Portable Drive එකක් විදිහට use කරන්න පුලුවන් කියලා හුඟක් අය දන්නවනේ. මේ ගැන මමත් කලින් post එකක් දාලා තියෙනවා. ඒ වුණාට අපි හුඟක් වෙලාවට මේකේ තියෙන උපරිම ප්‍රයෝජනය ගන්නේ නෑ.
ළඟදී දවසක මම මේ ගැන පොඩ්ඩක් හොයලා බලලා මගේ Pen එක Portable Application Drive එකක් කළා.
මේ මම Pen එකට කරපු දේවල්. ඔබත් අත්හදා බලන්න.
මම use කළේ CodySafe කියලා software එකක් Portable Application Manager විදිහට. මේක free වගේම හොඳ finish එකකුත් තියෙන software එකක්.
- මේ සඳහා ප්‍රසිද්ධ software එක වුණ PortableApps භාවිතා නොකළේ ඒක ඒ තරම් පහසු එකක් නොවන නිසා. ඒකෙන් installation කරන්න නම් PortableApps Compatible Software හොයාගන්න ඕන. ඒත් ඒක වෙලාවකට මහ කරදරයක්. අනෙක් පුශ්නය un-installation කරන්න විදිහක් නැති වීම.
- CodySafe 100% PortableApps Compatible Software එකක්. මේ නිසා ඒ applications වුණත් පහසුවෙන් install කරගැනීමේ හැකියාව තියෙනවා.
- මේක හුඟක් සරළයි ඒ වගේම කරදර අඩුයි. මම මගේ drive එකේ snaps ටිකක් දාන්නම් පහසුවෙන්නත් එක්ක.
මම install කරපු Applications.
- Firefox Portable – Broswer – (සිංහල FF portable එක තාම try කරන්න බැරිවුණා. ඒකත් බලන්න ඕන.)
- Chrome Portable – Broswer
- Keepass Portable – Password Manager
- Pidgin Portable – All in One Messenger
- Live Writer Portable – Portable Blog Writer
- EssentialPIM – Contact information Manager
- GnuCash Portable – Personal Finance Manager
- Adobe Reader Portable – Portable PDF Reader
- Toucan – Synchronization tool
මේ හැම එකක්ම free software. තව මම වැදගත් කියලා හිතෙන් software ටිකක් තියෙනවා.ඒවත් දාන්නම් කැමති අයට ප්‍රයෝජනවත් වෙන්න.
- Open Office Portable
- Cool Player
- Clamwin free antivirus portable
මේ links ටිකත් බලන්න.
http://en.wikipedia.org/wiki/List_of_portable_software