Lankan thoughts | ලාංකීය සිතුවිලි

කවි ද මන්දා … 2
මේකත් ඒ යාලුවම එවුව කවියක් …

මට හිතුණා ඒකත් පළ කරන්න …

ඔබ සයුර විටෙක එන
මොහොතකින් නැවත යන

මම වෙරළ ඔබ එනතුරු රැඳී
පිවිතුරුව මග බලන

Blog : http://lankanthoughts.blogspot.com

email : thejan.rathnayake@gmail.com

කවි ද මන් දා …
මේ මට මගේ යාලුවෙක් එව්ව කවි දෙකක් …

මට හිතුණා ඒක පළ කරන්න …

දුවන සිත අල්ලාන බැන්දට – නැවතුමක් නම් නැති හැටි

මගේ නෙවෙයි ‍වෙනකෙකුගෙ වගේ ඇස් වසා පැන යන හැටි

අනේ පොඩියක් ඉන්න යැයි මා කී වගක් නෑහුණු හැටි

ගිණුම් අතරින් ඇදෙන ඇස් හා යහලු නොවෙනා සේ ‍දිවි

කොහේ දිවිනිද නොදෙන මා නෙතු ඔහේ කැරකුණි ගිම් නැති

ඉතිරි කවි පද ලියන්නට බැරි සෙයකි මගේ හිත මෙහි නැති

Blog : http://lankanthoughts.blogspot.com

email : thejan.rathnayake@gmail.com

මේ රටක් අලු මතින් නැගී සිටි සතියක පුනරාවර්ජනයයි !!!
මේ ගෙවී යන්නේ අපේ රට දශක කිහිපයක් පසු පසට ඇද දමනු ලැබ තිබූ යුගයක් අවසන් කරනු ලැබූ දින කිහිපයක වසරක සැමරුමයි. එහෙත් අපට දැන්මම අමතක වී ඇති මේ අභිමානවත් දින කිහිපය එලෙස අමතක කරන්නට නොහැකි වන ලෙස සොබා දහම පාඩමක් උගන්වා ඇත. ඒ තම ඉතිහාසය අමතක කර ඇති මේ රටේ පාදඩ සිංහලයන් අටෝ රාශියක් හට කරනු ලබන සිහිකැඳවීමක් වැන්න. අතපය දිගහැර නිදා වැටෙන්නට පළමු අපට කළ යුතු කාර්යයන් රාශියක් ඇති බව අමතක නොකළ යුතු යි. ඇත්ත ය. අපට තවත් කළ යුතු බොහෝ දේ ඇත. ඒ අපේ රටේ අනාගත පරපුර වෙනුවෙනි.

මේ යුද්ධය ජයග්රා.හීව නිම කරන්නට දායකත්වය දැක්වූ හා මෙහෙයවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රෝමුඛ රජයටත් එය ජයග්රා.හීව නිම කළ ආරක්ෂක හමුදාවන්ටත් උපහාරයක් පිණිස මේ සටහන ලියා තබමි.

බහිරාමුවාට අනුව අප සමරන්නේ මරණ ය. එය ඇත්තකි. සාමන්යි බුද්ධියක් තිබෙන ඕනම ඔලමොට්ටලයෙකු හට තේරුම් යන කාරණය නම් ත්රමස්තවාදී ක්රිතයා අවසන් කළ හැක්කේ රාජ්යි බලය යොදවා කෙරෙන මෙහෙයුමකින් පමණක් බවයි. එහෙත් ඒ මරණය (ප්රාභාකරන්ගේ හා අනෙකුත් නායකයන්ගේ) අප සමරනු නොලබන බවත් අපට වඩාත් වැදගත් වන්නේ ජයග්රතහණය විඳ ගැනීමයි. එක් අයෙකුගේ මරණය ගැන මේ හැටි කඳුලු සලන බහිරාමුවාගේ කට්ටිය මේ මරණ විසින් බේරා ගන්නා ලද ජීවිත සංඛ්යායව ගැන කල්පනා නොකරන්නේ ඇයි.

ඒ තවමත් ඔවුනට පැවරූ රාජකාරිය නිසියාකාරව අහවර නැති ව ඇති හෙයිනි.

ඒනිසා අපගේ අවධානයත් තවමත් ‍බිඳී නොමැත.

අවදියෙන් සිටින්න. අභියෝග නිවැරදිව හඳුනා ගන්න. ක්රි යාත්මක වන්න.

මේ නිදා වැටීමට කාලය නොවේ.

‍සොබා දහම අපට කියා දෙන්නේ ද එයයි.

Blog : http://lankanthoughts.blogspot.com

email : thejan.rathnayake@gmail.com

තවමත් අවසන් නැති ඊළම් නාටකය
අද (මැයි 20) දිවයින පුවත්පතින් උපුටා ගත්තකි …

ඊළාම් නාඩගම්

සුඩාන අරගලය සඳහා ඇමරිකාව විස්‌මයජනක ලෙස සහාය දැක්‌වූවා. ඇමරිකාව නැතුව අපට කටයුතු කළ හැකි යෑයි මා සිතන්නේ නැහැ. ඔවුන් අපිට වැඩියෙන් ම උදව් කළා. මට යළිත් වරක්‌ ඔවුන්ට ස්‌තුතිය පුද කරන්න අවශ්‍යයි. ලබන වසරෙ ස්‌වාධීන රාජ්‍යයක්‌ අපට බිහි වනු ඇතැයි මම විශ්වාසය තබනවා.

-සුඩාන ජනතා විමුක්‌ති පෙරමුණේ ඇමරිකානු නියෝජිත ඩෝමාච් වැල් රුච්

“U.S.A. had done magnificent help to sudanese. I dont think that we could have done this without the united states of America – They hepled us so much. I want to thank them once again. We are hopeful in January next Year. We will be an Independent state – Domach wal ruach – Sudan Peoples Liberation Front

රටවල් දෙකඩ කරන සැබෑ සතුරා කව්දැයි සනාථ කිරීමට සාක්‍ෂි මුළු ලොව හමුවේම ප්‍රදර්ශනය කරන්නේ බෙදුම්වාදය ක්‍රියාත්මක කරන සංවිධානය පසුගිය සඳුදා ඇමරිකාවේ පිලයෙල් වියානා හි ජාතික ව්‍යවස්‌ථා මධ්‍යස්‌ථානයේ පැවැති කොටි ත්‍රස්‌තයන්ගේ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති හොර ආණ්‌ඩුව ස්‌ථාපිත කිරිමේ උත්සවය ඇමතූ සුඩානය දෙකඩ කිරීමට උත්සාහ කරන ප්‍රධාන විමුක්‌ති සංවිධානය නමැති බෙඳුම්වාදී සංවිධානයේ ඇමරිකානු ඒජන්ත ඩෝමාච් වැල් රුච් ඇමරිකාවේ අබිරහස්‌ ක්‍රියාමාර්ගය හෙළි කළේය. තම සංවිධානයේ නායකයාට විශාල හමුදාවක්‌ ඇති නමුත් හමුදාමය වශයෙන් ජයගත නොහැකි යෑයි පැවසූ හෙතෙම සුඩාන අරගලයට ඇමරිකාව විශාල වශයෙන් උදව් කරන බව පිළිගත්තේය.

ඇමරිකාව නැතිව අපට අරගලය ගෙන යැමට නොහැකි බවටත්, ලබන වසරේදී සුඩානය තුළ වෙනම රටක්‌ බිහිවන බවටත් හෙතෙම අනාවැකි පළකළේය.

මේ නිසා ඇමරිකාවේ ෙද්‍ර`හී ක්‍රියා පිළිවෙතට තවදුරටත් සාක්‍ෂි කුමකටද?

කොටින්ට එරෙහිව යුද්ධය ජයගත නොහැකි බව ප්‍රසිද්ධියේ පැවසුවේ මෙරට සිටි ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ ය.

කොටි පරදින බව දැනගත් බ්ලේක්‌ හා ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව චාලි හෙවත් හර්කියුලස්‌ යානාවකින් ඇමරිකානු ශාන්තිකර මූලස්‌ථානයේ ගලවා ගැනීමේ යෙදෙන හමුදා කණ්‌ඩායමක්‌ එවා ප්‍රභාකරන් ඇතුළු කොටි නායකත්වයේ සියයක්‌ ත්‍රස්‌තයන් නැව් මගින් මුදා ගැනීමට උත්සාහ කළහ.

මේ හර්කියුලස්‌ යානාව කටුනායක ගුවන් තොටුපලට එන බව ශ්‍රී ලංකා රජයට දන්වනු ලැබුවේ එය හවායි සිට ගුවන්ගත වීමෙන් පසුවය.

එහෙත් රොබට්‌ බ්ලේක්‌ගේ කොටි බේරාගැනීමේ සැලසුම ව්‍යර්ථ විය. එහෙත් ඇමරිකාව පවසන්නේ කොටි සංවිධානය තහනම් කර ඇති බවය. කොටි සංවිධානය තහනම් නම් ප්‍රභාකරන්ලාව බේරා ගැනීමට බ්ලේක්‌ උත්සාහ කළේ ඇයි?

දැන් ඇමරිකාවේ දෙබිඩි රංගනය සනාථ වී ඇත. ඇමරිකානු කොටි ඒජන්ත රුද්රකුමාරන් පිලඩෙල්ෆියා නගරයේ ජාතික ව්‍යවස්‌ථා මධ්‍යස්‌ථානයේදී රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමින් හොර ආණ්‌ඩුවක සමාරම්භක උත්සවය පැවැත්වූයේ කොටි ත්‍රස්‌තවාදී ධජය ප්‍රදර්ශනය කරමිනි.

මේ සමාරම්භක උත්සවය ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් පෙනී සිටි ඇමරිකානු හිටපු නීතිපති රැම්සේ ක්‌ලාක්‌ සහ සුඩාන ප්‍රධාන බෙදුම්වාදී සංවිධානයේ ඇමරිකානු ඒජන්ත ඩෝමාච් වැල් රුච් සහභාගි වී පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීමට ක්‍රියා කරන ලෙසය.

මේ රැම්ස්‌ ක්‌ලාක්‌ කළ ප්‍රකාශය රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ගත් ක්‍රියාමාර්ගය නිර්භීත පියවරක්‌. ඔබලා හමුවේ ඇති අභියෝගය ඉතාමත් විශාලයි. මේ ක්‍රියාදාමය තුළින් නිදහස්‌ ඊළමක්‌ හිමිකර ගත හැකියි.

සුඩාන ජනතා විමුක්‌ති සංවිධානයේ ඇමරිකානු ඒජන්ත වෝමාච් වැල් මෙසේ පවසා ඇත. අරගලය පහසු නැත. පසුබෑම්ද ඇත. ඔබලා එය තරුණ පරපුර වෙත පවරන්න. ඔබලා එය දැන් නොකරන්නේ නම් මුළු පරපුරම අහිමි වනු නියතය.”

මේ ප්‍රකාශවලින් ඇමරිකානු කොටි ජාලය පවසන්නේ යළිත් වරක්‌ ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදී යුද්ධයක්‌ ආරම්භ කරන ලෙස ය.

මේ අන්දමට අල්කයිදා සහ තාලිබාන් කණ්‌ඩායම් වලට ඇමරිකාව තුළ රටින් පිටත අල්කයිදා, තාලිබාන් ආණ්‌ඩුවක්‌ ස්‌ථාපිත කිරීමට උත්සවයක්‌ පැවැත්වීමට ඇමරිකාව ඉඩ දෙන්නේද?

ඇමරිකානු කොටි ඒජන්ත රුද්රකුමාරන් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රජයට එරෙහිව පැවැත්වූ මේ ඊළාම් ආණ්‌ඩු උත්සවය ගැන ඇමරිකානු බලධාරීහු මෙතෙක්‌ කිසිම ප්‍රකාශයක්‌ කර නැත.

මෙරට සෑම ප්‍රශ්නයකටම මැදිහත් වන කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයද නිසලව සිටී. එහෙත් රුද්රකුමාරන්ගේ මේ ක්‍රියාදාමයට ඉඩදීම මුළුමනින්ම ෙද්‍ර`හී ක්‍රියාවකි.

ශ්‍රී ලංකාවේ සහජීවන ක්‍රියාමාර්ගයක්‌ ඇති කරන්නැයි ඉල්ලන ඇමරිකාව පසුපසින් කොටි ත්‍රස්‌තයන්ට ඊළාම් ආණ්‌ඩු රැස්‌වීම් පැවැත්වීමට ඉඩ දීමෙන් සනාථ වන්නේ ඇමරිකානු රහසිගත න්‍යාය පත්‍රයයි.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් කොටි ඒජන්තවරු පිලඩෙල්ෆියාහිs ඊළාම් ආණ්‌ඩු උත්සවය පවත්වන තුරු අපේ තානාපති නිලධාරීහු කුමක්‌ කළේද යන්නයි.

කොටි ඒජන්ත රුද්රකුමාරන් විසින් තම ඊළාම් ආණ්‌ඩු උත්සවය පවත්වන බව දින කීපයකට පෙර යුරෝපා කොටි වෙබ් අඩවිවලට හෙළිකර තිබිණි.

ඔහු ජර්මනියට හා ස්‌විට්‌සර්ලන්තයට ද රහසිගතව පැමිණ කොටි ඒජන්තවරුන් සමඟ සාකච්ඡා කර ආපසු පිටව ගිය බව අප හට වාර්තා විය. එහෙත් අවාසනාවන්ත තත්ත්වය නම් තානාපති නිලධාරීන් සහ අපේ තානාපති කාර්යාලවල ස්‌ථානගතව සිටින හමුදා නිලධාරීන්ට රුද්රකුමාරන්ලාගේ රහස්‌ තොරතුරු අනාවරණය නොවීමයි.

මේ බව සනාථ වන්නේ ඇමරිකාවේ පිලඩෙල්ෆියාහිs රටින් පිටත ඊළාම් ආණ්‌ඩු උත්සවයට සමගාමීව ජිනීවා හිද උත්සවයක්‌ පැවැත්වීමයි.

මෙලෙස රුද්රකුමාරන්ට රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති උත්සවය පැවැත්වීමට ඉඩ දීම අත ඊසොප්ගේ වුවත් හඬ ජෙකොබ්ගේ යන කියමනට සමාන ක්‍රියාදාමයකි.

මේ නිසා මේ පසුපස සිටින්නේ ඇමරිකාවයි. ඇමරිකානු කොටි ඒජන්ත රුද්රකුමාරන් හෝ කිසිවකු ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට එවන්නේ නැති බවත් ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා රජයට ඉඩ දෙන්නේ නැති බවත් පැවසුවේ ද රොබට්‌ බ්ලේක්‌ ය.

මේ ප්‍රකාශය තුළින් බ්ලේක්‌ රඟදක්‌වන බෙදුම්වාදී නාටකය පැහැදිලිය. සුඩානය දෙකඩ කිරිම සඳහා සුඩාන බෙදුම්වාදීන්ට විස්‌මයජනක සහායක්‌ දක්‌වන ඇමරිකාව කොටි පරාජය වීම නිසා දැඩි කෝපයෙන් සිටින බව තේරුම් ගත යුතුය.

ප්‍ර්‍රජාතන්ත්‍රවාදය ගැන හඬ නඟන ඇමරිකාව ත්‍රස්‌තවාදය සම්බන්ධයෙන් ද්විත්ව රංගනයක යෙදී ඇත්තේ වසර ගණනාවක සිටය.

රොබට්‌ බ්ලේක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යුද අපරාධ වාර්තාවක්‌ යොමු කළේය.

ඔහුගේ සැබෑ මිතුරන් මෙරට එන්.ජී.ඕ. ප්‍රධානීන් ය.

ඇමරිකාව මුලින්ම කොටි බේරා ගැනීම ආරම්භ කළ මෙහෙයුම ව්‍යර්ථ විය.

දැන් ආරම්භ කළේ එහි දෙවැනි මෙහෙයුමයි. සුඩාන බෙදුම්වාදී සංවිධානයේ ඇමරිකානු ඒජන්ත ඩෝමාච් වැල්ගේ ප්‍රකාශය ඊට නිදසුන්ය. ඇමරිකාව දැන් සුඩාන ප්‍රජාවට (ඩයස්‌පෝරාව) සහාය ලබා දෙති යෑයි හෙතෙම හෙළි කරනු ලැබීය.

මේ රජය සතුරන් හා මිතුරන් කවුදැයි දැන්වත් තේරුම් ගත යුතුය. ඇමරිකාවේ දේශීය එන්.ජී.ඕ. ඒජන්තවරු රැසක්‌ මෙරට සිටී. ඔවුන් බලා සිටින්නේ අවස්‌ථාව එනතුරුය.

ඒ සඳහා රජය ඉඩදිය යුතුද? රුද්රකුමාරන් පිලඩෙල්ෆියාහි ඊළාම් ආණ්‌ඩු උත්සවය පවත්වන තුරු ඊට එරෙහිව විරෝධතාවක්‌ ඉදිරිපත් නොවූයේ ඇයි?

හමාස්‌ සංවිධානය බ්‍රිතාන්‍යයේ රැස්‌වීමක්‌ පැවැත්වීමට යන බවට වාර්තා වූ විගස බ්‍රිතාන්‍යයේ ඊශ්‍රායල් තානාපති නිලධාරිහු ඊට එරෙහිව බ්‍රිතාන්‍ය බලධාරීන්ට දැඩි විරෝධය පෑම නිසා එම රැස්‌වීම නතර විය.

එහෙත් රුද්‍රකුමාරන්ගේ රැස්‌වීම නතර කිරීමට අපේ තානාපති නිලධාරීන්ට නොහැකි වූයේ ඇයි?

මෙය පුදුමයක්‌ නොවේ. ඇතැම් තානාපති නිලධාරිනියන් ඇමැතිවරයකු වෙනුවෙන් දේශපාලන කටයුතු කිරීමට ද මෙරටට පැමිණි බව වාර්තා විය.

රටින් පිටත සිටින ඊලාම්වාදීහු නාඩගම් නටන්නේ මේ නිසාය.

Blog : http://lankanthoughts.blogspot.com

email : thejan.rathnayake@gmail.com

එක්නැලිගොඩ අතුරුදන් කළා ද අතුරුදන් වුණා ද ?
මේ එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධ දිවයිනේ පළවූ දෙවැනි ලිපියයි.

වම් ඉවුර

එක්‌නැලිගොඩගේ අතුරුදන් වීම

“යූජී ගේම්” එකක්‌ද?

මෙම ලිපියේ පළමු කොටස ඊයේ (10 දා) පළවිය.

ප්‍රගීත් එක්‌නැලිගොඩ ජනාධිපතිවරණයට පැය 48 කට පමණ කලින් අතුරුදන් විය. මට මේ පුවත ආරංචි වූයේ සිරස ප්‍රවෘත්ති විකාශනයෙනි. ඔහු අතුරුදන් වූ මුල් අවස්‌ථාවේ සිටම ඔහුගේ බිරිඳ සන්ධ්‍යා මෙයට වගකිව යුත්තේ ආණ්‌ඩුව බව පවසා සිටියේය. පසුව ඇය මට දුරකථනයෙන් කතා කරමින් කියා සිටියේ ප්‍රගීත් ඔහුගේ පැරණි මිතුරකු වූ ගුණදාස ජයලත් නමැති නියෝජ්‍ය ඇමැති සාලින් ද දිසානායක මහතාගේ සම්බන්ධිකරණ ලේකම් හමුවීමට ගිය අවස්‌ථාවේදී මේ ජයලත් විසින් ප්‍රගීත්ගේ නම ආණ්‌ඩුවේ මරණ ලැයිස්‌තුවේ තිබෙන බව පවසා සිටි බවත් එදා සිට ප්‍රගීත් සිටියේ බයෙන් බවත්ය. මේ ගුණදාස ජයලත් යනු පැරණි වමේ ක්‍රියාකාරිකයෙකි. මා ඔහුව හැඳිනුවේ කරඹේ ගුණානන්ද නමැති වාමාංශික භික්‍ෂුවක්‌ හැටියටය. නමුත් අවුරුදු 20 ක්‌ පමණ ඔහු සමග සම්බන්ධයක්‌ නැති වූ නිසා ඔහුගේ ගිහි නමවත් මම දැන සිටියේ නැත. මේ නිසා ප්‍රගීත්ගේ තවත් මිතුරකු වන ඩග්ලස්‌ දේවානන්ද ඇමැතිවරයාගේ ප්‍රවෘත්ති ලේකම් වන නෙල්සන් එදිරිසිංහට දුරකථනයෙන් කතා කොට ජයලත් ප්‍රගීත් ආණ්‌ඩුවේ මරණ ලැයිස්‌තුවේ සිටින වගක්‌ සන්ධ්‍යාට කියා තිබෙනවා දැයි ඇසුවෙමි. නෙල්සන් සිනාසී මට කීවේ “මුං හමුවුනාම බොනවනේ. එකෙක්‌වත් අනෙකා කියපු දේ දන්නෙ නැතිව ඇති.” යන්නයි. ඉන් පසු දවසක සන්ධ්‍යා එක්‌නැලිගොඩ අපේ පුවත්පත් කාර්යාලයට පැමිණ ප්‍රගීත් ආණ්‌ඩුවේ මරණ ලැයිස්‌තුවේ සිටි කතාව මට නැවතත් කී විට මා ඇයට කීවේ බීලා හිටපු නිසා ඕවා ඒ තරම් ගණන්ගත නොයුතු බවයි. එතකින් එම ප්‍රශ්නය මගේ සිතින් බැහැර කෙරිණි

නමුත් ඉකුත් සතියට කලින් සතියේ සුනන්ද දේශප්‍රිය මගේ නමද සඳහන් කර තිබීම නිසා මට වැටහුනේ ප්‍රගීත් සැබවින්ම උස්‌සාගෙන ගොස්‌ ඇතැයි තහවුරු කිරීම සඳහා විවිධ අයගේ නම් මෙතන වුවමනාවෙන්ම පාවිච්චි කරන බවයි. ඒ නිසා මේ ගැන තව දුරටත් විපරම් කර බැලිය යුතු යෑයි මම සිතුවෙමි. මා ජයලත්ට කතා කොට ඔහු ප්‍රගීත් ආණ්‌ඩුවේ මරණ ලැයිස්‌තුවේ සිටින වගක්‌ සන්ධ්‍යාට කීවේ දැයි ඇසුවෙමි. ඇයට ඔහු එවැනි කිසිදෙයක්‌ නොකී බව ඔහු මට කීවේය. මම මෙතනදි ජයලත්ව විශ්වාස කිරීමට වඩාත් නැඹුරු වෙමි. ඔහු නියෝජ්‍ය ඇමැතිවරයකුගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක්‌ පමණි. ආණ්‌ඩුවේ මරණ ලැයිස්‌තුවේ සිටින්නේ කවුදැයි දැන ගැනීමට ඔහුට තබා ඔහුගේ හාම්පුතා වන නියෝජ්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතාටවත් දැනගැනීමට විදියක්‌ නැත. ආණ්‌ඩුව ඝාතන ලැයිස්‌තුවක්‌ සැකසුවොත් එය නියෝජ්‍ය ඇමැතිවරුන්ට හා ඔවුන්ගේ කාර්ය මණ්‌ඩලවලට බෙදා හරින්නේ නැත. මගේ සැකයට වඩාත් හේතු වන්නේ අදාළ පුද්ගලයන් දමන “බබා පාට්‌ය.” ප්‍රගීත් යනු බුද්ධිමත් පුද්ගලයෙක්‌ බව මම දනිමි. ගුණදාස ජයලත් වැනි පොඩි මිනිසකුට ආණ්‌ඩුවේ රහසිගත තීන්දු දැනගැනීමට ක්‍රමයක්‌ නැති බව ඔහුට පමණක්‌ නොව ඔහුගේ බිරිඳටත් වැටහිය යුතුය. නමුත් සන්ධ්‍යා මා හමුවට පැමිණ කියන්නේ ජයලත් කී කතාවෙන් පසු ප්‍රගීත් බයෙන් සිටි බවයි. මෙවැනි කතාවක්‌ මා විශ්වාස කරාවි යෑයි සිතීමෙන් මගේ බුද්ධියට ද ඇය නිග්‍රහ කොට ඇත. එපමණක්‌ නොව ඇය මේ ජයලත් විසින්ම ප්‍රගීත් මුල් වතාවේ උස්‌සාගෙන ගිය පසු ඔහුව බේරුවේ මම බව ජයලත් ඇයට කීවේ යෑයි මට කියයි. නමුත් එවැනි දෙයක්‌ මට කීමට පෙර ඇය ඇයගෙන්ම අසාගත යුතුව තිබූ ප්‍රශ්නය වූයේ ප්‍රගීත්ම ඇයට එවැනි කතාවක්‌ නොකීවේ මන්ද යන්නයි. එවැනි පුවතක්‌ ඇයට තුන්වන පාර්ශ්වයකින් දැනගන්නට ලැබුණේ මන්දැයි ඇයට නිකන්වත් කල්පනා වන බවක්‌ පෙනෙන්නට නැත. මේ අනවශ්‍ය “බබා පාට්‌” නිසා මොවුන් මේ කරන්නේ ප්‍රගීත් සැබවින්ම උස්‌සා තිබෙනවා යෑයි තහවුරු කිරීමට විවිධ පුද්ගලයන්ගේ නම් පාවිච්චි කිරීමක්‌ බව පැහැදිලි වෙයි.

ප්‍රගීත්ගේ අතුරුදන් වීම සම්බන්ධව මගේ පුද්ගලික මතය කුමක්‌ දැයි සන්ධ්‍යා මට දුරකථනයෙන් කතා කරන විට මම ඇයට කියා සිටියේ නැත. නමුත් ඇය ඊට කලකට පසු අපගේ කාර්යාලයට පැමිණි අවස්‌ථාවේදී මම ඇයට මගේ පුද්ගලික අදහස කීවෙමි. මේ ප්‍රශ්නයේදී මගේ නම ද පාවිච්චි කිරීමට උත්සාහයක්‌ ගෙන තිබෙන නිසා මම ඇයට පෞද්ගලිකව කී දේ ප්‍රසිද්ධියේ කීමට සිදුවී ඇත. ප්‍රගීත් පළමු වැනි අවස්‌ථාවේ පමණක්‌ නොව දෙවැනි අවස්‌ථාවේදීවත් කවුරුන් විසින් හෝ පැහැරගෙන ගොස්‌ ඇතැයි එක මොහොතකටවත් විශ්වාස කරන්නේ නැති බව මුලින්ම කිව යුතුය. මගේ පෞද්ගලික විශ්වාසය වන්නේ ඔහු 2009 අගෝස්‌තු මාසයේදී මුල් වතාවට ඉස්‌සුවා යෑයි කතාවක්‌ ප්‍රචාරය කළේ ඒ මත දමා විදේශ රටක දේශපාලන රැකවරණ ගැනීමට බවයි. ප්‍රගීත් අතරින් පතර මුදල් හම්බකිරීමක්‌ කළ ද ඔහු අවසන් කාලයේ සිටියේ අගහිඟකම් මැද්දේය. අවසන් වතාවට හමුවූ අවස්‌ථාවේදී ඔහු ජයලත්ගෙන් රුපියල් 300 ක්‌ ඉල්ලාගෙන තිබුණේය. එපමණක්‌ නොව නෙල්සන් එදිරිසිංහට කතාකොට ඔහුගේ දුරකථනයට “රී ලෝඩ්” දමන මෙන් විටින් විට ඉල්ලා ඇත. දරු පවුල්කාරයෙක්‌ට “රී ලෝඩ්” එකක්‌ දමා ගැනීමට මුදල් නොමැති නම් ඔහුට පවුලක්‌ ගෙන යැමට නොහැකි බව කිව යුතු නැත. මේ නිසා මුල් වතාවේදී ඔහු “උස්‌සාගෙන යැමක්‌” පිළිබඳ කතාවක්‌ ප්‍රචාරය කළේ එමගින් විදේශ රටක දේශපාලන රැකවරණ ලබා ගැනීමේ අටියෙන් බව මගේ විශ්වාසයයි. විදේශ රටක දේශපාලන රැකවරණ්‍ය ලැබුණු විට ජීවත් වීමට දීමනාවකුත් නොමිලේ නිවසකුත්, නොමිලේ සෞඛ්‍ය පහසුකම් හා අධ්‍යාපනය ද ලැබේ. එමගින් තමන්ට ඇති සියලු ප්‍රශ්න විසඳෙයි. නමුත් තමන් උස්‌සගෙන ගිය කතාව කිසිවකුත් විශ්වාස නොකළ නිසා ප්‍රගීත්ගේ පළමු තැත ව්‍යර්ථ වූ බව මගේ විශ්වාසයයි.

ඔහුව උස්‌සාගෙන ගියා යෑයි කියන දෙවැනි අවස්‌ථාව වන විට ප්‍රගීත්ට මේ සඳහා ඊට වඩා හොඳ සූදානමක්‌ තිබිණි. ජෙනරාල් ෆොන්සේකා මහතාගේ ඡන්ද ව්‍යාපාරයේ නියෑළී සිටින නිසා ඔහු ඉස්‌සර සිටම හඳුනන වාමාංශික ක්‍රියාකාරීන් පිරිසක්‌ද මෙයට සහයෝගය දැක්‌වීමට සිටි බව මගේ විශ්වාසයයි. සන්ධ්‍යා අප කාර්යාලයට පැමිණ මා හමුවූ අවස්‌ථාවේදී ද මා ඇයට කියා සිටියේ ප්‍රගීත් අවසන් කාලයේ ඇසුරු කළ අය “ගේම්කාරයන්” බවත් මේ අතුරුදන් වීම ජනාධිපතිවරණයටම සම්බන්ධ “ගේමක්‌” බවත් එනම් ඡන්ද විමසීමට පැය 48 කට කලින් “මාධ්‍යවේදියකු” අතුරුදන් වූ විට ආණ්‌ඩුව ඡන්දයට යන්නේ මාධ්‍යවේදීන් පැහැර ගත්තා යෑයි කියන පුවත් සිරස්‌තලවලට යටත්වය. ෆොන්සේකා මහතාගේ ඡන්ද ව්‍යාපාරයේ සිටි අය ජයග්‍රහණ බලාපොරොත්තුවෙන් සිටි නිසා ඡන්දයෙන් ජනරාල් දින්න පසු ප්‍රගීත්ට එළියට ඒමට හැකි වේ යෑයි සිතන්නට ඇත. ප්‍රගීත්ට තිබූ වුවමනාව වූයේ මුල් වතාවේදී වැරදුණු දේශපාලන රැකවරණ තැත දෙවන වතාවේදීවත් සාර්ථක කරගැනීමය. නමුත් ජෙනරාල් ඡන්දයෙන් පැරදුණි. දැන් ප්‍රගීත්ට එළියට ඒමට නොහැක. මම සන්ධ්‍යාට පවසා සිටියේ ප්‍රගීත්ට එළියට එන්න කිව යුතු බවත් මම මැදිහත් වී ඔහුට ලෙඩක්‌ නොවැටෙන ආකාරයට ප්‍රශ්නය “ශේප්” කරලා දමන්නම් යන්නයි. මා ඇයට කීවේ ඔහු ඔය ඇසුරු කරන “ගේම්කාරයින්ගේ” උගුල්වලට හසුවීමෙන් ප්‍රගීත්ට ප්‍රගතියක්‌ සිදු නොවන බවයි.

ඡන්දයක්‌ ඔන්න මෙන්න කියා තිබියදී දේශපාලන විරුද්ධවාදීන් අපකීර්තියට පත් කිරීමට පොඩි පොඩි “ගේම්” සෙට්‌ කිරීමට ප්‍රගීත්ට හැකියාවක්‌ ඇත. 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු හා මා එක්‌ව මෙවැනිම පොඩි “ගේමක්‌” දුන්නේය. 2001 දී එ.ජා.ප. යට දේශපාලන විරුද්ධවාදීන් දෙපිරිසක්‌ සිටියේය. එක පැත්තකින් ජ.වි.පෙ. ය තවත් පැත්තකින් පොදු පෙරමුණය. ජ.වි.පෙ. විපක්‍ෂයේ ඡන්ද ගන්නා නිසා ඔවුන් එ.ජා.ප. යට හිසරදයක්‌ විය. ප්‍රගීත් ඒ අවස්‌ථාවේ මට කියා සිටියේ 1980 ගණන්වලදී ජ.වි.පෙ. දෙවැනි කැරැල්ල අවස්‌ථාවේදී දළදා මාලිගාවට පහර දීමට ගිය එක්‌ තරුණයෙක්‌ ඔහු හඳුනන බවයි. මේ තරුණයා එම කැරැල්ලේදී කරන ලද නොයෙක්‌ අපරාධවලට පොලිසියෙන් සොයමින් සිටි නිසා දශකයකට වඩා වැඩි කාලයක්‌ ගමට යැමට නොහැකිව සිටින බවත් ජ.වි.පෙ. තුළ තව දුරටත් දේශපාලනය නොකරන මෙවැනි අය වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක්‌ නොතිබෙන නිසා ඔහු ජ.වි.පෙ. සමග කේන්තියෙන් පසුවන බවයි. ඔහු ජනමාධ්‍යට ඉදිරිපත් කොට දළදා මාලිගාවට කොටි පහර දීමට කලින් ජ.වි.පෙ. එයට පහර දුන් බව මිනිසුන්ට මතක්‌ කර දිය යුතු බවයි. මෙය හොඳ අදහසක්‌ යෑයි සිතුනෙන් මම ප්‍රගීත් සමග ගොස්‌ මේ තරුණයාව මුණගැසුනෙමි. පසුව මේ දෙදෙනාම රැගෙන ගොස්‌ ලසන්ත වික්‍රමතං=ගට හඳුන්වා දුන්නේය. ලසන්තගේ පළමු බිරිඳ වූ රේන් වික්‍රමතුංග මේ තරුණයාගෙන් එවෙලේම ප්‍රකාශයක්‌ ලබා ගත්තේය. ඉන් පසුව චමුදිත සමරවික්‍රම විසින් මොහු “ටී. එන්. එල්.” රූපවාහිනිය ඉදිරියට ගෙන යන ලදී. ඔහු කළ හෙළිකිරීම්වලින් පසු මේ තරුණයාට කලක්‌ යනතුරු සැඟවී සිටීමට සිදුවන බවත් එයට යම් මුදලක්‌ අවශ්‍ය වන බවත් ප්‍රගීත් කිවේය. මම මෙය ලසන්තට කීවේය. ඔහු මලික්‌ සමරවික්‍රමට කතාකොට මෙම තරුණයාට රුපියල් ලක්‍ෂ 2 ක මුදලක්‌ ලබා දුන්නේය. දැන් ප්‍රගීත් අතුරුදන්වීමෙන් කර ඇත්තේ ද මීට සමාන “ගේමකි.”

යමෙකුට මෙතෙක්‌ කල් සැඟවී සිටිය හැකි දැයි කවුරුන් හෝ අසනු ඇත. ප්‍රගීත් යනු පරණ වාමාංශික ක්‍රියාකාරිකයෙකි. ඔහු 1980 ගණන් වලදී දයාන් ජයතිලකගේ කණ්‌ඩායමේ අය ඇතුළුව විවිධ වාමාංශිකයන්ට ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවෙන් සැඟවී සිටීමට උදවු කළ අයෙකි. මෙය “යූජී” (අන්ඩ ග්‍රවුන්ඩ්) යැමක්‌ හැටියට හඳුන්වන ලදී. එකල යමෙක්‌ “යූජී” ගිය පසු මාස ගණන් අවුරුදු ගණන් යන තුරු එළියට එන්නේ නැත. රෝහණ විඡේවීර ඇතුළු ජ. වි. පෙ. නායකයන් අවුරුදු 6 කට වැඩිය “යූජි” සිටි බව අපි අමතක කළ යුතු නැත. ප්‍රගීත් ගේ වාමාංශික පසුබිම නිසා දීර්ඝ කාලයක්‌ සැඟවී සිටීම ඔහුට එතරම් ප්‍රශ්නයක්‌ නොවේ. එපමණක්‌ නොව රටේ පාලු ප්‍රදේශවල හා මූකලානවල ප්‍රගීත්ට ඕනෑ තරම් සම්බන්ධකම් තිබිණි. ඒ ආචාර්ය නිවුටන් ගුණසිංහ සමග සමාජ විද්‍යාත්මක වැඩවලට සහභාගිවූ කාලයේ සිට විය හැක.

ප්‍රගීත් ආණ්‌ඩුව විසින් පැහැරගෙන ගොස්‌ ඇතැයි යන විශ්වාසය තහවුරු කිරීමට සංවිධානාත්මක ප්‍රයත්නයක්‌ දියත් වෙමින් පවතී. මීට සති කීපයකට කලින් වික්‌ටර් අයිවන් “රාවය” ට ලියමින් කියා සිටියේ ප්‍රගීත් දන්නා හඳුනන අයගෙන් ලැබුණු තොරතුරු අනුව ආණ්‌ඩුවේ එක්‌ ඇමැතිවරයකුගේ ලිංගික ජීවිතය ගැන මඩ ලිපියක්‌ ප්‍රගීත් විසින් එක්‌තරා “වෙබ් අඩවියක”ට ලියා තිබුණු බවයි. මෙය දැක මම මවිත වුණෙමි. නමුත් එකල මගේ ප්‍රතිපත්තිය වූයේ ප්‍රගීත් මගෙන් උදවු ඉල්ලා පණිවුඩයක්‌ එවනතුරු නිහඬව සිටීම නිසා මා වික්‌ටර් අයිවන් ගෙන් කිසිවක්‌ ඇසුවේ නැත. නමුත් ඊට පසුව සුනන්ද දේශප්‍රිය විසින් ප්‍ර්‍රගීත් පැහැරගත් මුල් අවස්‌ථාවේදී ඔහුව බේරාගත් පුද්ගලයා හැටියට මගේ නම සඳහන් කර තිබූ පසු මේ ගැන සොයා බැලිය යුතු යෑයි මම සිතුවෙමි. ඒ අනුව මම වික්‌ටර් අයිවන් මහතාට කතා කොට කියා සිටියේ මා දන්නා ප්‍රගීත් කිසිදාක ලිංගික කාරණාවක්‌ ගැන කතා නොකරන බවත් කුණුහරුපයක්‌ වත් නොකියන මිනිසෙක්‌ බවත්ය. ඔහුට ඇමැතිවරයකුගේ ලිංගික ජීවිතය ගැන මඩ පත්‍රිකාවක්‌ ලිවීමට හැකියාවක්‌ නැතිය යන්න මගේ විශ්වාසය විය. ඔහු එවැනි දෙයක්‌ ලිවීමට උත්සාහ දැරුවත් එය ලිංගිකත්වය හා මාක්‌ස්‌ වාදය ගැන බුද්ධිමය අප්‍රබංසයක්‌ මිස වෙන කිසිවක්‌ නම් නොවන බව මගේ විශ්වාසයයි. එපමණක්‌ නොව අදාල වෙබ් අඩවියට මඩ පත්‍රිකාවක්‌ ලියා ගැනීමට අවශ්‍යතාවක්‌ තිබුණේ නම් ඔවුන් සමග එම කලාවේ කෙල පැමිණි උදවිය සිටින නිසා ප්‍රගීත් වැනි අයකු ලවා එවැන්නක්‌ ලියවා ගැනීමට කිසිදු අවශ්‍යතාවක්‌ නොතිබූ බව මගේ විශ්වාසයයි. ප්‍ර්‍රගීත් ආණ්‌ඩුවෙන් සැඟවීමට වාමාංශිකයන්ට උදවූ කිරීම හා ඡන්ද කාලයකදී විරුද්ධවාදියෙක්‌ අපකීර්තියට පත් කිරීමට පොඩි පොඩි “ගේම්” දීමට හැකියාව තිබුණත් කාගේ හෝ ලිංගික ජීවිතයක්‌ ගැන මඩ පත්‍රිකාවක්‌ ලිවීමට ඔහුට හැකියාවක්‌ නැතිය යන්න මගේ අදහසයි.

“රාවය” පුවත්පත කියවන අය දන්නා පරිදි වික්‌ටර් අයිවන් මහතා පසුගිය මාස ගණන ඇතුළත තහවුරු කළ නොහැකි මඩ කතා ප්‍රවෘත්ති හැටියට පළ කිරීමේ පුරුද්දට එරෙහිව යුද ප්‍රකාශ කොට තිබිණි. එවැනි අයකුට ප්‍රගීත් එක්‌නැලිගොඩ යනු වෙබ් අඩවිවලට මඩ ලිපි ලිවූ අයෙක්‌ යෑයි කීවිට අයිවන් එය ප්‍රසිද්ධියට පත්කරන බව ඔවුන් දනී. ඔවුන්ට අවශ්‍ය වූයේද එවැනිම ප්‍රචාරයකි. ඒ මන්දයත් ආණ්‌ඩුවෙන් ප්‍රගීත්ව අතුරුදන් කරවීමට හේතුවක්‌ තිබුණා යෑයි ජනතාවට පෙන්වීමට කිසිදු පිළිගත හැකි යමක්‌ නැති නිසා එවැනි හේතුවක්‌ නිර්මාණය කිරීමට ප්‍රගීත්ගේ මඩ ලිපි පිළිබඳ ප්‍ර්‍රවෘත්තියක්‌ පුවත්පතක පළකර ගැනීමෙන් ජනතාව තුළ එම මඩ ලිපි නිසා ප්‍රගීත් අතුරුදන්වී ඇතැයි සැකයක්‌ නිර්මාණය කිරීමට ගත් උත්සාහයකි මෙය. මෙහිදී උත්සාහය වන්නේ මඩ ලිපියකින් හෝ ඇඟිල්ල ආණ්‌ඩුව දෙසට දිගුකරලීමටය. ප්‍රගීත් මඩ ලිපියක්‌ ලියූ බව වික්‌ටර් අයිවන්ට කියූ එක්‌ පුද්ගලයකුට මම කතා කෙළෙමි. මෙම පුද්ගලයා වික්‌ටර් අයිවන් ප්‍රගීත්ව හඳුනන්නේ නැති බව දන්නා අතර මම ප්‍රගීත්ව ඉතා හොඳින් දන්නා බව දනී. එම නිසා ඔහු වික්‌ටර් අයිවන්ට කී කතාව මට කීවේ නැත. ඔහු මා සමග කියා සිටියේ ප්‍රගීත් මඩ ලිපියක්‌ ලිවුවා යෑයි කියන කතාව ඔහුද පිළිගන්නේ නැති බවයි. මෙතන ජුගුප්සාජනකම සිද්ධිය වන්නේ ප්‍ර්‍රගීත් මඩ ලිපියක්‌ ලිවූ බව වික්‌ටර් අයිවන්ට කී පුද්ගලයාම නෙල්සන් එදිරිසිංහට කතා කොට වික්‌ටර් අයිවන් ප්‍ර්‍රගීත් ගැන කියා තිබූ දේ නිසා ඔහු මින් මතුවට කවදාවත් වික්‌ටර් අයිවන්ට කතා නොකරන බව කියා ඇත. මේ නාඩගම කුමක්‌ද? ප්‍රගීත් මඩ ලිපියක්‌ ලියූ බව වික්‌ටර් අයිවන්ට පවසා සිටි පුද්ගලයා ප්‍රගීත්ගේද හොඳ මිතුරෙකි. ඔහු සමග සරත් ෆොන්සේකාගේ ඡන්ද ව්‍යාපාරයේ එකට සිටි අයෙකි. එවැනි අයකුගෙන් තොරතුරක්‌ ලැබෙන විට වික්‌ටර් අයිවන්ට එය අවිශ්වාස කිරීමට කිසිදු හේතුවක්‌ නැත. ප්‍රගීත්ගේම මිතුරකු හා දේශපාලන සගයකු විසින් ඔහු ඇමැතිවරයකු ගැන මඩ ලිපියක්‌ ලීවේයෑයි පුවත්පත්වලට තොරතුරු දෙන්නේ මා ඉහත සඳහන්කර “ගේම” නිසා මිස වෙන කුමකටද? මා මෙය දකින්නේ ප්‍රගීත්ව ඉස්‌සීමට ආණ්‌ඩුවට කුමක්‌ හෝ හේතුවක්‌ තිබුණා යෑයි සැකයක්‌වත් නිර්මාණය කිරීමට ගත් උත්සාහයක්‌ හැටියටය. ප්‍රගීත්ගේ අතුරුදන්වීම ජෙනරාල් ෆොන්සේකාගේ ඡන්ද ව්‍යාපාරයේ එක ගේමක්‌ බව මම තරයේ විශ්වාස කරමි. ඔවුන් මුලින් සිතුවේ ෆොන්සේකාගේ ජයග්‍රහණයත් සමග මෙය දවසින් දෙකෙන් ඉවර වෙයි යන්නයි. නමුත් ෆොන්සේකාගේ පරාජය නිසා මෙය අනපේක්‍ෂිත ලෙස දිග්ගැස්‌සී ඇත.

මෙම ප්‍රොaඩාවට සන්ධ්‍යා එක්‌නැලිගොඩ පමණක්‌ නොව ජෙනරාල් ෆොන්සේකාගේ ඡන්ද ව්‍යාපාරයේ සිටි අයත් හවුල් බව මගේ විශ්වාසයයි. ප්‍රගීත් එළියට ආ යුතු බවත් මම එයට මැදිහත්වීමට සූදානම් බව සන්ධ්‍යා එක්‌නැලිගොඩට කියා සිටියත් එය එසේ සිදුනොවීමට ඉඩ ඇති බව මම දනිමි. ඒ මන්දයත් මෙය දැන් වෙන මාවතකට අවතීර්ණවී ඇති නිසාය. දැන් ප්‍රගීත් “මුදාහරින්නැයි” කියමින් වෙනම ව්‍යාපාරයක්‌ පටන් ගෙන ඇත. මාතර නිතර උද්ඝෝෂණ පවත්වනු ලැබේ. පොත් පළවේ. ප්‍රදර්ශනයක්‌ද පැවැත්වීමට නියමිතය. ඊට අමතරව පුවත්පත් සාකච්ඡා පමණක්‌ නොව ජාත්‍යන්තර ජනමාධ්‍යවේදී සංවිධානවලින් ආණ්‌ඩුවට එරෙහි ප්‍රකාශනද නිකුත් වෙයි. දැන් මෙය සම්පූර්ණයෙන්ම විදේශ මුදල්වලින් දුවන වෙනම ව්‍යාපෘතියක්‌ බවට පත්වී තිබේ. මේ නිසා ප්‍රගීත්ගේ පවුලට ඔහු එළියේ සිටිනවාට වඩා අතුරුදන්ව සිටීම වාසිදායක වනවා විය හැක. එය මගේ අදහසයි. ප්‍රගීත් පසුගිය වකවානුව පුරාම ඔහුගේ මිතුරන් සමග සැඟවීමේ වුවමනාව අවධාරණය කරමින් සිට ඇත. ඔහු නෙල්සන් එදිරිසිංහ හමුවූ අවසන් අවස්‌ථාවේදී ඔහුට තර්ජන තිබෙන බවත් පුන පුනා කියා ඇත. ගුණදාස ජයලත් හමුවූ අවසාන අවස්‌ථාවේදීද ඔහු කියා ඇත්තේ තමුන්ට තර්ජනයක්‌ තිබෙන බවත් සැඟවිය යුතු බවත්ය. ඔහු අතුරුදහන් වූ පසු ප්‍රගීත්ගේ මිතුරන් එකිනෙකා කතා කරමින් අදහස්‌ හුවමාරු කර ගනී. ඔහු දෙවැනි වරට අතුරුදන්වීමට මසකට පමණ කලින් තමන් හමුවී සැඟවීමට තැනක්‌ අවශ්‍ය බවට කී වගට කල්‍යාණ කරුණාරත්න නමැති පැරණි වාමාංශික ක්‍රියාකාරිකයකු ප්‍රගීත් ගැන කතා කරන විට නෙල්සන් එදිරිසිංහට කියා ඇත. මේ සියලු කරුණු කාරණා නිසා ප්‍රගීත් සැඟවී සිටිනවාය යන්න මගේ විශ්වාසයයි. මේ විගඩම ඉදිරියට ගෙනයැමට මගේ නම පාවිච්චි කිරීමට ගත් උත්සාහය ගැන මම නොසතුටින් සිටියත් පැරණි මිත්‍රකම නිසා ඔහුට එළියට ඒමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් මැදිහත්වීමට මම තවමත් ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවද කිව යුතුය.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

Blog : http://lankanthoughts.blogspot.com

email : thejan.rathnayake@gmail.com

එක්නැලිගොඩ අතුරුදන් කළා ද අතුරුදන් වුණා ද ?
එක්නැලිගොඩ අතුරුදන් කළා ද අතුරුදන් වුණා ද ?

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම නූල් සූත්තරයක් විය හැකි බවට මගේ සිතේ අදහසක් ඇතිව තිබුණේ ඒ කාලයේ සිටම ය. නමුත් ඒ ආශ්‍රිත කරුණු විමර්ශනය කරන්නට කාලයක් නොමැති වීම නිසා ම ඔහුගේ අතුරුදන් වීම ගැන ලියන්නට ප්ර්මාද විය. නමුත් ඒ පිළිබඳ වඩාත් පිළිගත හැකි විමර්ශනයක් ඇස ගැටුණි. ඒ ඊයේ හා අද (10 -11 ) දිවයින පුවත්පතෙනි.

තමන්ට අවශ්යම මතවාදය මිනිසුන්ගේ හිස මත ධාරණය කිරීමට කටයුතු කරන මාධ්යැ මාෆියාවේ සැබෑ නිරුවත හෙළිවන තවත් එක් අවස්ථාවක් බව මේ පිළිබඳ කල්පනා කිරීමේදී හැඟී යයි.

ප්‍රගීත් එක්‌නැලිගොඩට ඇත්තටම මොකද වුනේ?

පසුගිය මාස කීපය තුළ ප්‍රගීත් එක්‌නැලිගොඩ නමැති මාධ්‍යවේදියකුගේ අතුරුදන් වීමක්‌ ගැන මහත් ආන්දෝලනයක්‌ පැවතුණි. මේ වනතෙක්‌ මම මේ කාරණය ගැන එක වචනයක්‌ වත් ප්‍රසිද්ධියේ පවසා නැත. මේ සම්බන්ධයෙන් මා නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළේ එක්‌තරා කාරණයක්‌ සිතේ තබා ගෙනයි. නමුත් ඉකුත් සතියට කලින් සතියේ රාවය පුවත්පතේ සුනන්ද දේශප්‍රිය ලියන තීරු ලිපියේ ප්‍රගීත් එක්‌නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා උපුටා දක්‌වමින් ඔහු කියා ඇත්තේ 2009 අගෝස්‌තු වලදී පමණ ප්‍රගීත්ව මුල් වතාවට පැහැරගෙන ගිය අවස්‌ථාවේදී ඔහු බේරා ගත්තේ මම බවය. සුනන්ද මාගේ නම එහි සඳහන් කර නොතිබුණ ද “ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදියකු” ඔහුව බේරාගත් බව කියමින් කර තිබූ සඳහන මා ගැනය. මීට සති කීපයකට පෙර සන්ධ්‍යා එක්‌නැලිගොඩ මට දුරකථනයෙන් කතා කරමින් පැවැසුවේ ගුණදාස ජයලත් නමැති ප්‍රගීත්ගේ සමීප මිතුරකු ප්‍රගීත් මුල් වතාවේ පැහැර ගනු ලැබූ විට ඔහුව බේරා ගත්තේ මම යෑයි ඇයට පැවැසූ බවයි. මෙකී ගුණදාස ජයලත් වමේ පැරැණි ක්‍රියාකාරිකයෙකි. ඔහු දැන් සේවය කරන්නේ සාලින්ද දිසානායක නියෝජ්‍ය ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු හැටියටය.

මෙතනදී පුදුමයකට තිබුණේ ප්‍රගීත් සහ සන්ධ්‍යා යන දෙදෙනාම මම ඉතා හොඳින් හැඳිනීමයි. මම මෙතෙක්‌ මේ ප්‍රශ්නය ගැන මගේ පෞද්ගලික අදහස්‌ කිසිවක්‌ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නැතුව නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළේ අවශ්‍ය වූ තැන පැරැණි මිතුරකුට උදව් කිරීමට මැදිහත්කරුවකු වශයෙන් ඉදිරිපත් වීමට ඉඩකඩ තබා ගැනීම සඳහාය. පසුගිය අගෝස්‌තු මාසයේ ඔහු පැහැරගෙන ගිය පසු ඔහු බේරා ගත්තේ මම නම් ඒ පුවත සන්ධ්‍යාට ආරංචි වීමට තිබුණේ තුන් වැනි පාර්ශ්වයකින් නොව ප්‍රගීත්ගෙන්මය. එපමණක්‌ නොව ඔවුන් මට ගෙදර කෑම වේලක්‌ද දී තමන්ගේ පුතුන් දෙදෙනාට තාත්තාගේ ජීවිතය බේරා දුන් අංකල් යෑයි හඳුන්වා දීමට ද යුතුමක්‌ තිබිණි. නමුත් එවැන්නක්‌ සිදුවූයේ නැත.

ඔහු උස්‌සාගෙන ගිය මුල් අවස්‌ථාවේ ඔහු බේරුවේ මම යෑයි ප්‍රගීත් විසින් සන්ධ්‍යාට නොකීම සන්ධ්‍යා අමුතු දෙයක්‌ ලෙස පිළිගන්නා බවට පෙනෙන්නට නැත. ප්‍රගීත් එක්‌නැලිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මේ කරගෙන යන ව්‍යාපාරයේ ස්‌වභාවය පිළිබඳ යමක්‌ එයින්ම ගම්‍ය වනු ඇත. මම ප්‍රගීත් අවුරුදු 20 කට වඩා වැඩි කාලයක්‌ හඳුනමි. 1997 දී මගේ “කොළ පාට සමාජය” නමැති පොතේ පිට කවරය නිර්මාණය කළේ ප්‍රගීත්ය. එය යතුරු ලියනය කරන ලද්දේ ද ඔහු හඳුනන ව්‍යාපාරික ස්‌ථානයකය. ඔහුගේ අතුරුදන් වීම පිළිබඳ මගේ පෞද්ගලික අදහස්‌ කිසිවක්‌ ප්‍රසිද්ධියේ නොකියා සිටියේත් එය ඔහුගේ වාසියට ඉවහල් නොවන නිසාය. නමුත් ප්‍රගීත් පැහැරගත් මුල් අවස්‌ථාවේදී ඔහුට උදව් කළ පුද්ගලයා හැටියට දැන් මට ද මේ ජවනිකාවේ තැනක්‌ ලැබී තිබෙන නිසා මේ ගැන තව දුරටත් නිහඬව සිටිය යුතු නැතැයි මම සිතමි.

මුලින්ම විස¹ගත යුත්තේ ප්‍රගීත් එක්‌නැලිගොඩ යනු කවුද යන්නයි. ඔහු මාධ්‍යවේදියකු යෑයි කීව ද මුළු උපාලි පුවත්පත් සමාගමේම ඔහු කවුදැයි දන්නා එකම පුද්ගලයා මමය. ලංකාදීප, ඩේලි මිරර් හා සන්ඩේ ටයිම්ස්‌ පළකරන විජය පුවත්පත් සමාගමේ ද ඔහු හඳුනන එකම පුද්ගලයා වන්නේ සී. ඡේ. අමරතුංගය. දුෂ්‍යන්ත සමරසිංහ සමහරවිට ඔහු හඳුනනවා විය හැක. සිරස, ස්‌වර්ණවාහිනි හෝ දෙරණ ආයතන වල ඔහු ගැන අසා ඇති කිසිවෙක්‌ සිටී දැයි මට සැක සහිතය. මෙයට හේතුව ඔහු මාධ්‍යවේදියකු හෝ පුවත්පත් කලාවේදියකු නොවීමයි. මේ රටේ සිටින සාමාන්‍ය ජනතාව පමණක්‌ නොව මාධ්‍යවේදීන් ද මුල් වරට ප්‍රගීත් එක්‌නැලිගොඩ කෙනෙක්‌ ගැන ඇසුවේ ඔහු අතුරුදන් වූ පසුවය. ලංකාදීපයේ සී. ඡේ. අමරතුංග සහ මම ඔහු හඳුනන්නේ මාධ්‍යවේදියකු හැටියට නොව වාමාංශික දේශපාලන ක්‍රියාකාරියකු හැටියටය. ප්‍රගීත් යනු මාධ්‍යවේදියකු නොව “ග්‍රැෆික්‌ ආටිස්‌ට්‌” කෙනෙකි. ඔහු මුද්‍රණ කර්මාන්තයට සහ වෙළෙඳ ප්‍රචාරණයට සම්බන්ධ සුළු ව්‍යාපාර කරගෙන ගිය අයෙකි. ප්‍රගීත්ට බුද්ධිමය නැඹුරුවක්‌ ද තිබිණි.

මා ඔහු මුලින් හඳුනා ගත්තේ 1980 ගණන් වල දේශපාලන ක්‍රියාකාරිකයකු හැටියටය. ඔහු ආචාර්ය නිවිටන් ගුණසිංහ මහතා සමග සමාජ විද්‍යාත්මක පර්යේෂණ වලට ද සහභාගි වී තිබිණි. දේශපාලනය ගැන ඔහුට නොයෙක්‌ මතිමතාන්තර තිබිණි. කලාතුරකින් ඔහුගේ ලිපි ද තැන් තැන් වල පළවී තිබිණි. ඉඳහිට පුවත්පතක ලිපියක්‌ පළකරන අයෙක්‌ පුවත්පත් කලාවේදියකු වන්නේ නම් කර්තෘට ලියුම් ලියන අය ද මාධ්‍යවේදීහු වෙති. සති පතා තීරු ලිපි ලියන අය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු විය යුත්තාහ.

ඔහුට අවශ්‍යතාවක්‌ තිබුණත්, ප්‍රගීත්ට කිසිදාක පුවත්පත් කලාවේදියකු හෝ මාධ්‍යවේදියකු විය නොහැක්‌කේ ඔහු ලියන කිසිවක්‌ මිනිසුන්ට නොතේරුණු නිසාය. ඔහුට තිබුණේ වාමාංශික බුද්ධිමතකුගේ ලේඛන ශෛලියකි. ඔහු කතා කරන විට සාමාන්‍ය විදියට කතා කළත් ලියන්න ගියවිට ලියන්නේ අපබ්‍රංසය. ඔහු ලියන දෙය අපටවත් තේරෙන්නේ නැත. ඔහු පුවත්පත් කලාවේදියකුය යන අදහස ප්‍රචලිත වන්නේ ඔහු ලංකා ඊ නිවුස්‌ නමැති වෙබ් අඩවිය සමග සම්බන්ධයක්‌ තිබේය යන පදනම මතය. නමුත් ලංකා ඊ නිවුස්‌ කර්තෘ බෙනට්‌ රූපසිංහ මහතාගෙන් මම අසා දැනගත් පරිදි ඔහු ඉඳහිට ලිපියක්‌ සැපයුවද දිගටම ලිපි සැපයූ අයෙක්‌ නොවන බවයි. ප්‍රගීත් ලියන දේශපාලන විචාර ලංකා ඊ නිවුස්‌ වෙබ් අඩවිය විසින් පළකරනු ලැබුවේ නම් ඒ වෙබ් අඩවිය වසා දැමීමට සිදුවනු ඇත. ඒ ඔහු කියන දේ කිසිවකුටත් නොතේරෙන නිසාය.

මේ රටේ සිටින ජනමාධ්‍යවේදීන් බොහෝ දෙනෙක්‌ ප්‍රගීත් එක්‌නැලිගොඩ ගැන අසා නැත්තේ මන්ද යන ප්‍රශ්නයට මෙයින් පිළිතුරු ලැබෙනු ඇතැයි මම සිතමි. ඊළඟට අපි බැලිය යුත්තේ ප්‍රගීත්ගේ අතුරුදන් වීම පිළිබඳ ප්‍රශ්නයයි. ප්‍රගීත් පැහැරගත්තා යෑයි කියන පළමු අවස්‌ථාව මෙය නොවේ. 2009 අගෝස්‌තු මාසයේදී ද තමන් පැහැරගෙන නිදහස්‌ කළ බවද ප්‍රගීත් විසින්ම තම මිතුරන්ට කියන ලදී. නෙල්aසන් එදිරිසිංහ යනු පැරැණි වාමාංශික ක්‍රියාකාරියකු මෙන්ම ප්‍රගීත්ගේ සමීප හිතවතෙකි. නෙල්සන් දැන් සේවය කරන්නේ ඩග්ලස්‌ දේවානන්ද ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් හැටියටය. ගිය වසරේ අගෝස්‌තු වලින් පසු ප්‍රගීත් නෙල්සන් හමුවීමට ගොස්‌ තමන් යම් පිරිසක්‌ විසින් පැහැරගත් ආකාරය විස්‌තර කර තිබිණි. ඔහු දඹුල්ලේ සිට කොළඹ ඔහුගේ නිවසට එමින් සිටින විට පිටකොටුව බස්‌ නැවතුම්පළෙන් ඔහු ගෙදර යැම සඳහා හොමගම පැත්තට යන බස්‌ රථයක නැඟී ඇත. ඒ අවස්‌ථාවේදී යම් සැක සහිත පුද්ගලයකු තමන් පසුපසින් එන බව ඔහුට දැනී ඇත. ඔහුගේ නිවසට යන පාර අසල බස්‌ නැවතුම්පළෙන් ඔහු බැසගත් විට ඔහු සමග මේ සැක සහිත පුද්ගලයා ද බැස ඇත.

ප්‍රගීත්ගේ නිවසට යන පාරේ සුදු වෑන් රථයක්‌ නවතා තිබිණි. එහි සිටි පුද්ගලයන් ඔහු වෑන් රථයට දමා අත්වලට මාංචු දමා ඇස්‌ බැඳ යම් තැනකට රැගෙන ගොස්‌ තිබේ. ඇස්‌ බැඳ තිබූ නිසා රැගෙන ගියේ කොහේටදැයි ප්‍රගීත් දන්නේ නැත. රැගෙන ගිය නිවසේ පොලොවට සවි කරන ලද කොක්‌කක ඔහු මාංචු දමා බැඳ තිබිණි. මුළු රාත්‍රියේම ඔහු මේ ආකාරයට පොලොවේ වැතිර සිට ඇත. ඒ අතරතුර නොයෙක්‌ සද්දබද්ධ සහිත හඬ පටියක්‌ ද වාදනය කෙරෙමින් තිබිණි. (ඒ ඔහු නිදාගැනීමෙන් වැලැක්‌වීමට විය හැක.) පසුදා උදෑසන ඔහුගේ ඇස්‌ බැඳුම ගලවා ඔහුට මූණ සෝදන්න යෑයි කියා ඔහු උස්‌සගෙන ආවේ වැරදීමකින් බවත් කියමින් ඔහු වෑන් රථයේ දමාගෙන ගොස්‌ මාලබේ අතුරුගිරිය පැත්තේ ගල් වලක්‌ අසලදී නිදහස්‌ කොට ගොස්‌ ඇත. ඔහුගෙන් කිසිම ප්‍රශ්න කිරීමක්‌ ද කර තිබූ බවක්‌ ප්‍රගීත් නෙල්සන්ට කීවේ නැත.

නෙල්සන් එදිරිසිංහ මේ එක්‌ වචනයක්‌වත් විශ්වාස කොට නැත. මේ කතාව ඇසූ වෙන කිසිවෙක්‌ද එය විශ්වාස නොකරන්නට ඇත. ඒ මන්ද යත් දඹුල්ලේදී ප්‍රගීත් ගැන සෝදිසියෙන් සිට ඔහු පසුපස ඒමට පිටකොටුව බස්‌ නැවතුම්පළේ මිනිසෙක්‌ යොදවා ඔහුගේ නිවසට යන පාරේ සුදු වෑන් රථයක්‌ නවතා තිබීම යන කාරණා වලින් වැටහෙන්නේ ඔහු දින ගණනක්‌ හෝ සති ගණනක්‌ තිස්‌සේ පැහැරගත් කණ්‌ඩායම නිරීක්‍ෂණය කොට ඇති බවයි. මේ ආකාරයට කාලයක්‌ මුළුල්ලේ නිරීක්‍ෂණය කරන අයකු සම්බන්ධයෙන් කිසිදු වැරැදීමක්‌ සිදුවිය නොහැක. ඒ ආකායරට පසුපසින් පන්නන්නේ ඉතාම අත්‍යවශ්‍ය පුද්ගලයන් පමණි. පසුගිය වකවානුවේ අවශ්‍ය වී සිටින පුද්ගලයන් ගැන තොරතුරු ලබාගැනීමට ඇතැම් අය උස්‌සගෙන ගොස්‌ තිබුණත් ඒ තොරතුරු ලබා ගත්පසු ඔවුන් නිදහස්‌ කොට තිබුණු බවට වාර්තා ඇත. මෙවැනි පැහැරගැනීම් වුවමනාවෙන්ම කරන ඒවා මිස වැරැදීමෙන් කරන ඒවා නොවේ. පසුගිය අවුරුදු ගණනාව තුළම වැරැදීමකින් උස්‌සගෙන ගියාය කියන එකම පුද්ගලයා ප්‍රගීත්ය. මෙය සිදුවිය හැක්‌කක්‌ නොවේ. එපමණක්‌ නොව පසුගිය වකවානුව පුරාම උස්‌සගෙන ගියා යෑයි කියන සියලුම පුද්ගලයන් පාහේ දෙමළ ජාතිකයෝය. ප්‍රගීත් සිංහලය. සිංහලයෙක්‌ උස්‌සන් යන විරල අවස්‌ථාවක වැරැදීමක්‌ සිදුවේ යෑයි සිතිය හැකිද?

ප්‍රගීත්ගේ සමීපතම මිතුරන් වුවත් ඔහු ඉස්‌සුවා යෑයි කියන කථාව විශ්වාස කළේ නැත. උස්‌සන විට දැකපු කෙනෙක්‌ නැත. නිදහස්‌ කරන විට දැකපු කෙනෙක්‌ද නැත. තමන් ඉස්‌සූ බව දන්නේ ප්‍රගීත් පමණි. පසුව ප්‍රගීත් ඔහුගේ පැරැණි මිතුරකු වන සාලින්ද දිසානායක නියෝජ්‍ය ඇමැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්, ගුණදාස ජයලත් හමුවීමට ගොස්‌ ඇත. ප්‍රගීත් ජයලත්ටද මේ පැහැරගැනීමේ සිද්ධිය විස්‌තර කොට තිබිණි. මෙහිදී ජයලත් ඔහුගෙන් අසා තිබුණේ ඔහු වැනි අයෙක්‌ උස්‌සන්න ආණ්‌ඩුවට ඇති වුවමනාව කුමක්‌ද යන්නයි. ප්‍රගීත් පවසා තිබුණේ යුද්ධයේ අවසන් දිනවල කොටි සංවිධානය මෙන්ම හමුදාවද රසායනික අවි භාවිත කර තිබූ බව ඔහු එක්‌තරා තැනක පවසා ඇති බවත්, ආණ්‌ඩුව ඒ ගැන උරණ වී සිටියා විය හැකි බවත්ය. එවැනි දේකට ඔහු උස්‌සන් ගියා නම් ඔහු බේරුණේ කොහොම දැයි ජයලත් ප්‍රගීත්ගෙන් අසා ඇත.

මෙයට ප්‍රගීත්ගේ පිළිතුර වී ඇත්තේ යම් බලපෑමක්‌ කළ හැකි චන්ද්‍රප්‍රේම වැනි ඔහුගේ මිතුරෙක්‌ ඔහුව මුදාහරින මෙන් ආණ්‌ඩුවට බලපෑම් කළා විය හැකි බවයි. ඔහු මෙය සඳහන් කොට තිබුණේ නිශ්චිත දෙයක්‌ හැටියට නොව සැකයක්‌ හැටියටය. ජයලත් ප්‍රගීත්ගේ බිරිඳ වන සන්ධ්‍යාට ඔහුට ප්‍රගීත්ව හමුවූ ඒ අවස්‌ථාවේදී සාකච්ඡා කළ දේ කියා ඇත. ප්‍රගීත් පැහැරගත් මුල් අවස්‌ථාවේදී මා ඔහුව බේරාගත් බව ජයලත් ඇයට පැවසූ බව කියමින් සන්ධ්‍යා මට දුරකථන ඇමතුමක්‌ දුන්නේ ඉන්පසුව විය හැක. මෙහිදී තොරතුරු වටේට වටේට යන බවක්‌ පෙනේ. එනම් පැහැරගත් මුල් අවස්‌ථාවේදී බේරා ගත්තේ චන්ද්‍රප්‍රේම විය හැකි යෑයි ප්‍රගීත් ජයලත්ට කියයි. ජයලත් ප්‍රගීත් කී දෙය සන්ධ්‍යාට කියයි. ඉන්පසු සන්ධ්‍යාත් ඒ ගැන මගෙන් අසයි. නමුත් මේ සියලු තොරතුරුවල මුල ප්‍රගීත්ය.

මෙහි සත්‍ය කාරණය වන්නේ 2009 අගෝස්‌aතු මාසයේදී ප්‍රගීත්ගේ මේ ඉස්‌සීමේ පුවත මට අසන්නට ලැබුණේ ඊට කාලයකට පසු නෙල්සන් එදිරිසිංහගෙනි. ප්‍රගීත් ඉස්‌සුවා යෑයි කියන මුල් අවස්‌ථාවේදී ඒ ගැන මම දැන සිටියේ නම් සහ එය ආණ්‌ඩුවෙන් කරන ලද්දක්‌ යෑයි මම දැනගෙන සිටියේ නම් මම කරන්නේ කොටුව දුම්රියපළ ඉදිරිපිට මැස්‌සක්‌ ගසාගෙන උපවාසයක්‌ ආරම්භ කිරීමයි. ඒ ප්‍රගීත්ව නිදහස්‌ කර ගැනීමට නොව මෙතරම් බලගතු හා ජනප්‍රිය ආණ්‌ඩුවක්‌ ප්‍රගීත් එක්‌නැලිගොඩ වැනි කිසිවකු නොදන්නා කිසිවකුටත් හානියක්‌ කළ නොහැකි අහිංසක නිකමෙකු උස්‌සාගෙන යැමට තරම් පහත් තතත්වයකට වැටීම ගැන විරෝධය පෑමටය. ප්‍රගීත් රාජපක්‌ෂ ආණ්‌ඩුවට විරුද්ධ වූ අයෙක්‌ බව සත්‍යයක්‌ වුවත් ඔහුගෙන් ආණ්‌ඩුවට වන හානියක්‌ නොවීය. ඔහු කවදත් පවතින ආණ්‌ඩුවට විරුද්ධව සිටි අයෙකි. ඔහු රට පාලනය කරන හැමෝටම විරුද්ධය.

1994 ට පෙර යූ.ඇන්.පී. යටත් ඉන්පසු චන්ද්‍රිකාටත් ඉන්පසු මහින්දටත් ඔහු විරුද්ධ විය. නමුත් ඔහු මොනම ආණ්‌ඩුවකටවත් හානියක්‌ කළ හැකි පුද්ගලයෙක්‌ නොවීය. ඔහු ආණ්‌ඩුවට විරුද්ධ ලිපි දිනපතා පළකළත් ඒවා කිසිවකුටත් කියවිය නොහැක. 1980 ගණන්වල අය තරුණ කාලයේ රටේ විප්ලවයක්‌ ගැන කතා කළ කම්කරු මාවත නමැති මාක්‌ස්‌වාදී සංවිධානයක්‌ විය. මොවුන් සන්නද්ධ අරගල ගැන එළිපිටම කථා කළද වාම විරෝධී ආණ්‌ඩුවක්‌ වූ ඡේ. ආර්. ජයවර්ධන පවා ඔවුන්ව තුට්‌ටුවකටවත් ගණන් ගත්තේ නැත. ප්‍රගීත්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වයද ඒ ජාතියේම දේශපාලන ක්‍රියාකාරීත්වයක්‌ විය. ප්‍රගීත් කිසිදාක මොනම ක්‍රියාකාරකමකවත් ප්‍රධාන චරිතයක්‌ රඟපෑ අයෙක්‌ නොවේ.

2009 අගෝස්‌තු මාසයේදී ඔහු පැහැරගෙන ගිය කථාව ඔහුගේ සමීපතම මිතුරන් වත් කිසිවෙක්‌ විශ්වාස කළේ නැත. මම විශ්වාස කරන්නේද නැත. සුනන්ද දේශප්‍රිය, රාවයේ ලියා තිබුණේ සන්ධ්‍යා ඔහුට කියපු දෙයයි. ඒ ලිපියට අනුව ගුණදාස ජයලත් හා නෙල්සන් එදිරිසිංහ යන දෙදෙනාම ප්‍රගීත් පැහැරගත් මුල් අවස්‌ථාවේදී ඔහු ව බේරුවේ මම යෑයි සන්ධ්‍යාට කියා ඇතැයි සඳහන් වෙයි. මම මේ ගැන නෙල්සන් එදිරිසිංහගෙන් ඇසූ විට ඔහු එවැනි කිසිවක්‌ සන්ධ්‍යාට නොකී බව පවසා සිටියේය. මම ගුණදාස ජයලත්ගෙන් අසන විටද ඔහු මට කියා සිටියේ ඔහු සන්ධ්‍යාට එවැනි කිසිවක්‌ නොකී බවත් ඔහු ඇයට කීවේ ප්‍රගීත් ඔහුට කී කථාව පමණක්‌ බවත්ය.

මේ දෙදෙනාම පසෙක තබමු. සන්ධ්‍යා යනු මාද අඳුනන නිසා මා ඇයට කීවේ ඔහු පැහැරගත්තා යෑයි කියන මුල් අවස්‌ථාවේදී මා එම පුවත නොදන්නා බවත්, මට ප්‍රගීත්ව අවසන් වරට මුණගැසුණේ මීට අවුරුදු නමයකට පමණ පෙර බවත්ය. ඒ මා විදේශගතව සිට නැවත රටට පැමිණුන පසු ප්‍රගීත් මට වරක්‌ දෙවරක්‌ දුරකථනයෙන් කථා කළද 2006 අවසානයෙන් පසු ඔහු මා සමග දුරකථනයෙන් වත් කථා කර නැති බවත්ය. මේ නිසා පසුගිය අවුරුදු තුනහමාරක පමණ කාලයක්‌ තුළ ප්‍රගීතුත් මමත් අතර කිසිදු සම්බන්ධතාවක්‌ නොපැවතිණි.

මේ සියලු විස්‌තර මවිසින්ම සන්ධ්‍යාට කියා තිබියදීත් ඇය සුනන්ද දේශප්‍රියට දී ඇති විස්‌තරය වන්නේ ප්‍රගීත් පැහැරගත් මුල් අවස්‌ථාවේදී ඔහු බේරා ගත්තේ මා බවයි. මෙහිදී මට පෙනෙන්නේ මගේ නම භාවිත කර නැත්තක්‌ ඇත්තක්‌ බවට හැරවීමට උවමනාවෙන්ම ගත් උත්සාහයකි. මා ඔහු බේරා ගත්තා නම් කවුරුන් විසින් හෝ ප්‍රගීත්ව උස්‌සා තිබිය යුතුය. ඉස්‌සීමක්‌ නොමැතිව බේරා ගැනීමක්‌ සිදුවිය නොහැකි නිසාය. මා මෙතෙක්‌ කල් මේ ගැන නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළේ ප්‍රගීත් ගැන සිතාය. නමුත් මේ ප්‍රොaඩාව ඉදිරියට ගෙන යැමට මගේ නම උපයෝගී කර ගැනීම ගැන මගේ කිසිම පැහැදීමක්‌ නැත. මේ නිසා සන්ධ්‍යා එක්‌නැලිගොඩ උපාලි පුවත්පත් සමාගමට ඇවිත් මා හමුවූ අවස්‌ථාවේදී මා ඇයට පෞද්ගලිකව මේ කාරණය පිළිබඳව මගේ ඇති මතය කියා සිටියේය. ඇයට පෞද්ගලිකව කී දේ මට දැන් ප්‍රසිද්ධියේත් කීමට සිදුවනු ඇත.

ඉතිරි කොටස හෙට

සී. ඒ. චන්ද්‍රප්‍රේම

Blog : http://lankanthoughts.blogspot.com

email : thejan.rathnayake@gmail.com

ලලිත් ඔබ සිටියා නම් …
එක්සත් ජාතික පක්ෂය බිහිකළ අතිශය විශිෂ්ට ඝනයේ දේශපාලනඥයෙක් වූ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ 73 වන ගුණානුස්මරණය වෙනුවෙන් සදාහරිත වෙබ් අඩවියෙහි පළවූ ලිපියක් මා නැවත මගේ ‍බ්ලොග් අඩවියෙහි පළ කිරීමට කල්පනා කළෙමි. ඒ එතුමා ඝාතනය කළේ අද වැනි දිනෙක වීම ය.

යුද්ධයට විශිෂ්ට දේශපාලන නායකත්වයක් සපයමින් ඔහු කළ කාර්යය ඉන්දියානු මැදිහත්වීම නිසා අඩපණ නොවන්නට වඩමාරච්චි මෙහෙයුමෙන් ම ප්ර භාකරන්ගේත් එල්.ටී.ටී.ඊ. යේත් ගමන නවතාලන්නට අපට හැකි වනු නියත ය. එහෙත් අපට එම වාසනාව ලබන්නට තවත් දශක දෙකක් ඉවසන්නට සිදුවිය. ඒ එක්සත් ජාතික පක්ෂය බිහිකළ විශිෂ්ට නායකයන් සියලු දෙනාම පාහේ ගාමිණි දිසානායක ඝාතනයත් සමඟම අවසන් විය. දැන් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යටතේ බිහිවුණු දෙවැනි පෙළ නායකයන් අතරින් සිය දක්ෂතාවය විදහාපාමින් ඉදිරියට පැමිණෙන්නට සමත් වූ නායකයන් අතුරින් විශිෂ්ටතම යුගලය ලිලිත් හා ගාමිණී විය. ප්රේාමදාස විශිෂ්ට සංවිධාන ශක්තියකින් යුතු පුද්ගලයෙකු වුවත් උගත් කමින් හා පංතිමය වශයෙන් තමන්ට වඩා ඉහළ මට්ටමක සිටි ඔවුන් දෙදෙනා තමන්ට අභියෝගයක් වෙතැයි දැක්වූ බිය හා ඔවුන් කෙරෙහි ඊර්ෂ්යාමව නිසා ඉතා අමනෝඥ ලෙස තම දේශපාලන දිවිය අවුල් කර ගත්තේය.

ඒ අතර සිටි හුදෙක් ඥතීත්වය හා ‍ජේ.ආර්. සමග තිබුණු තම පියාගේ මිත්රරත්වය නිසාම දේශපාලනයට පැමිණි රනිල් වික්රහමසිංහ පවා ඒ අතරින් දුර්වලතමයා වුවත් අමාත්යපවරයෙකු ලෙස ගත කළ කාලය තුළ ප්රලදර්ශනාත්මක වුවද තරමක වැඩ කොටසක් තම අමාත්යබ පාලන කාලය තුළ කරන්නට පෙළඹිණි.

නමුත් අද වන විට එක්සත් ජාතික පක්ෂයට දෙවැනි පෙළ නායකත්වයක් තබා පළමු පෙළ නිසි නායකත්වයක් වත් නොමැතිව අසරණ වී ඇති අන්දම ඛේදජනකය.

ප්රේනමදාස තමන්ට පහළින් සිටි දක්ෂ මිනිසුන් පන්නා දමන්නට කටයුතු කළාක් මෙන් පසුකාලීන නායකයන් කටයුතු කිරීම ද මීට හේතු වන්නට ඇති බව මගේ හැඟීම ය.

කියවා බලන්න…

අප රටේ නිදහසින් පසුව රටට ඉමහත් සේවයක් කළ එහෙත් රටේ අවාසනාවට රටේ රාජ්‍ය නායකත්වය අහිමි වූ සොඳුරු දේශපාලනඥයන් කිහිපයකි. ඉන් එක් අයකු වන ලලිත් ඇතුලත්මුදලි ශ්‍රීමතාණන්ගේ 73වන ජන්ම දිනය පසුගියදාට යෙදිණි. මේ ඔහු මෙරටට කළ අමිල සේවය ගැන සිහි කැඳවීමකි.

1936 නොවැම්බර් මස 26දා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මතුගම මන්ත්‍රීධුරය ඉසිලූ ඩී.ඩී. ඇතුලත්මුදලි මහතාට සහ එම මැතිණියට දාව කුඩා බිළින්දකු උපන්නේය. නමින් ලලිත් විලියම් ඇතුලත්මුදලි වූ හෙතෙම දිනෙක රටම ලෝකයේ බබලනු ඇතැයි යන විශ්වාසය එදා සිටම දෙමාපියන් තුල පැලපදියම් විය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප්සතර හදාරමින් මලල ක්‍රීඩාවෙන් වාර්තා පිට වාර්තා තබමින් කාගෙත් ආදර ගෞරවය දිනාගත් කුඩා ලලිත් 1955දී මව්රට හැරදා එංගලන්තය බලා පිටත්විය. ඒ සුප්‍රසිද්ධ ඔක්ස්ෆර්ඩ් සරසවියේ නීති විද්‍යාව හැදෑරීමටයි.

සුද්දන්ගේ රටේ සුපිරිතම විශ්වවිද්‍යාලයේ නම රන්දන්නට ශ්‍රී ලාංකිකයකු වූ ලලිත් සමත්කම් පෑයේය. 1956දී එම විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සංගමයේ ලේකම්ධුරයටත්, 1957දී එහි භාණ්ඩාගාරිකධුරයටත්, පුස්තකාලයාධිපතිධුරයටත් පත්වූ ලලිත් 1958දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපතිධුරයට පාත්‍ර ප්‍රථම ආසියාතිකයා මෙන්ම ශ්‍රී ලාංකිකයා ලෙසද ඉතිහාසගතවූයේ උපන් දේශයට අප්‍රමාණ ගෞරවයක් දායාද කරදෙමිනි. ඔක්ස්ෆර්ඩ් බෞද්ධ සංගමයේ ආරම්භක සභාපතිධුරය, ආසියානු සංගමයේ සභාපතිධුරය ආදී තනතුරුද උසුලමින් අනාගත දේශපාලන ගමනට ඔබින නායකත්වය මෙන්ම රාජතාන්ත්‍රිකභාවයද ලලිත් උගත්තේය. මන්ත්‍රීවරයකුගේ පුතකු ලෙස මෙලොව එලිය දුටුවද ඇතුලත්මුදලි පවුල අගහිඟකම්වලින් පෙළුණි. තම දේපල ඉඩකඩම යනාදිය වියදම් කරමින් ජනතා සේවයේ නියැලි ඩී.ඩී. ඇතුලත්මුදලි මහතාගේ අභවයෙන් අනතුරුව ඇතුලත්මුදලි පවුල විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ පෑ අතර ලලිත්ට ඔක්ස්ෆර්ඩ්හී තම අධ්‍යාපන කටයුතු හැරදා ලංකාවට ඒමට සිදුවන තත්වයක් පැන නැංගේය. නමුත් එවක එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශේෂ පනතක් ගෙනෙමින් ලලිත්ගේ අධ්‍යාපනයට අදාල පිරිවැය භාරගත්තේ ජේ.ආර්. ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ දැඩි විරෝධය හමුවේය. එජාපයට දිවි හිමියෙන් වැඩ කළ ඩී.ඩී. ඇතුලත්මුදලිගේ පුතුට රාජ්‍ය ශිෂ්‍යත්වයක් ලබා දීමට දැඩි ලෙස අදිටන් කැරගත් අගමැති බණ්ඩාරනායක ඇතුළු ආණ්ඩුව තර්ක කළේ මතු යම් දිනෙක ලලිත් රටේ අගමැති වන්නට පවා පිළිවන් බවයි. තම රට තමා වෙනුවෙන් වැය කළ ශිෂ්‍යත්වයෙන් උපරිම පල නෙලාගනිමින් ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් නීති විද්‍යාව පිළිබඳ B.A. සහ M.A. උපාධිත්, සිවිල් නීති විද්‍යාව සම්බන්ධිත BCL ගෞරව උපාධියත් ලබා ඇමරිකාවේ සුපිරිතම සරසවියක් වන හාවඩ් විශ්වවිද්‍යාලයට පියමැන්නේය. එහිදී පශ්චාත් උපාධිය විශිෂ්ඨ සම්මාන ඇතිව හමාර කරමින් කථිකාචාර්යවරයකු ලෙස ගමන් අරඹමින් සිංගප්පූරු විශ්වවිද්‍යාලය, ජෙරුසෙලම් හීබෲ විශ්වවිද්‍යාලය ස්කොට්ලන්තයේ එඩින්බර්ග් සරසවිය සහ භාරතයේ අලහබාද් සරසවිය ප්‍රබාමත් කළේය. 1964දී ලංකාවට පැමිණෙමින් නීති දිවිය ඇරඹි හෙතෙම 1967-1974 දක්වා නීති විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේය.

දේශපාලනයට පිවිස එහි හිනිපෙත්ත කරාම යෑමට සමත්කම් පෑ වියතුන්, ප්‍රාඥයින් අප රටේ විරලය. නමුත් ඒ අතලොස්ස අතුරෙන් අංක එකට මතකයට නැගෙන්නේ අන් කවරකුවත් නොව ලලිත් ඇතුලත්මුදලි ශ්‍රීමතාණන්ය. 1946 පාම්කොට් මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂය බිහිකළ අවස්ථාවට දස හැවිරිදී වියේදී සහභාගී වූ ලලිත්ගේ පියා මියයනතුරුම අති ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයකු විය. තම පියාගේ මෙන්ම ලලිත්ගේද කිට්ටු හිතෛෂියකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ලලිත්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන්නටැයි කළ ඉල්ලීම ප්‍රතිපත්තිමය හේතූන් මත තරුණ ලලිත් බැහැර කළේය. මේ අතර 1970දී අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා ලලිත්ට දේශපාලනයට එන්නට ආරාධනා කරමින් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ආසනය ලබා දීමට කැමැත්ත පල කළේය. මෙම ආරාධනාව ගැන පැහැදුණු ලලිත් බුලත්සිංහල පුරා අප්‍රකටව සංචාරය කරමින් දැනගත්තේ එක්සත් ජාතික පක්ෂයට 1970දී බුලත්සින්ංහල නොදිනිය හැකි බවයි. පරාජයකින් සිය දේශපාලන ගමන ඇරඹීමට අකමැති වූ ලලිත් තම දේශපාලන රංගාවතරණය වසර කිහිපයකට කල් තැබීය. 1973දී එක්සත් ජාතික පක්ෂයේ අගලවත්ත ආසනයේ සංවිධායකවරයා ලෙස ඩඩ්ලි සේනානායකයන් විසින් තේරී පත් කෙරුණු ලලිත් ඒ සමගම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා ප්‍රතිපත්ති සැලසුම් කමිටුවේ සාමාජිකයකු විය. පසුකාලීනව පැවැති මැතිවරණ සිතියම සංශෝදනය කරමින් නව මැතිවරණ කොට්ඨාස හඳුන්වා දෙද්දී අලුතින් ඇතිවූ රත්මලාන මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකයා බවට පත්වූ ලලිත් 1977 මහ මැතිවරණයේදී රත්මලාන අසුනේ සිය ප්‍රධාන ප්‍රතිවාදියා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ C.V.ගුණරත්න මහතා පරදවමින් පාර්ලිමේන්තු වරම් දිනාගන්නා ලදි.

නව එක්සත් ජාතික පක්ෂ රජයේ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ලලිත් රටේ එවක සිදුවූ වෙනස්කම් රැසකට මුල පිරීය. ජේ.ආර්. සහ රොනී ද මැල් සමඟ මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වා දීමේ පුරෝගාමියකු වූ ලලිත් විටෙක මාධ්‍යවේදියකු විවෘත ආර්ථිකය රටට හිතකර දැයි විමසූ විට ලලිත් කීයේ එය “විවෘත යන්නෙන් අදහස් වන්නේ නිදහස් යන්න නොවේ, විවෘත භාවයේදී දොරටුවක් ඇත්තේය. එය කවර ප්‍රමාණයකට විවර කරන්නේද යන්න විවෘත ආර්ථිකයකදී රජය තීරණය කරයි, නමුත් නිදහස් ආර්ථිකයක දොරටු නැත.” ඇතැමුන් ලාංකේය විවෘත ආර්ථිකයේ න්‍යායාචාර්යවරයා ලෙස හැඳින්වූ ලලිත් වරෙක් කීවේ “විවෘත ආර්ථිකය යනු ලෝකය දෙස යථාර්ථවාදීව බැලීම” බවයි. අදටත් ඇතැමුන් විවෘත ආර්ථිකයට දොස් කියති, විවෘත ආර්ථිකයෙන් රටට අසුබවාදී බලපෑමක් ඇතිවී නැතැයි කියන්නට තරම් අප අනුවණ නොවෙමු. නමුත් ඉන් රටේ සිදුවී ඇති වර්ධනය අහක දැමිය හැකිද. ලෝකයේ තොරතුරු තාක්ෂණය අතින් අප ඉදිරියෙන්ම සිටින්නේ මේ විවෘත ආර්ථිකය නිසාය. රටේ රැකියා ලක්ෂ ගණනක් ජනිත කරවන පෞද්ගලික අංශය සහ ව්‍යවසාය ප්‍රබල ලෙසම රටේ සංවර්ධනයට දායක වන්නේ විවෘත ආර්ථිකය නිසාය, අප ලෝකය සමඟ ඇති බැදීම් ශක්තිමත්ව ඇත්තේද එම විවෘත ආර්ථිකය නිසාමය. එදා අන්තවාදී සංවෘත, සමාජවාදී ආර්ථික ක්‍රමවල එල්ඹගෙන සිටි චීනය, ඉන්දියාව, වියට්නාමය, ලිබියාව වැනි රටවල් රැසක් අද විවෘත ආර්ථික ක්‍රමය වැලඳගෙන සංවර්ධනය කරා වේගී ගමනක නියැලෙමින් සිටින්නේ එදා ලලිත් කී වදන් සහතික කරමිනි. රටට නිදහස් වෙළෙඳ කලාප හඳුන්වාදීමේ යෝජනාව මුලින්ම ඉදිරිපත් කරනු ලැබුවේද ලලිත් ඇතුලත්මුදලි මහතා විසිනි, අද ඒ හරහා රටේ බිහිවී ඇති සෘජු සහ වක්‍ර රැකියා ප්‍රමාණයත් රටට උපයන විදේශ විනිමය ගැනත් අප අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. මීට අමතරව රටට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වාදිමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ ලලිත් සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදීමටද මූලිකත්වය ගෙන ක්‍රියා කළේය. අද සමානුපාතික ඡන්ද ක්‍රමය ගැන බොහෝ දෙන දොස් නැගුවත් එදා පැවැති ජනතා මතය විකෘති ලෙස පිලිබිඹු කෙරෙන කේවල ඡන්ද ක්‍රමයට වඩා මෙම ක්‍රමය බෙහෙවින් හිතකරයැයි මගේ හැඟීමයි.

වෙළෙඳ ඇමැති ලෙස එතෙක් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණු රජය ඇති කර තිබූ පෝලිම් යුගය නිමා කරමින් සතොස හරහා රට පුරා පාරිභෝගික ජනතාවට සරිලන අයුරේ වෙළඳ ක්‍රමයක් හඳුන්වා දෙමින් ජනතාවට මහත් අස්වැසිල්ලක් බවට ලලිත් ඇතුලත්මුදලි පත්විය. 1978දී ලලිත් යටතට වෙළෙඳ අමාත්‍යධුරයට අමතරව නාවුක කටයුතු අමාත්‍යධූරයත් එක් කිරීමට ජේ.ආර්. ජනාධිපතිතුමා තීරණය කළේය. නව විෂය ලැබුණු පසු තමා කුමක් කරන්නේදැයි මාධ්‍යවේදීන් ඇසූ පැණයට ලලිත් පිළිතුරු බැන්දේ තමන් නොදත් මෙම විෂය මැනවින් අධ්‍යයනය කරන තුරු කිසිවක් කළ නොහැකි බවයි. ඉතා ගැඹුරුව න්‍යයාත්මකවත්, ප්‍රායෝගිකවත් නාවික ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීමෙන් ඉක්බිති ලලිත් වරාය සංවර්ධනයට තම මූලිකත්වය ලබාදෙන ලදි. ලලිත් නාවික ඇමැති වනවිට කොළඹ වරාය භාණ්ඩ හැසිරුවීම අතින් ලෝකයේ වරායන් අතුරින් 138වන ස්ථානයේ පසුවිය. රට ගොඩනැගීමට වරාය ගොඩනැගිය යුතු බව තේරුම් ගත් ලලිත් වරායේ සියළුම සේවකයන්ගේ සහය සහ උද්යෝගීමත් දායකත්වය යටතේ කොළඹ වරායට කන්ටේනර් යාත්‍රා මෙහෙයවීමට හැකිවන අන්දමේ ප්‍රතිසංස්කරණයක් සිදු කළේ විවිධ සමච්චල් කතා මැදය. බොහෝ දෙනෙක් කීවේ කන්ටේනර් හැසිරවීම සඳහා වරාය ප්‍රතිසංස්කරණයට යෙදවෙන මුදල නාස්තියක් බවයි. නමුත් වෙනත් බොහෝ රටවල්වලට පෙර කන්ටේනර් හැසිරවීමට සමත්වීම අප කොළඹ වරායට ලෝක නාවික ක්ෂේත්‍රයේ මහත් ශක්තියක් බවට පත්වන බව ලලිත්ගේ නිගමනය විය. එම නිගමනය 100% නිවැරදි බව ඉතිහාසය විසින් පෙන්වා දී ඇත. අද කොළඹ වරාය ලබන ආදායමින් 80%ක් ලැබෙන්නේ ප්‍රතිනැව්ගතකරණය (transshipment) හරහාය. මෙම ප්‍රතිනැව්ගතකරණය මෙරටට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ ලලිත් ඇතුලත්මුදලි මැතිඳුන්ටය. හේ ප්‍රතිනැව්ගතකරණය හඳුන්වනු ලැබුවේ “මල් වට්ටියකට අත ගසා පින් ලබාගන්නා ක්‍රමයක්” වශයෙනි. ප්‍රතිනැව්ගතකරණය යනු ගමනාන්ත දෙකක් අතර සන්ධිස්ථානයකදී එක් නැවකින් තවත් නැවකට භාණ්ඩ පටවා එමඟින් විශාල ආදායම් ඉපැයීමය, ලංකාව වන් කුඩා රටක අපනයනය සහ ආනයන ලෝක මට්ටමින් ගත් කළ ඉතා කුඩාය. එහෙයින් අප අපේ ආනයන, අපනයන පමණක් වරාය හරහා හැසිරවූවා නම් අපට වරායෙන් ලැබෙන ආදායම ඉතා පහළ අගයක් බව ලලිත් මනාව වටහා ගත්තේය. 1979දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටවූ හෙතෙම වරාය සේවකයන්ට ලැබිය යුතු අයිතිවාසිකම් ලබාදෙමින් ඔවුන් වරායේ ප්‍රගමණයේ හවුල් කරුවන් කරගත්තේය. එදා මෙදා තුර අනන්ත අප්‍රමාණව වැඩවර්ජන කර ඇති වරාය සේවකයෝ ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යධුරය හෙබවූ කාලය පුරාවට එකඳු වර්ජනයකවත් නියැලුණේ නැත්තේ ලලිත් සහ සේවකයන් අතර වූ මනා අවබෝධය නිසාමය. මීට අමතරව නාවික ක්ෂේත්‍රයේ සුපැහැදිලි වෙනසකට නායකත්වය දුන් ලලිත් 1984දී නාවික කටයුතු ඇමැති තනතුරින් නික්මෙන විට කොළඹ වරාය ලෝකයේ කන්ටේනර් බහලුම් වරාය අතින් 22වන ස්ථානයේ පත්විය. වසර 6ක් ඇතුලත 138 සිට 22 දක්වා කොළඹ වරාය ගෙන ඒමට ප්‍රධාන සාධකය වූයේ ලලිත්ගේ අසමසම නායකත්වයයි. 1984දී ලොව කන්ටේනර් මෙහෙයවන වරායවල් 339ක් අතුරින් 22වන තැනට පත්වෙමින් රටට මහත් කීර්තියක් ගෙන දුන් කොළඹ වරාය අද ලෝකයේ 27වන ස්ථානයට පසුබා තිබේ. වෙසෙසින්ම 1994-2001 පොදු පෙරමුණු පාලන සමයේ කොළඹ වරාය මහත් පසුබෑමකට මුහුණ පෑයේ රජයේ නොහැකියාව නිසාමය. අද 27 වන ස්ථානයේවත් සිටින්නේ ආණ්ඩුවේ දස්කමකට වඩා පෞද්ගලික අංශය මෙහෙයවන SAGT හෙවත් දකුණු ආසියා පිවිසුම් පර්යන්තය (පෙර කල රැජිණ ජැටිය) නිසාය. මීට අමතරව අද මෙරට බෙහෙවින් ලාභ ලබන සමාගමක් වන කළම්බු ඩොක්යාඩ් සමාගම කළම්බු ඩ්‍රයිඩොක්ස් යන මැයෙන් නැව් නිෂ්පාදනය සහ අලුත්වැඩියාව සඳහා ස්ථාපනය කරන ලද්දේද ලලිත් ඇතුලත්මුදලිගේ නායකත්වය යටතේය. එම ආයතනය ඔස්සේ රටට ලැබී ඇති සහ ගලා එන විදේශ විනිමය ප්‍රමාණය මෙතෙකැයි කියා නිම කළැ නොහැක. තවද දශක තුනක් තිස්සේ නිමාවක් නොදිටි වරායේ ශ්‍රී සම්බුද්ධ චෛත්‍ය රාජයාණන්වහන්සේගේ කටයුතු නිමාවට පත්කරන ලද්දේද ලලිත් ඇතුලත්මුදලි මැතිඳුන්ගේ කාල පරිච්ඡේදයේදීමය.

ලලිත් වරෙක කීවේ “මා ළඟ මහා සංකල්ප නැහැ. ඇත්තේ පුංචි අදහස්. ඒ අදහස් මිනිසුන්ගේ අදහස් එක්ක එකතු වුනාම ඒ දෙක පෑහී අලුත් දෙයක් නිර්මාණය වෙනවා” කියාය. ලලිත් රටට ඉතිරි කර ගිය දායාද රාශිය අතර කාගේත් ආදරයට ගෞරවයට වැඩියෙන්ම පාත්‍ර දායාදය මහපොල යැයි කීම නිවැරදිය. වෙළඳ ඇමැතිවරයා විසින් සිය විෂය පථයට කිසිඳු සම්බන්ධයක් නැති අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහය දෙනු වස් ඇතිකරන ලද මහපොළ ලලිත් තුල රටේ අනාගත පරපුරත් අධ්‍යාපනයත් කෙරේ තිබුණු බලාපොරොත්තු සහ විශ්වාසය මනාව විදහා දක්වයි. ඇතැම් විට එදා එංගලන්තයේ අධ්‍යාපනය ලබන සමයේ තමන් විඳි ආර්ථික ගැටළු එතුමාව මහපොළ ඇරඹීමට මග පෙන්වුවා විය හැක. කිසිඳු පොරොන්දුවකින්, ඉල්ලීමකින් තොරව ලලිත් ඇරඹූ මහපොළේ එකම අභිප්‍රාය වූයේ රටේ අසරණ සිසුන්ට තම අධ්‍යාපනය සාක්ෂාත්කරගැනීමට මූල්‍යමය සහයෝගයක් ලබාදීමයි. දුප්පත්කම දුරලීමේ හොඳම අවිය අධ්‍යාපනය බව දැඩි ලෙස විශ්වාස කළ ලලිත් මහපොළ නම් වූ විචිත්‍රවත් සල්පිල් සහ සැණකෙළි මාලාවක් පවත්වා එමඟින් එකතුවන ආදායමින් සිසු පරපුරට ශිෂ්‍යතව ලබාදෙන ලදි. මීට අමතරව මහපොළ භාරකාර අර්මුදල මගින් පාසල් සහ විශ්වවිද්‍යාලද නවීකරණයට ආධාර පිරිනැමුනේ සිසුන්ගේ පහසුකම් ඔප් නැංවීමත් වැදගත් බව වටහාගත් නිසාමය. හිනිදුමින් 1980 ජනවාරි 2දා ඇරඹි පළමු මහපොළ අද දක්වා අඛණ්ඩව නගර ගම් දනව් සිසාරා පවත්වමින් මහපොළ භාරකාර අරමුදල තරකරමින් සිසුන්ට සවියක් බවට පත්ව ඇත. ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව සමස්ත ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවම මහපොළින් යැපෙති, ඉන් අතැමුන් තමන්ට මහපොළ ලබාදීමට ක්‍රියාකළ විරුවාගේ නමවත් නොහඳුනනවා ඇත. හැකි තරම් නිර්දේශපාලනීකරණය කර මහපොළ ගෙන යනු වස් මෙය පුණ්‍යායතනයක් ලෙස ලියාපදිංචි කළ ලලිත් එය පුද්ගලික භාරකාරත්ව අරමුදලක් ලෙස නීතිගත කළේ අනාගතයේ තම ව්‍යායාමය තවත් දේශපාලනඥයකු විසින් විනාශ කරනු නොදැකීමටය. එහෙත් අද වනවිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සිය පුතුගේ නොනිල දේශපාලන ව්‍යාපාරය වන තාරුණ්‍යයට හෙටක් මීට ඈඳමින් මහපොළ දේශපාලනීකරණයේ උපරිමයට ගෙන යන්නට වෑයම් දරයි. මහපොළ සිසුන්ට මෙන්ම වෙළඳුන්ටද මහත් ලාභයක් වූයේ කෙටි කලක් තුල එකම භූමියකදී සිය නිෂ්පාදන රාශියක් සාධාරණ මිලකට විකුණා ගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමි වීම හේතුවෙනි. එදා රු.2ක් ගෙවා මහපොළ භූමියට ඇතුළු වූ කෙනෙක් හිස් අතින් හෝ නොසතුටින් ගෙදර යන්නේ නැති තරම්ය. ලලිත් වරෙක කීවේ “අද පටන් ශිෂ්‍යත්වලාභීන් කල්පනා කළ යුත්තේ රටින් තමන්ට ගන්න පුළුවන් ප්‍රයෝජනය ගැන නොව, තමන්ගේ රටට දෙන්න පුළුවන් සේවය ගැනයි” කියාය. යම් හෙයකින් මහපොළ ලබන සිසුවකු මෙම බ්ලොග් සටහන කියවනවා නම් එම කියමන සිහියේ තබාගන්නා ලෙස ලාංකිකයකු මෙන්ම සරසවි සිසුවකු ලෙසද හුදක්ම ඉල්ලා සිටිමි. “1987දී බෝම්බයෙන් මළා නම්, මගේ ජීවිතය ඉවරයි. එහෙත් මහපොළ හැමදාමත් අප උපන් මහපොළවේ උරුමයක් ව පවතීවි” යැයි ලලිත් 1987 පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමෙන් පසුව කීවේ කුණු කය දිරුවද නාමය නොදිරන බව පසක් කර දෙමිනි. ලක්ෂ ගණනක් තරුණ තරුණියන්ගේ නෙත් පෑදූ මහපොළ ලලිත් සැමදා විශ්වාස කළ “සම හැකියාවනට සම අවස්ථා” යන දර්ශනය මූර්තිමත් කරයි.

1983දී උතුරේ ත්‍රස්තවාදය ඔඩුදිවීමත් සමඟ 1984දී ජේ.ආර්. ලලිත්ව ජාතික ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය පදවියට පත් කරන ලද්දේ ඒ සඳහා සුදුසුම කෙනා ලලිත් වූ නිසාය. එතෙක් උත්සව අවස්ථා හැඩ ගන්වීමට පමණක් පැවැති රජයේ හමුදා තරකරගෙන උතුරේ ත්‍රස්තවාදයට මුහුණදීමේ අතිශය අභියෝගාත්මක වගකීම ලලිත්ගේ කරපිටට වැටුනි. තමන් වැඩ භාරගද්දී 11,000ක් රජයේ හමුදාවලට සෙබළු සිටියත් ඉන් යුද පුහුණුව තිබුණේ 6000කට පමණි. මෙම සංඛ්‍යාව ඉක්මනින් 64,000 දක්වා ඉහල නැංවූ ලලිත් නවීන අවි ආයුධවලින් ආරක්ෂක අංශ සවිමත් කළේය. වෙසෙසින්ම නැගෙනහිර ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවා උතුරට අවධානය යොමු කිරීමට අදිටන් ගත් ලලිත් 1986දී නැගෙන්හිර රාජ්‍ය බලය තහවුරු කළේය. ප්‍රේමදාසගේත්, රොනී ද මැල්ගේත් විරෝධය මැද ජාතික ආරක්ෂක අරමුදල පිහිටුවා යුද ක්‍රියාන්විතයට මහජන දායකත්වය ලබාගනිමින් ලක්ෂ 800ක් එකතු කර ගත් ලලිත් හමුදාවේ බිම් මට්ටමේ සෙබළුන් සමඟ මනා සම්බන්ධතාවක් ඇති කරගනිමින් යුද්ධයට නායකත්වය දුන්නේ හමුදාවට අවැසි සියළු ආම්පන්න මෙන්ම චිත්ත ධෛර්යයද හැකි පමණින් ලබා දෙමිනි. එහි අවසාන අදියර ලෙස 1987 මැයි මසදී ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයින් වඩමාරච්චියට කොටු කළ ලාංකේය වීර හමුදාවෝ මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ නායකත්වය සහ ලලිත්ගේ මග පෙන්වීම යටතේ කොටි නැති භංගස්ථාන කිරීමට දින කිහිපයක් තිබියදී ඉන්දියානු ගුවන් හමුදාව බලහත්කාරයෙන් ලංකා ගුවන් සීමාවට ඇතුළු වී යාපන අර්ධද්වීපයට පරිප්පු හෙලීය. පසුව හෙලිකොප්ටරයක් එවා ප්‍රභාකරන්ව නිරුපද්‍රිතව චෙන්නායි නුවරට ගෙන යන ලදි. එතෙක් කල් 100% යුද ක්‍රියාන්විතය ජයගැනීමේ විශ්වාසයෙන් සිටි රජයට ඉන්දියානු ආක්‍රමණයක භීතිය දැනෙන්නට විය, යුද පිටියේ ඉදිරියට යමින් සෙබළුන් දිරිමත් කළ ලලිත් ඇතුළු උදවිය මෙහෙයුම අවසාන කිරීමට හඬ නැගුවත් රට ඉන්දීය හමුදා විසින් ආක්‍රමණය කරතැයි බියෙන් ජේ.ආර්. පසු බැස්සේය. එකල ලෝක දේශපාලන ව්‍යුහය අනුව ඉන්දියාව හා කරට කර හැපෙන්නට හයියක් නොතිබුණු ලංකාණ්ඩුවට අකමැත්තෙන් වුවද වඩමාරච්චි මෙහෙයුම නැවැත්වීමට සිදු විය. එය එක් අතෙකින් එවක එක්සත් ජාතික පක්ෂ රජයේ රාජතාන්ත්‍රික දුර්වලතාවයන් නිසා සිදු වූවක් විය හැකිය. ලලිත් මේ ඉන්දීය ආක්‍රමණයට උරණ වූ අතර ඉන්දියාව සමඟ රජය වෙනුවෙන් සාකච්ඡා කළ ජේ.ආර්. රොනී සහ ගාමිණී කෙරේ අමනාප විය. ඉන්දියාවට ලාංකේය යුද්ධය වැඩි වර්ධනය වන්නට ඉඩ හැර ඉන් තම කලාපීය බලය තහවුරු කරගැනීමේ අවශ්‍යතාව මුදුන් පමුණුවා ගැනීමට මෙම කඩාකප්පල්කාරී ක්‍රියාදාමය කළ බව ඔහුගේ විශ්වාසය විය. පසුකාලීනව ජේ.ආර්, ගාමිණී සහ රොනී ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියා කපන්නාක් මෙන් ඉන්දීය සාම සාධක හමුදා මෙරටට ගෙන්වා ඔවුන් කොටිත් එක්කට සටනට යෙදවීය. මෙම ක්‍රියාවලීන් වලින් දුකට මෙන්ම කලකිරීමට පත්වූ ලලිත්ගේ ආරක්ෂක ඇමැති පදවිය ඒ වනවිට නමට පමණක් සීමාවී තිබුණි. සිංහල, ඉංග්‍රීසි, දෙමල, ජර්මන් සහ ප්‍රංශ යන භාෂා 5ම නිපුනයකු වූ ලලිත් ලෝකය පුරා ලංකාවේ නම රන්දන්නට සමත්කම් පෑයේය. විටින් විට රටට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වෙද්දී ජාත්‍යන්තරයේ ලක්දෙරණේ කීර්ති නාමය සුරැකීමට ලලිත් නොපසුබටව ඉදිරිපත්විය. ලලිත් ඉන්දු-ලංකා ගිවිසුමට එජාප රජයෙන් විරුද්ධ වූ කීප දෙනා අතර ප්‍රමුඛස්ථානයක් ගත්තේ එය රටේ ප්‍රගතියට තර්ජනයකැයි සිතමිනි. යුදයෙන් එල්.ටී.ටී.ඊ.ය කොටු කළ ලලිත්ගේ නොසැලෙන විශ්වාසය වූයේ පැවැති ත්‍රස්තවාදයටත්, බෙදුම්වාදයටත් ඇති එකම විසඳුම දේශපාලනික විසඳුමක් යන අදහසයි.

1987 අගෝස්තු 18දා පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ජනපති ජේ.ආර්. ඇතුළු මැති ඇමැතිවරු ඉලක්ක කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ලලිත් ඇතුලත්මුදලි මහතා වාසනාවකට මෙන් දිවි ගලවා ගත්තේය.

ලලිත්, ශ්‍රීමනී සහ ශරලා

1988 උදා වීමත් සමඟ ජවිපෙ භීෂණය උග්‍ර විය. ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෙම තත්ත්වය ගොඩින් විසඳා ගැනීමට ලලිත් යත්න දැරීය. ජවිපෙ නායක රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක සමඟ ගිවිසුමකට ඇතුළු වී ප්‍රශ්නය විසඳ ගැනීමට ලලිත් ගත් ක්‍රියාමාර්ග සියල්ල ව්‍යර්ථ විය. ඒ සමඟම 1988 ජනාධිපතිවරණ සටන ඇරැඹිණ, ලලිත් රට පුරා යමින් අගමැති රණසිංහ ප්‍රේමදාසයන් ජනාධිපති කිරීමට මහත් පරිශ්‍රමයක් ගත්තේය. ඒ පරිශ්‍රමය තුල අනාගත ප්‍රේමදාස රජයක අග්‍රාමාත්‍යධුරය ගැන අදහසක් ගැබ්ව තිබුණු බව නොරහසකි. ඉන්දු-ලංකා ගිවිසුම හා රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව ලලිත්ට සමාන මතයක් දැරූ ප්‍රේමදාස ජනපතිවරණ සටන මුලදී සිරිමාවෝ මැතිණියට වඩා පසු පස අඩියක සිටියද ලලිත්, ගාමිණී වැනි අද්විතීය නායකයන්ගේ සහය සමඟ ජනාධිපතිධුරයට තේරී පත්විය. ඒත් සමගම පාර්ලිමේන්තුව විසුරුවා හැරි අතර ලලිත් පළමුවරට සමානුපාතික ඡන්ද ක්‍රමය හරහා 1989දී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණි. එහිදී මනාප ඡන්ද 235,447ක් ලබමින් දිවයිනේ පළමු ස්ථානය ලබාගත්තේය. මැතිවරණය ආසන 125ක් සමඟ ජයගත් එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයා විය යුතුව තිබුණේ ලලිත් හෝ ගාමිණී යන දෙදෙනාගෙන් එක් අයෙකි. නමුත් ප්‍රේමදාස මේ දෙදෙනා තමන්ට මතුයම් දිනෙක තර්ජනයක් වේ යැයි තුබූ බිය නිසාත්, සිරිසේන කුරේ, ඒ.ඩී. රණසිංහ වැනි හෙංචයියන්ගේ කේලාම් නිසාත් බෙහෙවින් විශ්වසනීය ඩී.බී.විජේතුංග මහතා අගමැතිධුරයට තෝරා පත් කරගන්නා ලදි. එවක ලලිත් සහ ගාමිණී අතර අගමැතිධුරයට තුබූ පොරයත් තරඟකාරීත්වයත් ප්‍රේමදාසට මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට අස්වැසිල්ලක් විය. එම මහ මැතිවරණයේ එජාපයෙන් වැඩිම මනාප ප්‍රතිශතය ලත් ගාමිණී සහ වැඩිම මනාප ලත් ලලිත් අතුරින් පාර්ලිමේන්තු ඡන්දයකින් අගමැති තෝරා ගත යුතුව තිබුණද ප්‍රේමදාස තමන්ගේ හිතූ මනාපෙට ඩී.බී. අගමැති කළේ මේ යුග පුරුෂයන් දෙදෙනාගේම කලකිරීමට පත් කරමිනි. රටට වැඩ ගත යුතුව තුබූ මිනිසුන් පැත්තකට තබා බල ලෝභය නිසා රට ආපස්සට ගැනීමේ පාපකර්මයට පොදුජන ජනපති ප්‍රේමදාස මුල පිරුවේ එලෙසය. ඒ අනුව 1989 එජාප රජයේ කෘෂිකර්ම, ආහාර හා සමූපකාර ඇමැතිධුරයට ලලිත් පත්කෙරුණේ ඔහුව රටේ පාලන කේන්ද්‍රයෙන් තරමක් ඈත් කිරීමේ අදිටනින් බව පැහැදිලිය. කෙසේ වෙතත් ජනසවිය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබුණෙන් ලලිත්ට විශාල වගකීමක්ද පැවැරුණි. කෙසේ නමුත් කෙටි කලෙකින් ජනපති ප්‍රේමදාස කෙරේ ලලිත් තුල අමනාපයක් හටගත්තේ ඔහුගේ ඒකාධිපති ස්වරූපය නිසාත් ජේ.ආර්.ගෙන් දිස්වුණු බුද්ධිමත්කම ප්‍රේමදාසගෙන් දිස් නොවීමත් නිසාය. කෙසේ නමුත් තම වගකීම නිවැරදිව ඉටු කරමින් ලලිත් කෘෂිකාර්මික විප්ලවයකට පිඹුරුපත් සැකසුවේ ස්වයංපෝෂණය සහ අපනයනය යන කරුණු දෙක පාදක කරගනිමිනි. “මහ බතට – යල කාසියට” යන මැයෙන් මහ කන්නට වී වගාවටත්, යල කන්නය ආර්ථික බෝග වගාවටත් යෙදවීමේ අදහස ඇතිව ලලිත් තම ප්‍රතිපත්ති සම්පාදනය කළේය. එසේ කෘෂිකර්මය නගා සිටුවන ලලිත්ට රටේ සිදුවූ භීෂණය ගැන මහත් කලකිරීමක් තිබුණි, කැබිනට් අමාත්‍යවරයකු වුවද ඒ ගැන ක්‍රියා කිරීමට නොහැකි වීම ලලිත්ට කණස්සල්ලට හේතුවක් විය. 1990 මාර්තුවේදී සිදු වූ කැබිනට් සංශෝධනයට අනුව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යධුරයට පත්කෙරිණ. දරුවන් රටේ වටිනාම සම්පතක් ලෙස සැලකූ ලලිත් අධ්‍යාපන ඇමැති ලෙස “සම කුසලතාවනට – සම අවස්ථා” යන උදෘතය යටතේ තම වගකීම් ක්‍රියාවට නැගීය. විශේෂයෙන්ම ගුරු ප්‍රශ්න සහ උසස්වීම් ක්‍රම විධිමත් කරමින් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට ලලිත් මූලිකව උනන්දු විය. පාසල් අධ්‍යාපන රටාව නවීකරණයටද මූලික වූ ලලිත් ගමේත් නගරයේත් පාසල් තුල තුබූ පරතරය දුරලීමට උත්සුක විය. තවද පාසල්වල සවස පන්ති ක්‍රමයක්ද ලලිත් හඳුන්වාදීමට මූලිකත්වය ගෙන ක්‍රියාකළේය. ප්‍රේමදාස කෙරේ තුබූ අකමැත්තත් තමන් මෙන්ම උගත් බුද්ධිමත් නායකයකු වූ ගාමිණී දිසානායකට සිදු වූ අසාධාරණයත්, ඒකාධිපතිපාලනයත් හේතුපාදක කරගනිමින් ලලිත්, ගාමිණී ඇතුළු එජාප මන්ත්‍රීන් 37ක් විසින් ප්‍රේමදාස ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනු ලැබීය. ඒ සමඟම ලලිත් සිය ඇමැති පදවියෙන් ඉල්ලා අස්විය.

විවිධ උපක්‍රම මගින් දෝෂාභියෝග උගුලෙන් ජයගත් ප්‍රේමදාස ලලිත් සහ ගාමිණී සමඟ වෛර බැඳගත් අතර ඔවුන් දෙපලත්, ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රා ගන්කන්ද, ප්‍රේමරත්න ගුණසේකර, සමරවීර වීරවන්නි, ආරියරත්න ජයතිලක සහ වින්සන්ට් පෙරේරා යන අට දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපනු ලැබීය. එහෙත් එජාපය හැර යෑමට මොවුන් අකැමැති වෙමින් විරෝධය පෑහ. කෙසේ නමුත් 1991 සැප්තැම්බරයේ නුගේගොඩදී මෙම එජාපයෙන් නෙරපූ මන්ත්‍රීන් අට දෙනා එක්ව පැවැත්වූ ජනරැළියට ලක්ෂ හතරහමාරකට අධික වාර්තාගත ජනකායක් එක්කාසු වීමෙන් ඔවුන්ට තිබූ අපරිමිත ජනතා බලය ඔප්පු විය. ලලිත්ගේ ජීවිතයේ දුක්බරම දිනය ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපනු ලැබූ දිනය බව ඔහුගේ බිරිඳ ශ්‍රීමනී රංජිත් අමරකීර්ති පලිහපිටිය විසින් රචිත “නොනිමි මෙහෙවර” චරිතාපදානයට පවසා ඇත. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වනවා වෙනුවට වෙනම විකල්ප දේශපාලන ප්‍රවාහයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ගාමිණී සමඟ ගොඩ නැගි අතර එය අද පක්ෂ මාරු කරන ප්‍රතිපත්තියක් නැති දේශපාලනඥයන්ට කදිම උදාහරණයකි. 1993දී ප්‍ර.එ.ජා.පෙ. නායකයා ලෙස තෝරා ගැනුණු ලලිත්ගේ තේමා පාඨය වූයේ වරෙක ගිරාඳුරුකෝට්ටේ සංචාරයකදී තරුණයකු විසින් ඇඳි බැනරයේ වූ “ඔබ ඇති තැන – නැත බිය සැක” යන වැකියයි. 1993 මැයි මාසයට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ප්‍රේමදාස ප්‍රමුඛ අලිත් එක්ක සටනට ලලිත් සූදානම් වූයේ ගාමිණී සහ ජී.ඇම්. එකතුව සාදාගත් “රාජලියා” ලාංඡනය හරහාය. වරෙක එක්සත් ජාතික පක්ෂයට තම පූර්ණ සහය දැක්වූ උගතුන් බුද්ධිමතුන් රැසක් ඒ වනවිට ලලිත්, ගාමිණී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ වටා එකතුව සිටියහ. රට ලෝකය ගැන මහත්වූ දැනුමකින් හෙබි ලලිත්ට රට සංවර්ධනයට හැම අතෙකින්ම දර්ශනයක් පැවැතිණි. රටේ ප්‍රවාහනය සහ මහාමාර්ග නිසි ලෙස ගොඩ නැගීම හරහා රටේ අර්ථික සහ සංවර්ධන ප්‍රශ්න රැසක් නිම කළ හැකැයි ඔහු විශ්වාස කළේය. ඒ අනුව පළාත් සභා මතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ බොහෝ විස්තරාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සමඟ ඉදිරිපත් විය. එහිදී ලලිත් සඳහන් කර තිබුනේ “රජය අලියා සලකුණ ඔවුන්ගේ ප්‍රාණ ඇපකරුවකු බවට පත් කරගෙන ඇතත් එම සංකේතයේ සම්ප්‍රදායයන් ඔවුන් වෙත නොමැත. ඔවුන් එම උතුම් ගුණය කෙළෙසා ඇත” යන්නයි.

ප්‍රඑජාපෙ නායක මෙන්ම බස්නාහිර පළාත් මහ ඇමැතිධුර අපේක්ෂක ලෙස 1993 අප්‍රේල් 23දා කිරුළපනදී ජනරැළියක් අමතමින් සිටියදී රාත්‍රී 9ට මත්තෙන් නාඳුනන පිස්තෝලකරුවකුගේ වෙඩි පහර දෙකක් ලලිත්ගේ සිරුරට ඇතුළු විය. “මට වෙඩි වැදුනා” යයි කෑ මොර දෙමින් බිමට වැටි ලලිත් කොළඹ ජාතික රෝහලට ගෙන යෑමෙන් පසුව රාත්‍රී 11.05ට පමණ තම බිරිඳ ශ්‍රීමනීගෙන්, දියණිය ශරලාගෙන් මෙන්ම ඔහු මහත්සේ ආදරය කළ ඔහුටද පෙරළා ආදරය කළ ලක් දෙරණෙන් සහ ලාංකේය ජනතාවගෙන් සදහටම සමුගත්තේය.

රටක් වටින නායකයකු එලෙස අපට සමු දෙන ලදි. ඔහුව ඝාතනය කළේ ප්‍රේමදාස යැයි ඇතැමුන් කියති නමුත් එම ඝාතනය කරන ලද්දේ කුරිරු කොටි ත්‍රස්තවාදීන් යැයි මට හැඟේ. ලලිත් එදා නොමළේ නම් අද ශ්‍රී ලංකාව සුරපුරයක් වන්නට තිබුණි, චන්ද්‍රිකා ජනාධිපති තබා බස්නාහිර මහ ඇමැතිවත් නොවන්නට තිබුණි. එහෙත් අපේ යම්කිසි කරුමකයට මගේ තක්සේරුව අනුව රටේ නිදහසින් පසු බිහිවූ රටේ කිසිඳු රාජ්‍ය නායකයකු ඉටු නොකළ ආකාරයේ මෙහෙයක් මෙරටට ඉටු කළ ලලිත්, ගාමිණී යන යුගපුරුෂයන් දෙදෙනාම රටට අවැසිම විටෙක කොටි ත්‍රස්තයන් විසින් ඝාතනය කරන ලද්දේ ඔවුන්ට කිසිදා රාජ්‍ය නායකත්වය නොලැබීමට වග බලා ගනිමිනි. අද රුදුරු කොටි ත්‍රස්තවාදය නිමවීමට අප සතුටු විය යුතු වුවත් අප සංවර්ධනයට හුඟාක් ඈතින් සිටීම ලලිත් ඇතුලත්මුදලි වැන්නන්ගේ අඩුව මොනවට පැහැදිලි කරයි.

ඔහුගේ සොහොනේ ඔහු මිය යෑමට කලකට පෙර කරන ලද ඉල්ලීමක් අනුව ලියැවී ඇත්තේ මෙසේය

මෙහි නිදන මිනිසා මිනිසුනට අසීමිත ලෙස ආදරය කළේය.

මිනිස්සු ඔහුට බෙහෙවින් ආදරය කළහ.

ජීවතුන් අතර නැතත් රටට අපරිමිත සේවයක් කළ ලලිත් විලියම් ඇතුලත්මුදලි මැතිඳුන්ට සදාහරිත අපි, සුබ 73වන උපන්දිනක් පතන්නේ, ඔබ වැනි විරුවකු ඉක්මනින් රටට පහළ වේවා යන පරම පිවිතුරු හැඟීමෙනි.

ඔබට නිවන් සුව….!!!

- හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 ඉල් -

H Niles Perera©, November 2009

Blog : http://lankanthoughts.blogspot.com

email : thejan.rathnayake@gmail.com

සිත සැලුණා … !!!
හිත කම්පනයට පත් කළ ටැබූගේ post එකක් ගැන යමක් ලියන්න හිතුණා. අවජාතිකවාදියකු වුණත් මම ටැබූගේ දකින හොඳ ලක්ෂණයක් තමයි සමාජයේ වැඩි‍ දෙනෙකුට අමතක වී ඇති කාරණා විවෘතව දකින්න පුලුවන් මානසිකත්වයක් ටැබූට තියන එක. ඒ සමහර දේවල් විශාල සංස්කෘතික ගැටලු අපට වගේම බටහිරටත් ඇති කරනු ලැබූ ඒවා.

ඒත් ඒ කිසිවක් ටැබූගේ කතාවෙන් මා තුළ ඇති වූ කම්පනය අඩු කරලූයේ නැත. මන්ද යත් ටැබූගේ “නංගියකු වූ මල්ලියා” තුළින් විදහාපාන යථාර්තය අතීශය ඛේදනීය එකක් වන නිසා ය. මැවුම්කාර දෙවියන් වහන්සේ මේ විදියට මිනිසුන්ට සලකන්නේ දෙකක් දාගෙන මවන වෙලාවට ද කියා අසන්නට සිතෙන්නේ මෙබඳු වෙලාවකට ය. බුදු දහමේ ද මේ පිළිබඳ යමක් ගැඹුරට කියවීමට මා තවම අසමත් වී ඇති නමුදු මාගේ බුද්ධියට වැ‍ටහෙන දෙය නම් නියාම ධර්ම පහ ක්රිැයාත්මක වීම මගින් මෙය සිදුවනවා වන්නට හැකි බව ය. අපේ අඳ බාල බෞද්ධයන් මෙන් බහු – ලිංග‍ (transgender) පුද්ගලයෙකු වී උපත ලැබීම ද අනෙක් සියල්ල මෙන් දෛවය හෝ සියල්ල සිදුකරවන කර්ම බලයට යට කරවන්නට මට නම් නොහැකි ය.

නමුත් මේ හා සම්බන්ධව වන වෙනත් උදාහරණයක් මා ගන්නට කැමති වන්නේ ටැබූ වක්රා කාරයෙන් පවසන ලෙස මේ කාරණය ‍හුදෙක් දේශීය සංස්කෘතිය මෙය පිළිනොගැනීම නිසාවෙන් ම ඇතිවූවක් නොවන ඛේදවාචකයක් නොවන බවයි. එය බොහෝ දුරට එම පුද්ගලයන්ගේ පවුල් පසුබිම හා ඔවුනට බාහිර සමාජයට ඇති අවබෝධය මත රඳා පවතින කාරණයක් බවයි මගේ වැටහීම. එමෙන්ම එවැනි තත්ත්වයක් අවශෝෂණය කර ගැනීමත් මහා ගැටලුවක් ලාංකීය සමාජයට ඇති නොකරනු ඇති බවයි මගේ වැටහීම.

මා ගන්නට යන උදාහරණය වැඩි දෙනෙකුට මතක ඇතැයි සිතමි.

කොළඹ ඩී.එස්. සේනානායක විදුහලෙන් උගෙන පිරිමියකු ලෙස විශ්ව විද්‍යාලයට ගිය අක්ෂි වෛද්‍ය විශේෂඥයකු බදුල්ල, මොණරාගල හා අම්පාර කලාපය භාරව සේවය කරමින් සිටියදී කාන්තාවක බවට පත් වීමේ සිද්ධියයි ඒ.

වෛද්යසවරයා සමග පුවත්පත් සාකච්ඡාවක් පවා පවත්වා තිබෙන අයුරු මට තවම මතක තිබේ. ඔහු කියන ලද කරුණ අනුව නම් එය හුදෙක් ස්වාභාවිකව ම තමන් උසස් පෙළ කරන සමයේ පටන් සිරුර තුළ ඇතිවුණු විපර්යාසයක් බවත් කාලයක් එය දරාගෙන සිටියත් වෛද්යපව‍රයෙකු වී කලක් සේවය කළ පසුව තවදුරටත් එය වසන් කිරීම තේරුමක් නැති බව දැණුනු හෙයින් තම ලිංග විපර්යාසය සමාජයට නිරාවරණය කරන්නට සිතූ බවත් ය.

තරමක ආන්දෝලනයකට තුඩු දුන් කාරණයක් වුව ද මා ‍වරෙක ස්වර්ණවාහිනියේ වැඩසටහනකට (එහි නම නම් මතක නැති නමුදු) වෙනත් කාරණයක් සම්බන්ධව අදහස් දැක්වූ එම ප්‍රදේශයේ කාන්තාවක් (බටහිර අර්ථයෙන් නූගත් හා පසුගාමී) වෙනත් කාරණයක් සම්බන්ධව අදහස් දක්වන කල ඉහත වෛද්යතවරයාගේ කාරණය පිළිබඳව සඳහන් කරමින් කියා සිටියේ “අපට මාසෙකට සැරයක් ඇස් ක්ලිනික් එකට දොස්තර මහත්තයෙක් ආවා. ඒ මහත්තයා ටික දවසක ඉඳන් ආවෙ නැති නිසා අපට බදුල්ලෙ යන්න වුණා බෙහෙත් ගන්න. ගිහින් බලන කොට ඒ මහත්තයා නෝනා කෙනෙක් වෙලා ” යනුවෙනි.

අප වන්දනාමාන කරන අපේ යයි සිතමින් රකින්නට වලිකන ඊනියා වික්ටෝරියානු සංස්කෘතික සීමාවන් අගයන මධ්යමම පාන්තියකයන් සතු නොවූ විවෘත භාවයක් තවමත් ඒ තරමින් දූෂ්යස නොවූ පිටිසර බද නූගත් ගැහැණුන් වෙත තිබෙන බව පෙන්වන සාධකයක් බව එම ලිංග විපර්යාසයකට භාජනය වූ එම වෛද්යුවරයාගේ හා ටැබූගේ කතානායකයාගේ උදාහරණ දෙක සංසන්දනයෙන් පෙන්නුම් කරන බවයි මට නම් හැ‍‍ඟෙන්නේ.

නමුත් ‍ඔවුනට දෙවියන් විසින් ලබා නොදුන් සැනසීම තාක්ෂණයට සැත්කමක් ‍ඔස්සේ මානසික පුමිතිරි බව හා ශාරීරික පුමිතිරි බව එකක් කිරීමට හැකිනම් එයට අවකාශ ලබා දීම අතිශය යහපතක් ඒ පුද්ගලයාගේ මනස සුවපත් කිරීමට කළ හැකි වන්නේ ය.

Blog : http://lankanthoughts.blogspot.com

email : thejan.rathnayake@gmail.com

අම්මලාගේ කතාව
මේ උපුටා ගැනීම Colombo Voice වෙබ් අඩවියෙන්.

පාඨකයන්ට ආශ්වාදයක් ලබා දෙනු පිණිස ලියා තිබුණත් තරමක් සිතා බැලූ කල “බහිරාමුවා” ට දිය යුතු පිළිතුරත් මෙහිම ගැබ් වී ඇති බව සිතුණා.
ඒ බහිරාමුවා ඔරිජිනල් ලාංකීය සිතුවිල්ලක් ලෙස පළ කොට තිබුණු පල් හෑල්‍ල දිහා බැලුවහම ඒකේ තිබුණු “ආණ්ඩුවේ තක්කඩින් කරන වැඩ වලට රනිල් වගකිව යුතු බව” අප අදහස් කර ඇති බව සඳහන් ලිපියටයි.

මතවාදීමය තලයේ සංවාදයක යෙදෙන හැටිවත් ‍නොදන්නා නමුත් ලෝකය කරකැවෙන අතත් කොහෙන් හරි ලැබෙන සල්ලි ටිකකට වෙනස් කරලා අපේ මිනිස්සුන්ට පෙන්නන්න දඟලන සියල්ලන්ට (අවජාතිකවාදීන්) දිය යුතු නියම පිළිතුර මෙහි ගැබ් ව තිබෙන බවයි මගේ හැඟීම.

මේ ආණ්ඩුව පාලම් හැදිම නිසා අම්මලා  තම දරුවන් පාළලම්වලින් ගඟට දැමීමට පටන්ගෙන ඇතැයි පසුගිය දිනක විපක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමාට ප්‍රතිචාර රැසක් ලැබී ඇති නමුත් ඒ  සඳහා ප්‍රමාණවත් ප්‍රචාරයක් ලැබී නැති බැවින් මෙවර අතුරුපස විශේෂාංගයෙන්  එම ප්‍රතිචාර කිහිපය ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපි තීරණය කළෙමු.

එක් ප්‍රතිචාරයක් ලැබුණේ තැපැල්පතක් මගිනි. එහි මෙසේ සඳහන්ව තිබිණ.

‍ …”"නායකතුමනි, ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත. මේක හරිම අපරාධයක්. ඒක විතරක්  නෙවෙයි , දැන් බලන්න, මේ ආණ්ඩුව දුම්රිය සේවය දියුණු කිරීම සඳහා අළුතෙන්  දුම්රිය මැදිරි සහ ඇන්ජින් ගෙනත් තිබෙනවා. ඒ නිසා ‍මේ රටේ අහිංසක මිනිසුන්  කෝච්චිවලට පැනලා මැරෙන්න පටන් අරන්.”…

දුරකථන මගින් ලැබුණු ප්‍රතිචාරයක් මෙසේය.

..”" ඒ විතරක් නෙවෙයි, නායක තුමනි, මේ ආණ්ඩුව පාරවල් හදාගෙන හදාගෙන යනව. ඒ  පාරවල්වල යන වාහනවල හැපිල මිනිස්සු විතරක් නෙවෙයි අහිංසක බල්ලො, බළල්ලුත්  මැරෙනව.”..

නායකතුමාගේ ජංගම දුරකථනයට ලැබුණු ප්‍රතිචාරයක් මෙසේය.

..”" මේ ආණ්ඩුව අපේ ගම්වලට ලයිට් දීගෙන දීගෙන යනව. නායකතුමනි අපේ අහිංසක  මිනිසුන් කරන්ට් වැදී මිය යාමේ අනතුරක් තියෙනවා.”"..

ඒ අතර එස්.එම්.එස්. මගින් මෙවැනි ප්‍රතිචාරයක් ලැබිණ.

..”"ගුවන් පාලම් ඉදිකිරීම නිසා ගුවන් අනතුරු වැඩි වී ඇත.”"..

ලියාපදිංචි තැපෑලෙන් ලැබී තිබුණු ප්‍රතිචාරයක් මෙසේය.

..”" මේ ආණ්ඩුව අපේ ගමේ වැව ප්‍රතිසංස්කරණය කර දී ඇත. ඒ නිසා අහිංසක  ගැමියන් ඒ වැවෙහි ගිලී මිය යාමේ අනතුරක් තිබේ.”"..

රටේ හතර දිග්භාගයෙන් මෙවැනි ප්‍රතිචාර ලැබෙමින් තිබෙන අතර මේ සම්බන්ධයෙන්  නායකතුමාට වි‍ශේෂ දුරකථන ඇමතුමක් ලැබිණි.

..”" නායකතුමාද කතා කරන්නේ ? “”..
..”" ඔව්, මේ කවුද ? “”..
..”" මම මේ හොඳ පාක්ෂිකයෙක්. ඔබතුමා අර කියපු පාළම් කතාව ගැන මගේ අදහසක්  කියන්නයි මම මේ කතා කළේ “”..
..”" හොඳයි හොඳයි කියන්න බලන්න “”..
..”" ඔබතුමා උපදින කාලෙ මේ වගේ  ආණ්ඩුවක් නොතිබීම හරිම අවාසනාවක් නේද නායකතුමනි ? “”..
..”" ඇයි එහෙම කියන්නෙ ? “”..
..”" ඒ කාලෙ මෙහෙම ආණ්ඩුවක් තිබුණ නම් මේ හදන පාළම්වලින් ඔබතුමාගෙ අම්මටත්  සෑහෙන ප්‍රයෝජනයක් ගන්ඩ තිබුණ “”..

ඒ කතාව නායකතුමාට තේරුණේ නැත.

ඒ නිසා ඒ පාළමෙන් තම අම්මාට ගතහැකිව තිබූ ප්‍රයෝජනය කුමක් දැයි එතුමා තවම  කල්පනා කරමින් සිටී.

Blog : http://lankanthoughts.blogspot.com

email : thejan.rathnayake@gmail.com

අනාගත පිස්සෙකු ගේ ආගමනයට පෙර …
බහිරාමුවා ආපහු කතාවක් ලියල…

නිකමට ගිහින් බැලුවා මොකක්ද කියලා.

මේ යක්කු ලියන ඒවට උත්තර ලිවිල්ල ඉක්මනටම නවත්වන්න පුලුවන් වෙයි. මොකද එන්න එන්නම ඒකෙ තත්ත්වය බාල වෙනවා. තර්ක බොළඳ වෙනවා. අනුමාන වරදිනවා.

හත්පොලේ ගා ගන්නවා.

ඇයි මේ?

බඩ රස්සාවට අලුගුත්තේරුකම් කරන මිනිස්සු හුඟක් ඉන්නවා. පොකට් කාරයෝ, මංකොල්ල කාරයෝ සංවිධානාත්මක පාතාල හොරු, තව ඕන තරම් වර්ග හොයාගත්තැහැකි. ඒත් බඩ රස්සාවට මොළ හෝදන්න එන උන්?

උන්ට සිද්ධ වෙන දේවල් අර පොකට් කාරයන්ට සිද්ධ වෙන දේවල් වලට වඩා ලොකු වෙනසක් නැති බව හිතෙන්නේ ටිකක් සමීපව ඒ වගේ කෙනෙක් ගැන විමසිල්ලෙන් හිටියොත් තමයි.

දැන් බහිරාමුවාට අත්වෙන්න යන ඉරණමත් ඒ වගේ.

විග්‍රහ කරල බලමු. එකින් එක.!!!

“ආණ්ඩුව මෙතරම් වැරදි කරද්දීත් අති විශාල මිනිසුන් සංඛ්යාරවක් ඊටම චන්දය දෙන්නේ ඇයි දැයි යන්න විරුද්ධ පාක්ෂිකයින් බො‍හෝ දෙනෙකුට තේරුම් ගත නොහැකි කාරණයකි. ඒ නිසා විරුද්ධ පාක්ෂිකයින් බොහෝ දෙනෙක් මිනිසුන් මෝඩ යයි ද අන්ධ යයි ද යන නිගමනයට පැමිණ තිබේ.”

ආණ්ඩුවේ පිස්සන් ටිකක් සිටී. මොන ගමනක් ගියත් මේ පිස්සො රැළ ආම්බාන් කරන එක ඒ තරම් ලේසි නැති එකනම් හැබෑවකි. හැබැයි විපක්ෂය ගත්තොත් ඒකෙ මුළ ඉඳන් අගට එනකම් සේරෝටම පිස්සු ය. රනිල් සෝමවංශ ෆොන්සේකා තුන්කට්ටුවේ ඉඳන් පහළට ම යනකන් ඉන්න සෙට් එකම කෙළින පිස්සු දිහා බල බල ආණ්ඩුවට විරුද්ධ වුණත් විපක්ෂයට පක්ෂ වෙන්න තරම් ජනතාවට පිස්සු නැත!

“එහෙත් තත්වය ඊට හාත් පසින් වෙනස් ය. මිනිසුන් බොහෝය දෙනෙක් අප හිතනවාට වඩා කට්ට ය. උන් තමන්ගේ පෞද්ගලික දියුණුව පහසුවෙන් සළකා ගත හැකි ෂෝට් කට් සොයති. දරුවාට පාසලක් සොහොයුරාට රස්සාවක් බිරිදට මාරුවක් ඒ අතර ප්රොමුඛ ස්ථානය ලැබෙන කටයුතු ය. ඒ සදහා කළ යුත්තේ දිනන පැත්තට සහයෝගය දීම ය.”

බහිරාමුවා හිතාගෙන ඉන්නේ ඡන්දය ප්‍රසිද්ධියේ දෙන එකක් කියලා ය.  ඒ නිසා මිනිස්සු දෙන ඡන්දය අනෙක් මිනිස්සු දැනගන්නවා ය. උන් ඒකට බය ය. නැතිනම් කට්ට ය. ඒ නිසා තමන් දෙන ඡන්දය පක්ෂ පාට සේරම අතහැර පාලනය ඇති පැත්තටම දෙන්න මිනිස්සු කැමති ය. ඒ කියන්නේ දිනපු පැත්තට හෝයියා ය. මේකෙන් කියවෙන අනෙක් කාරණය ලංකාවේ ආණ්ඩු ‍ජීවිතේට පෙරළිලා නැති බව ය. ආණ්ඩු බලය තිබෙන පක්ෂයෙන් වැඩ කරගන්න ඒකටම ඡන්දෙ දීපු නිසා 1933 ඉඳන් මේ දක්වා තිබෙන්නේ එකම ආණ්ඩුවක් ය. හැමදාම මිනිස්සු කරලා තියෙන්න දිනන පැත්තට සහය දීම ය !!!

“ඊට අමතරව මිනිසුන් අප බොහෝ දෙනෙක් හිතනවාට වඩා දාර්ශනික ය. ඒ නිසා උන් දර්ශනවාදී ද්රාෂ්ඨියකින් චන්දය දෙන මේ කටයුත්ත දෙස අමතරව බලති. අප පසුගිය ලිපිය (ඉලක්කය හා උපාය මාර්ගය) ලිවුවේ ඒ ගැන කියන්න ය. චන්දය දිනන ක්රරමය ‍වැදගත් නැත. දින්නාට පසු කරන දෙය හොද නම් දිනන්නට අනුගමන කරන ක්ර මය ගැන නෑසු කන් ඇතිව නොඇරුණු ඇස් ඇතිව සිටියාට කමක් නැත.”

අපොයි ඒක නම් ඇත්ත ය. අපේ රටේ මිනිස්සු අම්බානක් දාර්ශනික ය. ‍පෝස්ටර් නාවන උන් දිස්ත්රි ක්ක වලින් උඩට එන්නේ ඒ නිසා ය. අප්පාවත් හරියට නොදන්න උගත්කමක් ගැන වගක් වත් නැති  බවා දොස්තරලත් පරදවලා ඉදිරියට එන්නේ ඒ නිසා ය. අවුරුදු ගණන් පක්ෂෙට බර ඇද්ද වජිරලා විසිකරලා ටෙලිවිසන් එකෙන් මුණ ප්රදසිද්ධ කර ගත්තු මනූෂලා පාර්ලිමේන්තු ‍එන්නේ ඒ නිසා ය. රටම ‍විජය කුමාරතුංග ඉල්ලන සීට් එක  ‍මෙලෝ යකෙක් නොදන්න මිනිහෙක් ඡන්ද 100කින් දිනන්නේ ඒක ය. ඒ දිනපු එක සාධාරණ ඡන්දයක් ‍වන්නේ ඒක ය. ඒ ක්රනමය හැමදාම සාධාරණව තිබුණු එකක් ය. මිනිස්සු ඒ දෙස හැමදාම ඇස් ඇරගෙන සිටියහ.

“ඉතින් මේ ආණ්ඩුව ඇති කරන හොද මොකක්ද? බටහිර ජාතීන්ට ඕනැ හැටියට නටන්නට දෙන්නේ නැතිව සිංහල අපේ රටේ කටයුතු අපට ඕනෑ පරිදි කරගෙන යාමේ ඉඩකඩ ලබා දී තිබීම ය. එයින් අදහස් කරන්නේ වැඩි වෙනසක් නැතිව මේ විදිහටම වැඩ කටයුතු කරගෙන යෑමේ ඉඩකඩ ය.”

ඔවු. ආණ්ඩුව වැඩි වෙනසක් කොට නැත. රනිල් ගෙ සටන් විරාම කාලෙ චෙක් පොයින්ට් එක ගාවට ඇවිත් T-56 කරේ තියාගෙන පස්ස හැරිලා ඉණ ගාවට සරම උස්සලා පෙන්නපු කොටියා ‍දැන් නැත. ඒක වෙනසක් නොවේ ය !!! වුණත් ඒක ඒ හැටි දෙයක් නොවේ ය. (ඒක පෙන්නුවේ අපට නෙවෙයිනේ. ගම්වල බයියලාටනේ. උන්ට ඉතින් අපිත් පෙන්නුවේ ඒකනේ. කාලා ඉන්න බැරි දැන් උන් ඒක අපිට පෙන්නන එකනේ. මේ බයියලා රට කරන්න ඇවිත් දැන් උන් අපේ කරෙත් යනවා. ගෝනි නැතුවම. )

යන්න එන්න පාරක් හරියට නැතිව තිබුණු රට පුරාම පාරවල් ටික කාපට් කරගලා පාලම් ටිකක් දාලා තියෙන එක වෙනසක් නොවේ ය.

අවුරුදු ගණන් අතහැරලා තිබුණ උත්තරයක් නැතිව කුණුහරුපෙන් බැන බැන හිටපු හන්දි උඩින් දැන් ට්‍රැෆික් නැතිව යන්න පිළීවන. ඒවා වෙනස් කම් නොවේ ය.

ආවොත් කරු පායයි හිරු කියලා රට වටේම අලුතෙන් පොඩි පොඩි ජෙනරේටර් ගෙන්නගෙන පරිසරයත් කාබාසිනියා කරපු ජෙනි වසංගතය අවසන් ‍කර මහා පරිමාණ විදුලි ව්‍යාපෘති දේශීය තාක්ෂණයත් උපරිමව යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීම වැඩක් නොවේ ය.

“ගැමියා බය වෙනසකට ය. වේගයෙන් වන වෙනසකට ය. සෙමින් ගලා යන ඔහුගේ ජීවිතයට වෙනස ගෙනෙන්නේ අනවශ්යස අභියෝගයකි. ඉතින් ඒ වෙනස වළකන්නට සමත් බලවේගය මොන උප්පරවැට්ටියකින් හෝ දිනනු දැකීම ඔහුගේ කැමැත්ත ය. අපේ රටේ වැඩිහරියක් ඉන්නේ ගම්මු ය. ගම්වල පමණක් නොව කොළඹ අවට පදිංචිව සිටියත් ගම්මු ගම්මු ය.”

ඔවු මේ වෙනසට ගම්මු බය ය. තමන්ගේ ගමට කාපට් පාරවල් වැටෙනවාට ගමට විදුලිය ලැබෙනවාට ගමට එන මිනී පෙට්ටි ගාණ යුද්ධය නැති නිසා අඩු වෙනවාට ගම්මු බයය. ඒ ගම්මු වෙනසකට කැමති නැති නිසා ය. මේ අභියෝග අනවශ්ය  වදයකි. ඒවා එපා ය. ඔන්න ඔහේ කරත්තයක් දක්ක ගෙන ඉමු කියා ගම්මු කියති.
කොළඹ අවට පදිංචිව සිටින්නේ ගම්මු ය. ඒ කියන්නේ කොළඹ වටේ සිටින සිංහල බහුතරයක් වෙසෙන ආසන ය. නාගරිකයන් සිටින්නේ මැද  ය. ඒ කියන්නේ බොරැල්ලේ ( වනාතමුල්ලේ ) කුරුඳුවත්තේ හා මුස්ලිම් හා දෙමළ බහුතරයක් වෙසෙන උතුරු දකුණු මැද කොළඹ ආදී පෙදෙස් වල සිටින්නන් පමණක් නාගරිකයන් ය. ඔවුන් ගෙන් සිංහල බහුතරය ජාතිකවාදීන් නොවන අවජාතිකවාදීන් (නූගත් මුඩුක්කු ජනතාව ප්‍රධාන කොට ඇතුළත් නාගරික කොටස්) බව ද අනෙක් කොටස තම අන්ත ජාතීවාදී බව හා විවිධ වරදාන අහිමිවීම් නිසා ආණ්ඩුවට වෛර කරනවුන් බව අප නම් දනිමු. බහිරාමුවා දන්නවා ද දන්නෙ නෑ.

“ගම්මු කියන්නේ රට තොට ගැන වැඩි දැනුමක් නැති උන්නති කාමයක් නැති හෙටක් ගැන එහෙමකට බරපතලව සිතන්නේ නැති අද දවසේ ජීවත්වන නිවි සැනසුනු ජන කොට්ඨාෂයකට ය.
කුමන්ත්රනණයක් වැළැක්වීම මෙතරම් ජව සම්පන්න මන්තරයක් වන්නේත් ඒ සදහා කරන සියලු තුච්ඡ හා නීච කටයුතු මිනිසුන් (ගම්වල හා කොළඹ අවට ගම්වල) විසින් ඉවසා වදාරන්නේත් ඒ නිසා ය.”

මූට එකකට එකක් පරස්පර කරුණු ලියන කොට ඒක හංග ගන්න තේරෙන්නෙ නැති හැටි! ( එක පාරකුත් මම ඒ ගැන පෝස්ට් එකක් දැම්මා. )

මේ කතාවට අනුව කුමන්ත්‍රණ වැළැක්වීම වැදගත් වන්නේ වර්තමානයට නොව අ‍නාගතයට බැව් එක්කෝ ගම්මු දන්නේ නැත. නැත්නම් බහිරාමුවා දන්නේ නැත. මොකද ගම්මු කියන්නේ හෙටක් ගැන එහෙමට නොහිතන ජන කොට්ඨාශයක් බව ය. ඉතින් උන් මොකට ද කුමන්ත්ර ණ වළක්වන්න ඡන්දෙ දෙන්නේ.

(එක කරුණක් අමතකව ගියේ ය. ගම්මුවල ඉන්න සියල්ලෝ ගම්මු නොවෙති. නගරයේ ඉන්නා සියල්ලන් නාගරිකයින්ම නොවන්නාක් මෙනි.)

ඒක ඇත්ත ය. හැංගිලා ඉඳන් කැළැ පත්තර ගහන උන් ගම්වලත් සිටියහ. ‍බ්ලොග් වලත් සිටිති. ප්‍රශ්නය ඇත්තේ මනෝ වෛද්‍යවරයකු ගෙන් ඇහුවාම ය. ගමේ එකාට බොහෝවිට ඇත්තේ සුළු මානසික රෝගයකි. අනෙක් එකාට සමහර විට භින්නෝන්මාදය හැදිලා විය හැකි ය.

‍ “ආණ්ඩුව කරන විගඩම්වලට විරුද්ධව මිනිසුන් නැගිටිනු ඇත්තේ වෙනසක් අවශ්යම යැයි මිනිසුන්ට හගිස්සවන්නට පුලුවන්‍ වෙතොත් එවන් වෙනසක් සදහා උන් තුළම උනන්දුවක් පහළ කරතොත් හා ඒ වෙනස සදහා අනුගමනය කරන මාර්ගය ද වෙනස තරම්ම ශුද්ධ විය යුතු යයි ඒත්තු ගන්වන්නට අප සමත් වෙතොත් පමණ ය.”

මීට වැඩිය ලේසි විදිහක් කියන්නම්. ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු නැගිට්ටවන්න පුළුවන් යථාර්තවාදී නායකයෙක් හොයා ගනිල්ලා. !!! ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වඩා හොඳ එක තෝරා ගන්න තියෙන අයිතිය. උඹලා ඔය හදන්නේ මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරන්න.  ඊට පස්සේ උඹලට ඕන (උඹලටත් නෙවෙයි. උඹලව එවන උඹලට පඩි ගෙවන උන්ට ඕන කරන) එකෙක් පත් කර ගන්න පුලුවන් උඹලට මිනිස්සු ලවා ම. ඕක පරණ උපක්‍රමයක් ලතින් අමෙරිකානු රටවල ක්‍රියාත්මක කරපු. ඒත් මෙහේ මිනිස්සු ඊ‍ට වඩා බුද්ධිමත්. අඩුගානේ උගත්. ඒ නිසා වඩා හොඳ එක මොකක්ද කියලා තෝරගන්න උන් දන්නවා.

උත්තර දෙකක් උඹලට තියෙනවා. එකක් මෙච්චර කල් රනිල් කෙරෙව්වා වගේ තමන්ට අභියෝගයක් වන සියලු දෙනා ඉවත් කිරීම (ගාමිණී, සජිත්, චන්ද්‍රිකා) කළා වගේ මහින්දව ඉවත් කිරීම. අනෙක මහින්දට වඩා හොඳ ආකර්ශණයක් ගොඩනගා ගත හැකි ඒ වගේම තමන්ට ඕන විදිහට නටවන්න හැකි මිනිහෙක් හොයා ගන්න එක. මේකට සජිත් හරියන්නේ නැතිවෙයි. මොකද සජිත් මහින්දටත් වැඩිය හොඳට මහින්දගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව විශ්වාස නිසා. හොඳම වැඩේ කුරුඳුවත්තෙන්ම ඒ වගේ අවජාතිකවාදියෙක් (ලුම්පන් ධනපති නායකයෙක්) හොයා ගන්න එක!

තට්ටු ගෙදර හදනකම් කූඩාරමේ ඉන්න එක වඩා හොඳයි. ඒත් ගහක් යට තෙමි තෙමී ඉඳන් කූඩාරම පෙරළලා දාන්න කතා කරන්න එපා. ඒක ‍ටිකක් ‍‍තෙමුණට ඒක පෙරළලා ගහ යට ඊට ව‍ඩා තෙමෙන්න වෙන බව මිනිස්සුන්ට තේරෙනවා. ඒක මෝඩයි. ඒ වගේම ඕන හරකෙකුට තේරෙනවා. මොන තරම් ලස්සන තර්ක ගෙනාවත් !

වැදගත්ම දේ බහිරාමුවා දැන් දැන් කියවන දේ අනුව ඌට ටික ටික වේගෙන යන දේ මට නම් තේරෙන්න පටන් අරන්. මිනිහෙක් තමන්ගේ බඩවියත වෙනුවෙන් හෘද සාක්ෂිය උකස් තිබ්බට ඒක දිරවාගන්න පුළුවන් සීමාවක් තියෙනවා.

ඒ කරන කියන දේ කොයිතරම් හැංගිලා හිටියත් තමන් කරා ආපසු ‍එන එකත් මේ අවජාතිකවාදියන්ට තේරුම් යන්නෙ නෑ. ඒ නිසා උන් තව තවත් අඳුරට ජරාවට ම ඇදෙනවා.  උන්ගේ මනස් කුණු වෙලා ඕජස් ගලන්න ගන්නවා !!! ඒක ශරීරයෙනුත් පේන්න ගන්නවා. !!! තමන් ටික ටික පිස්සෙක් වේගෙන යන බව ඔහුට නොතේරුණාට අනෙක් අයට තේරුම් යන්න පටන් ගන්නවා. !!!

මේ යථාර්තය තේරුම් ගන්න අපහසුයි. මොකද ඒක මතුපිටට නොපෙනෙන නිසා. නමුත් ඒක තමයි ඇත්ත. ඒක දිනෙන් දින දැකගන්නට හමුවෙයි. බහිරාමුවාගේ ලියුම් කියුම් හරහා.

බලාගෙන ඉන්න. ඔවුන් දවසින් දවස දිරාපත් වන හැටි. කුණු වී ඕජස් ගලන උන්ගේ අධ්‍යාත්මය බහිරාමු‍වාගේ බ්ලොග් සටහන මත ලියැවෙන හැටි … !!!

Blog : http://lankanthoughts.blogspot.com

email : thejan.rathnayake@gmail.com