මට ටික දවසක ඉඳලා හිතට ඇවිත් තිබුණු දෙයක් මේක. ෆොන්ට් නිර්මාණය පිළිබඳ නිසි තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙක් මේ ගැන තමන්ගේ අදහස කියනවානම් හොඳයි කියලයි මම හිතන්නේ.මේ ගැන SBU, Techkatha හෝ සිංහල යුනිකේත grouop එකෙන් අහන්න ඕන කියලා හිතුණත් ප්‍රශ්නය දිග වැඩි වෙයි කියා හිතුණු නිසයි post එකක් දැම්මේ.
යුනිකේත ක්‍රමයට සිංහල හැරවීමේදී ඒ සඳහා භාවිතා කර ඇත්තේ සහමුලින්ම විජේසේකර යතුරු පුවරුවයි. පහසුව තකා කොම්බුව හල් කිරීම ආදී දෑ rendering කර අදාල අක්ෂරයට සුදුසු ඉස්පිල්ල හෝ පාපිල්ල එන අයුරින් යෙදීම සිදුකර තිබුණත් එය ඒ තරම් විශාල තාක්ෂණික හරඹයක් නොවෙයි. නමුත් තවමත් එහි නිරවද්යම භාවය හා compatibility පිළිබඳ තවමත් ගැටලු තිබෙනවා.
මගේ ගැටලුව වන්නේ අපට සිංහල අකුරු assign කරන්න keyboard එකේ ඕනෑම යතුරක් පහසුවෙන් යොදා ගත හැකි වුවත් පරණ විජේසේකර සම්ප්රsදාය අනුව යමින් සමහර යතුරු ඒ අකාරයට භාවිතා කිරීම හේතුවෙන් ඇතිවන ගැටලු පිළිබඳවයි.
උදා : -
; —–ත :—- ථ
‘ —– . ” —– ,
, —- ල < —– ළ
. —- ග > —– ඝ
ලංකාවේ භාවිතා වන්නේ English – US යතුරු පුවරුව බැවිනුත් දැනටමත් ඉංග්‍රීසියෙන් keyboard භාවිතා කරන සියලු දෙනාම පාහේ පුරුදු ව ඇත්තේ මේ යතුරු පුවරුවට බැවින් ඉහත විරාම ලක්ෂණ වෙනස් කොට යෙදීම නුවුවමනා සහා නොසැලකිලිමත් වැරැද්දක් බව මගේ හැඟිමයි.
තවද අන්තර් ජාල භාවිතයේදී මෙය කෙසේ යෙදෙනවාදැයි ගැටලුවක්ද මට තිබෙනවා.
උදාහරණයක් වශයෙන් බ්ලොග් සටහනක් අපි යුනිකේත භාවිතයෙන් tag කිරීමේදී (delicious වැනි සේවාවක් භාවිතයෙන්) English නම් කෙළින්ම comma යොදමින් එය කිරිමේ හැකියාව තියෙනවා. (windows live writer වැනි යෙදුමක් හරහා tag කිරීමේදී ) නමුත් සිංහල tags යෙදීමේදී මා යොදාගත්තේ enlglish keyboard එකේ comma එකයි. සිංහල keyboard comma එක මෙතනදී tag separator විදිහට සාර්ථක දැයි මට සැකයක් ඇති නිසයි ඒ.
මේ හේතූන් නිසා මට හිතෙන්නේ අපි සිංහල යුනිකේත වලදීත් හැකි උපරිම වශයෙන් (100%ක් එලෙස කිරීම අපහසු විය හැකියි.) US – English keyboard එක අනුගමනය කරමින් අඩුම තරමින් මූලික විරාම ලක්ෂණ ටිකවත් එලෙසම තැබීම යුනිකේත භාවිතය වඩා පහසු මෙන්ම ඵලදායි කරවන්නක් බවයි.
කොටින්ම අපි සිංහල Unicode compatible font එකක් හදන කොට මේ විරාම ලක්ෂණ වල සාමාන්යැ ASCII (හෝ අනන්යල යුනිකේත) code එක යෙදීම ප්රාකයෝගික නැද්ද කියා දැන ගැනීමත් මෙහිදී වැදගත්.