කවි ද මන්දා … 2

මේකත් ඒ යාලුවම එවුව කවියක් …

මට හිතුණා ඒකත් පළ කරන්න …

ඔබ සයුර විටෙක එන
මොහොතකින් නැවත යන

මම වෙරළ ඔබ එනතුරු රැඳී
පිවිතුරුව මග බලන

කවි ද මන් දා …

මේ මට මගේ යාලුවෙක් එව්ව කවි දෙකක් …

මට හිතුණා ඒක පළ කරන්න …

දුවන සිත අල්ලාන බැන්දට – නැවතුමක් නම් නැති හැටි

මගේ නෙවෙයි ‍වෙනකෙකුගෙ වගේ ඇස් වසා පැන යන හැටි

අනේ පොඩියක් ඉන්න යැයි මා කී වගක් නෑහුණු හැටි

ගිණුම් අතරින් ඇදෙන ඇස් හා යහලු නොවෙනා සේ ‍දිවි

කොහේ දිවිනිද නොදෙන මා නෙතු ඔහේ කැරකුණි ගිම් නැති

ඉතිරි කවි පද ලියන්නට බැරි සෙයකි මගේ හිත මෙහි නැති

Follow

Get every new post delivered to your Inbox.