අලුත් අවුරුද්දේ මගේ ප්‍රාර්ථනාව

මේ ඇරඹුනේ සුද්දාගේ කැලැන්ඩරේ හැටියට ක්‍රිස්තු වර්ෂ 2010 වන අවුරුද්දයි. ‍ඔක්කොටම කලින් ලබාපු අළුත් අවුරුද්ද සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. අලුත් දශකයක් මේ විදිහට ආරම්භ වීම සාමාන්‍ය දෙයක් වුණත් මට හිතෙන්නේ මේ නිදහසින් පසු අපේ රටට එළඹුණු වැදගත්ම දශකය කියලයි. තිස් අවුරුද්දක යුද්ධය ජයග්‍රාහී අයුරින් අවසන් කොට එළඹෙන ප්‍රථම අවුරුද්ද නව දශකයක් ආරම්භ කරන්නක් වීම වඩාත් නැවුම් ඇරඹුමකින් යුක්ත යුගයක් කරා ගමන් කරන එකක් විය යුතු බවයි මගේ අදහස.

ඒත් මේ අවුරුද්ද ආරම්භයේදී අපට අතිශයින් වැදගත් වූ ඒ කාරණාව යටපත් වී කෙහෙල්මල් ඡන්දයකට කේන්ද්‍රගත වී තිබීම නම් කණගාටුවට කරුණක්. ජනාධිපති මහින්ද රාජපක්ෂත් තමන් යටතේ සිටි ජුදාස් හඳුනා ගැනීමට කල් ගත වීම අද ශ්‍රී ලංකාව පත්ව ඇති අවාසනාවන්ත ඉරණම නැවත මතක් කරදෙනවා.

ඒ අපි ඉතිහාසගත මෝඩයින් බව නැවත ඔප්පු කරවන අවස්ථාවක් මේ ජනාධිපතිවරණ‍ය තුළින් පහළ වීම නිසයි.

මෙය සිංහලයන් බහුතරයකට (වි‍ශේෂයෙන් ඉහළ පාන්තික කොටස් වලට) තිබෙන නිධන්ගත රෝගයක් වැනියි. අපට කොහොමත් කොයිතරම් හොඳ වුණත් යමක් හෝ යමකු සඳහා තිබෙන ආශාව, පිළිගැනීම තියෙන්නේ ඉතා කෙටි කාලයයි. වැඩි දවසක් යන්නට කලින් අපට එහි / ඔවුන්ගේ අඩුපාඩු පෙනෙන්නට පටන් ගන්නවා. (මෙයට හේතුව සිංහල‍යන්ගේ ඇති අතිශයින් සෘණාත්මක මානසිකත්වය බව මගේ හැඟීමයි).

එය විටෙක තම පෙම්වතිය හෝ බිරිඳ පිළිබඳ විය හැකියි. නැතිනම් තමන්ගේ රැකියාව හෝ රැකියා ස්ථානය විය හැකියි. නැතිනම් ඉන් ඔබ්බට රටේ පාලකයා ගැනත් විය හැකියි.

මේක අද ඊයේ ඇති වෙච්ච ව්යාැධියකුත් නොවෙයි මම හිතන්නේ.

අපේ රජවරු අපට හොඳ මදි වීම කෙළවර වුණේ ඉන්දියානු නායක්කර් වංශිකයන් සිංහල ර‍ටේ බුද්ධාගමත් ජාතියත් ආරක්ෂකයින් ලෙස පත් කර ගන්නට අපට සිද්ධ වීම තුළිනුයි. මේකෙන් වුණේ රට තවත් අස්ථාවර වුණ එකයි. ඊ ළඟට අප‍ට ඔවුන්වත් හොඳ මදි වුණා පෘතුගීසින්ආවට පස්සේ. ඒකෙන් අපට ‍හොඳම එකෙන් කන්න ලැබුණා කියලා කවුරුත් දන්නව‍නේ.

ලන්දේසීන් මේ දුර්වලකම මැනවින් දැනගෙන පෘතුගීසින් අබිබවා තම බලය අප රට තුළ තහවුරු කර ගත්තා. ඊ ළඟට ඔවුන්ව එපා වුණාම අපට බ්රිඅතාන්යපයන් ඊට වැ‍ඩිය හොඳයි කියා හිතුණා. අන්තිමට මුළු රටම එංගලන්ත යටත් විජිතයක් වන තත්ත්වයට අපි අපිව පත් කර ගත්තා. අන්තිමට ඉඟුරු දීලා මිරිස් ගත්තා කියලා අවුරුදු ගාණක් කෙඳිරි ගගා සුද්දන්ගේ වහල් කම් කරන්නත් අපට සිද්ධ වුණා.

නිදහසින් පස්සෙත් මේ කාරණයේ වෙනසක් සිද්ධ වුණේ නෑ. අපට හැම වෙලාවෙම ඉන්න එකාට වැඩිය එන්න ඉන්න එකා හොඳයි. අපි ඌ ගැන මෙලෝ දෙයක් දන්නේ නැති වුණත් අපට ඒක ප්රවශ්නයක් නෙවෙයි. ඌ ඇවිල්ලා අපට හොඳම එකෙන් දෙන කොට තමයි අපිට හිතෙන්නේ කලින් එකා හිටියනම් දාහෙන් සම්පතයි කියලා. අවුරුදු ගාණක් තිස්සේ එක දේශපාලන පක්ෂයකට වත් හරි ස්ථාවරයක් ගොඩනගාගෙන රට දියුණු කරන්න බැරි වුණේ ඒ නිසා කියලයි මට හිතෙන්නේ.

දේශපාලන පක්ෂත් මේ නිසා කෙටි කාලීන වාසි තකා රටේ අනාගතය බිල්ලට දෙන තීන්දු වලට ගියේ අපේ රටේ මිනිස්සුන්ගේ හැටි දන්න නිසයි. දේශපාලන වේදිකා වල තොරම්බල් කරන ‍පොරොන්දු වලට ආණ්ඩු පෙරලුණේ වරක් දෙවරක් නොවෙයි.

අ‍පි තාමත් ‍පාඩමක් ඉගෙන ගෙන නෑ. ඒ නිසා මේ සැරෙත් ඒ වගේ ‍පොරොන්දු කිලෝ ගාණට sale දානවා. රජයේ සේවකයන්ට රු 10,000/- කින් පඩි වැඩි කරනවලු. තව තව පොරොන්දු එලෝ කෝටියක් ඒවි ඉස්සරහට.

ඒත් මේ පාර නම් සෙල්ලම් කරන්නේ රට ඉතාම වැදගත් සංධිස්ථානයකට ඇවිත් ඉන්න වෙලාවකයි.

‍පරණ ගොංකම් සිංහල මිනිස්සු ආපහු කළොත් ඒකෙන් විඳවන්න වෙන්නෙත් අපටමයි කියන එකනම් මට ඉරහඳ වගේ sure.

හැබැයි ඒ ගොංකම නොකළොත් ඒකෙන් කියවෙන්නේ අපි ජාතියක් වශයෙන් අවුරුදු 500කටත් එහා ගිය ව්යායධියක් සුව කරගෙන ඇති බවයි.

හොඳයි බලමු. මිනිස්සුන්ට ආපස්සට කණගාටු නොවෙන පසුතැවිලි නොවෙන තීන්දුවක් ගන්නට බුද්ධිය පහළ වේවා කියලා මම මේ අලුත් අවු‍රුද්දේ ප්‍රාර්ථනා කරනවා.

දෙමාපියණි, ඔබේ දියණියන් ප්‍රවේසම් කරගන්න.

del.icio.us Tags:

මේ පුංචි පණිවිඩය දියණියන් සිටින අම්මාවරුන්ට හා පියවරුන්ටයි.

රුබෙල්ලා එන්නත ලබා දීමෙන් ඇතිවන අසාත්මිකතාවයන් හා ඒ ආශ්‍රිත සංකූලතාවයන් නිසා මේ වන විට යොවුන් දැරියන් කීප දෙනෙකු අසාධ්‍යව  රෝහල් ගත එම දැරියන්ගෙන් කීප දෙනෙකු මිය ගිය බව දැන් ප්‍රසිද්ධ කාරණයක්. මෙවර මේ සිද්ධිය වාර්තා වුණේ දෙවෙනි වතාවට.

මේ එන්නත නිසා අකාලයේ මිය ගිය දැරියන් ගැන සිතා ඔබේ දියණියට එන්නත ලබා දීමේ දී දෙවරක් සිතන්න.

මගේ පුද්ගලික අදහස නම් එය ලබා නොදුන්නා කමක් නැති බවයි.

හැකි කාලයක තමන් ගේ මුදලින් මෙය අරන් දෙන්නට හැකිනම් හොඳයි.

නැතිම වුණත් කමක් නෑ.

එන්නතක් තුළින් රෝගයක් වළක්වන එක හොඳයි.

ඒත් මේ එන්නත තුළින් වෙන්නේ ඒ දැරියන් ගැබ් ගත් විට කළලයට රුබෙල්ලා වෛරසය ආසාත්මික වීම වළක්වන එක අරමුණු කරගෙනයි.

ඒත් ඒකට මේ දැරියන් ජීවත්ව සිටිය යුතුයි නේ.

ඉතින් මේ ආයාචනය බළධාරීන්ට නොවෙයි (උන්ට කියලා වැඩක් නෑ) .

දෙමාපිය ඔබටයි.

සිතා බලන්න.

මෙදා පාරවත් වැඩේ හරියයි ද ?

පුවත දිවයින පත්තරෙන් උපුටා ගත්ත එකක්.

ඖෂධීය නාමයෙන් රෝගීන්ට බෙහෙත් නිකුත් කිරීමේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අනිද්දා මන්ත්‍රීවරුන්ට
අජිත් අලහකෝන්

වෛද්‍යවරුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලද ඖෂධීය නාමයෙන් රෝගීන්ට බෙහෙත් වට්‌ටෝරු නිකුත් කිරීමේ ක්‍රමවේදය ද ඇතුළත් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අනිද්දා (08 දා) පාර්ලිමේන්තුවේදී සියලු මන්ත්‍රීවරුන් අතට පත්කෙරේ.
ඖෂධීය නාමයෙන් රෝගීන්ට බෙහෙත් නියම කිරීමේ ක්‍රමවේදයට මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබුණහොත් කවුරු විරුද්ධ වුවත් ලබන වසරේ සිට අනිවාර්යයෙන්ම එය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි සෞඛ්‍ය ආරක්‍ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා “දිවයින” ට කීය. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුකූලව සකස්‌ කළ ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අනුව රෝගීන්ට ඖෂධ නිර්දේශ කරද්දී එම බෙහෙත් වර්ගයේ නිෂ්පාදන නාමයෙන් නොව ඖෂධීය නාමයෙන් නිකුත් කළයුතු බව දන්වා ඇත. එහෙත් පසුගිය කාලයේ මෙය ක්‍රියාත්මක කිරීමට සූදානම් වුවද වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධතාව මත එම තීරණය ඉවත් කළ බව නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය වසර පහෙන් පහට යථාවත් කළ යුතු බව ද අවසන් වරට එය 2005 වසරේදී යථාවත් කළ පසු මීළඟ වසර පහ සඳහා මෙම අටවැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා කීවේය.
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සඳහා තවදුරටත් එක්‌ කළ යුතු කරුණු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළහොත් ඒවාද ඊට එක්‌කරන බව කී සෞඛ්‍ය ඇමැතිවරයා නොවැම්බර් 01 දා වන විට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ විද්වත් කමිටුව හමුවේ මහජනතාවට ද කරුණු ඉදිරිපත් කිරීමට අවස්‌ථාව ලබාදෙන බව කීවේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් සහ වෛද්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් මෙම විද්වත් කමිටුව සමන්විත වන බව ද හෙතෙම කීය.

http://www.divaina.com/2009/10/06/news01.html

හැමදාමත් බාලගිරි දෝෂය වැළඳිලා තිබුණු ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ඕන්න එන්න යනවලු ආයෙමත් නිමල් සිරිපාල ඇමතිවර‍යාගේ ප්‍රධානත්වයෙන් …

මේක කොයිතරම් සාධාරණ වුණත් මේ තරම් කල් මේ වැඩේ කරන්න බැරිවෙන්න ප්‍රධාන හේතුව අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුණු වෛද්‍ය වේශයෙන් ඉන්නා බිස්නස් කාරයෝ ටික තමයි. කොයි තරම් විශ්ව විද්‍යාල කාගේ නිදහස් අධ්‍යාපනය සුරකින්න වළි කෑවත් (ඒකත් වෛද්‍ය විද්‍යාල පුද්ගලික අංශයෙන් බිහිවෙන කොට විතරයි. අනෙක් ‍‍‍ක්ෂෙ‍ත්‍රයන්ට හෙණ ගැහුවත් කමක් නෑ.) කවදාවත් මේ නිදහස් සෞඛ්‍ය සේවයත්, ඒ වගේම පොදුවේ සියලුම රෝගීන්ගේ අයිතිවාසිකම් ආර‍‍‍‍‍ක්ෂා වෙන ප්‍රතිපත්තියක් සකස් කරනවාට වැ‍ඩියෙන්ම විරුද්ධ වෙන්නෙත් දොස්-තර ලාම තමයි.

නිමල් සිරිපාල නීතිඥයෙක් නිසාම වෛද්‍යවරුන්ගේ ගැටලුව තේරුම් ගැනීමේ හැකියාවත් ඔවුන් සමඟ තර්ක කිරීමේ හැකියාවත් රටේ ජනතාවගේ උන්නතිය සඳහා භාවිතා කරන්නට ඔහුට හැකිවී ඇති බව නම් පෙනේ. මෙතනට තවත් වෛද්‍යවරයෙක් ආවත් ඔය වැ‍ඩේ නිමල් ට වඩා හොඳට කරනු ඇතැයි මා නම් සිතන්නේ නැත.

මේ හැම දේකම මූලිකම හේතුව දොස්තරලාට බහුජාතික ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් ලබාදෙන විවිධ වූ නීත්‍යානුකූල නොවන වරප්‍රසාද වලට ඔවුනගේ ඇති ගිජු කමයි. විදේශ සවාරියක්, ලැප්ටොප් එකක්, සමහර විට එයටත් වඩා ඉතා කුඩා පරිමාණයේ අල්ලසකට ලංකාවේ උසස් අධ්‍යාපනයෙන් බිහිවු spirit එක හරියට A/L වත් නැති medical representative ලාගේ ගැට වලට අහුවෙන හැටි. ඒ අහුවෙලා කෙළවරක් නැතිව ඒ ඒ සමාගම් වලින් දෙන ඖෂධ රෝගීන්ට අධික මිළ ගණන් යටතේ මිළදී ගැනීමට සලස්වන හැටි.

ලංකාවේ වෛද්‍ය විද්‍යාල වලින් පිටවන දොස්-තරලා එහෙම වුණාට මම පුද්ගලිකව දන්න සමහර රුසියන් (‍බොහෝ විට ලුමුම්බා සරසවියට ගිය) වෛද්‍යවරු ඉන්නවා නිතරම SPC (SPMC) වෙළඳ නාමය භාවිතා කරන. මේක කරන්නේ ඔවුන් ලබා තිබෙන සමාජවාදී ආභාෂය නිසාද කියලා මම දන්නේ නෑ.

මේ ආර්ථික ක්‍රමය ඇතුලේ මිනිස්සුන්ගේ වටිනාමකම් හීන වෙලා ගිහිල්ලා. දොස්තරලාටත් ඒකෙන් ගැළවීමක් නෑ. අපි කළ යුත්තේ හොඳ නීති රාමුවක් හදලා පොදු ජනතාව ආරක්ෂා කරන එකයි.

නැතුව පිනටම ඉගෙන ගෙන ආණ්ඩුවේ ඉස්පිරිතාලේ තමන්ගේ වාට්ටුවට තමන් ගේම channel centre එකෙන් ආපු ‍රෝගීන්ව වැඩි හොඳට බලන permit එකට වාහන අරන් (පුලුවන්‍වුණොත් ඒකත් හොරෙන් විකුණලා කීයක් හරි හොයා ගන්න දඟලන) ආණ්ඩුවේ ඉස්පිරිතාලේ off එකටත් කලින් channel centre එකට දුවන්න හදන හොර දොස-තරලා කියන දේ අහලා මේ වැඩේ කරන්න බෑ.

සෞඛ්‍ය ඇමතිගේ කොන්දෙ තරමත් බලන්න පුලුවන් හොඳ තැනක් මේක. හැබැයි සේනක බිබිලේට වුණු දේම නිමල් සිරිපාලටත් නොවේවා කියා ප්‍රාර්ථනා කරමු.

Follow

Get every new post delivered to your Inbox.