාව කොටි පරාජය වීම නිසා දැඩි කෝපයෙන් සිටින බව තේරුම් ගත යුතුය.
ප්‍ර්‍රජාතන්ත්‍රවාදය ගැන හඬ නඟන ඇමරිකාව ත්‍රස්‌තවාදය සම්බන්ධයෙන් ද්විත්ව රංගනයක යෙදී ඇත්තේ වසර ගණනාවක සිටය.
රොබට් බ්ලේක් ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යුද අපරාධ වාර්තාවක් යොමු කළේය.
ඔහුගේ සැබෑ මිතුරන් මෙරට එන්.ජී.ඕ. ප්‍රධානීන් ය.
ඇමරිකාව මුලින්ම කොටි බේරා ගැනීම ආරම්භ කළ මෙහෙයුම ව්‍යර්ථ විය.
දැන් ආරම්භ කළේ එහි දෙවැනි මෙහෙයුමයි. සුඩාන බෙදුම්වාදී සංවිධානයේ ඇමරිකානු ඒජන්ත ඩෝමාච් වැල්ගේ ප්‍රකාශය ඊට නිදසුන්ය. ඇමරිකාව දැන් සුඩාන ප්‍රජාවට (ඩයස්‌පෝරාව) සහාය ලබා දෙති යෑයි හෙතෙම හෙළි කරනු ලැබීය.
මේ රජය සතුරන් හා මිතුරන් කවුදැයි දැන්වත් තේරුම් ගත යුතුය. ඇමරිකාවේ දේශීය එන්.ජී.ඕ. ඒජන්තවරු රැසක් මෙරට සිටී. ඔවුන් බලා සිටින්නේ අවස්‌ථාව එනතුරුය.
ඒ සඳහා රජය ඉඩදිය යුතුද? රුද්රකුමාරන් පිලඩෙල්ෆියාහි ඊළාම් ආණ්‌ඩු උත්සවය පවත්වන තුරු ඊට එරෙහිව විරෝධතාවක් ඉදිරිපත් නොවූයේ ඇයි?
හමාස් සංවිධානය බ්‍රිතාන්‍යයේ රැස්‌වීමක් පැවැත්වීමට යන බවට වාර්තා වූ විගස බ්‍රිතාන්‍යයේ ඊශ්‍රායල් තානාපති නිලධාරිහු ඊට එරෙහිව බ්‍රිතාන්‍ය බලධාරීන්ට දැඩි විරෝධය පෑම නිසා එම රැස්‌වීම නතර විය.
එහෙත් රුද්‍රකුමාරන්ගේ රැස්‌වීම නතර කිරීමට අපේ තානාපති නිලධාරීන්ට නොහැකි වූයේ ඇයි?
මෙය පුදුමයක් නොවේ. ඇතැම් තානාපති නිලධාරිනියන් ඇමැතිවරයකු වෙනුවෙන් දේශපාලන කටයුතු කිරීමට ද මෙරටට පැමිණි බව වාර්තා විය.
රටින් පිටත සිටින ඊලාම්වාදීහු නාඩගම් නටන්නේ මේ නිසාය.
මැයි 28, 2010 දින 3:52 ප.ව. ට
හොඳ දැනුවත් කිරීමක් ස්තූතියි.