මේ ඇරඹුනේ සුද්දාගේ කැලැන්ඩරේ හැටියට ක්‍රිස්තු වර්ෂ 2010 වන අවුරුද්දයි. ඔක්කොටම කලින් ලබාපු අළුත් අවුරුද්ද සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. අලුත් දශකයක් මේ විදිහට ආරම්භ වීම සාමාන්‍ය දෙයක් වුණත් මට හිතෙන්නේ මේ නිදහසින් පසු අපේ රටට එළඹුණු වැදගත්ම දශකය කියලයි. තිස් අවුරුද්දක යුද්ධය ජයග්‍රාහී අයුරින් අවසන් කොට එළඹෙන ප්‍රථම අවුරුද්ද නව දශකයක් ආරම්භ කරන්නක් වීම වඩාත් නැවුම් ඇරඹුමකින් යුක්ත යුගයක් කරා ගමන් කරන එකක් විය යුතු බවයි මගේ අදහස.
ඒත් මේ අවුරුද්ද ආරම්භයේදී අපට අතිශයින් වැදගත් වූ ඒ කාරණාව යටපත් වී කෙහෙල්මල් ඡන්දයකට කේන්ද්‍රගත වී තිබීම නම් කණගාටුවට කරුණක්. ජනාධිපති මහින්ද රාජපක්ෂත් තමන් යටතේ සිටි ජුදාස් හඳුනා ගැනීමට කල් ගත වීම අද ශ්‍රී ලංකාව පත්ව ඇති අවාසනාවන්ත ඉරණම නැවත මතක් කරදෙනවා.
ඒ අපි ඉතිහාසගත මෝඩයින් බව නැවත ඔප්පු කරවන අවස්ථාවක් මේ ජනාධිපතිවරණය තුළින් පහළ වීම නිසයි.
මෙය සිංහලයන් බහුතරයකට (විශේෂයෙන් ඉහළ පාන්තික කොටස් වලට) තිබෙන නිධන්ගත රෝගයක් වැනියි. අපට කොහොමත් කොයිතරම් හොඳ වුණත් යමක් හෝ යමකු සඳහා තිබෙන ආශාව, පිළිගැනීම තියෙන්නේ ඉතා කෙටි කාලයයි. වැඩි දවසක් යන්නට කලින් අපට එහි / ඔවුන්ගේ අඩුපාඩු පෙනෙන්නට පටන් ගන්නවා. (මෙයට හේතුව සිංහලයන්ගේ ඇති අතිශයින් සෘණාත්මක මානසිකත්වය බව මගේ හැඟීමයි).
එය විටෙක තම පෙම්වතිය හෝ බිරිඳ පිළිබඳ විය හැකියි. නැතිනම් තමන්ගේ රැකියාව හෝ රැකියා ස්ථානය විය හැකියි. නැතිනම් ඉන් ඔබ්බට රටේ පාලකයා ගැනත් විය හැකියි.
මේක අද ඊයේ ඇති වෙච්ච ව්යාැධියකුත් නොවෙයි මම හිතන්නේ.
අපේ රජවරු අපට හොඳ මදි වීම කෙළවර වුණේ ඉන්දියානු නායක්කර් වංශිකයන් සිංහල රටේ බුද්ධාගමත් ජාතියත් ආරක්ෂකයින් ලෙස පත් කර ගන්නට අපට සිද්ධ වීම තුළිනුයි. මේකෙන් වුණේ රට තවත් අස්ථාවර වුණ එකයි. ඊ ළඟට අපට ඔවුන්වත් හොඳ මදි වුණා පෘතුගීසින්ආවට පස්සේ. ඒකෙන් අපට හොඳම එකෙන් කන්න ලැබුණා කියලා කවුරුත් දන්නවනේ.
ලන්දේසීන් මේ දුර්වලකම මැනවින් දැනගෙන පෘතුගීසින් අබිබවා තම බලය අප රට තුළ තහවුරු කර ගත්තා. ඊ ළඟට ඔවුන්ව එපා වුණාම අපට බ්රිඅතාන්යපයන් ඊට වැඩිය හොඳයි කියා හිතුණා. අන්තිමට මුළු රටම එංගලන්ත යටත් විජිතයක් වන තත්ත්වයට අපි අපිව පත් කර ගත්තා. අන්තිමට ඉඟුරු දීලා මිරිස් ගත්තා කියලා අවුරුදු ගාණක් කෙඳිරි ගගා සුද්දන්ගේ වහල් කම් කරන්නත් අපට සිද්ධ වුණා.
නිදහසින් පස්සෙත් මේ කාරණයේ වෙනසක් සිද්ධ වුණේ නෑ. අපට හැම වෙලාවෙම ඉන්න එකාට වැඩිය එන්න ඉන්න එකා හොඳයි. අපි ඌ ගැන මෙලෝ දෙයක් දන්නේ නැති වුණත් අපට ඒක ප්රවශ්නයක් නෙවෙයි. ඌ ඇවිල්ලා අපට හොඳම එකෙන් දෙන කොට තමයි අපිට හිතෙන්නේ කලින් එකා හිටියනම් දාහෙන් සම්පතයි කියලා. අවුරුදු ගාණක් තිස්සේ එක දේශපාලන පක්ෂයකට වත් හරි ස්ථාවරයක් ගොඩනගාගෙන රට දියුණු කරන්න බැරි වුණේ ඒ නිසා කියලයි මට හිතෙන්නේ.
දේශපාලන පක්ෂත් මේ නිසා කෙටි කාලීන වාසි තකා රටේ අනාගතය බිල්ලට දෙන තීන්දු වලට ගියේ අපේ රටේ මිනිස්සුන්ගේ හැටි දන්න නිසයි. දේශපාලන වේදිකා වල තොරම්බල් කරන පොරොන්දු වලට ආණ්ඩු පෙරලුණේ වරක් දෙවරක් නොවෙයි.
අපි තාමත් පාඩමක් ඉගෙන ගෙන නෑ. ඒ නිසා මේ සැරෙත් ඒ වගේ පොරොන්දු කිලෝ ගාණට sale දානවා. රජයේ සේවකයන්ට රු 10,000/- කින් පඩි වැඩි කරනවලු. තව තව පොරොන්දු එලෝ කෝටියක් ඒවි ඉස්සරහට.
ඒත් මේ පාර නම් සෙල්ලම් කරන්නේ රට ඉතාම වැදගත් සංධිස්ථානයකට ඇවිත් ඉන්න වෙලාවකයි.
පරණ ගොංකම් සිංහල මිනිස්සු ආපහු කළොත් ඒකෙන් විඳවන්න වෙන්නෙත් අපටමයි කියන එකනම් මට ඉරහඳ වගේ sure.
හැබැයි ඒ ගොංකම නොකළොත් ඒකෙන් කියවෙන්නේ අපි ජාතියක් වශයෙන් අවුරුදු 500කටත් එහා ගිය ව්යායධියක් සුව කරගෙන ඇති බවයි.
හොඳයි බලමු. මිනිස්සුන්ට ආපස්සට කණගාටු නොවෙන පසුතැවිලි නොවෙන තීන්දුවක් ගන්නට බුද්ධිය පහළ වේවා කියලා මම මේ අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනා කරනවා.